යුක්රේන සන්නද්ධ බලකා විසින් රුසියානු පාලනය යටතේ පවතින යුක්රේන බලප්‍රදේශවල උපායමාර්ගික ඉලක්ක වෙත නවතම දුරදිග යන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බ...
යුක්රේන සන්නද්ධ බලකා විසින් රුසියානු පාලනය යටතේ පවතින යුක්රේන බලප්‍රදේශවල උපායමාර්ගික ඉලක්ක වෙත නවතම දුරදිග යන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපති සෙලෙන්ස්කි පෙන්වා දෙන පරිදි, යුක්රේන සීමාවේ සිට කිලෝමීටර් 700කට වඩා ඈතින් පිහිටි රුසියාවේ යාරොස්ලාව් කලාපයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් වෙත යුක්රේන බලඇණි ප්‍රහාර එල්ල කර ඇත. ඊට අමතරව, පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයට සෘජුවම සම්බන්ධ රුසියාවේ ටූලා කලාපයේ පිහිටි කාර්මික කම්හල ද යුක්රේන ප්‍රහාරයන්ගේ ඉලක්කයක් වී තිබේ.
මෙම ගුවන් ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ගුවන් තොටුපළවල් 6ක ගුවන් ගමන් සීමා කිරීමට රුසියානු බලධාරීන්ට සිදුව ඇති අතර, රුසියානු කලාප 28ක් පුරා ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ද පියවර ගෙන තිබේ. මීට අමතරව රුසියානු පාලනය යටතේ පවතින යුක්රේන බලප්‍රදේශවල ස්ථාපිත කර ඇති රුසියානු හමුදා සැපයුම් ජාලයන් ඉලක්ක කර ගනිමින් ද අතිරේක ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
මොස්කව් පාලනය යුද්ධය නැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ රුසියාවේ යුද යාන්ත්‍රණයට ශක්තියක් වන මෙවැනි ආර්ථික හා මිලිටරි යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම හැර වෙනත් විකල්පයක් යුක්රේනයට නොමැති බව පවසන කියෙව් පාලනය, මෙම ප්‍රහාර සිය දුරදිග යන යුද උපායමාර්ගික මෙහෙයුම්වල තවත් එක් පියවරක් බව අවධාරණය කරයි.

COMMENTS