දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

2018/2019 කාලයේදී පිල්ලෙයාන් හමු වූ බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ පිළිගනිියි

රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, අප රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දී...

රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, අප රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.

ඔහු මේ සටහන තබා ඇත්තේ පිල්ලෙයාන් මහතාව බැලීමට ගියා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් බවට මාධ්‍ය මගින් දැනගත් පසු එයට පිළිතුරු දෙමිනි.ඔහුගේ X පණිවිඩය පහත පරිදි වේ.

2018/19 කාලසීමාවේදී ටී. එම්.වී.පී. (TMVP) පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් බන්ධනාගාරගතව සිටි සමයේ මා ඔහුව බැලීමට ගිය බව රහසක් නොවේ. ඇත්ත වශයෙන්ම, මාගේ එම පැමිණීම් පිළිබඳ බන්ධනාගාර වාර්තා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාගත හැකිව පවතී. එම වකවානුව වන විට, ඔහු 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයටද තරඟ කරමින් අපගේ සන්ධානයේ පාර්ශවකරුවකුව සිටියේය.

දැනගන්නට ලැබී ඇති පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ප්‍රංශය දක්වාම ගමන් කොට ඇත. පැහැදිලිවම මෙමඟින් රජයේ ප්‍රමුඛතාවයන් පිළිබඳව බරපතල ගැටළු මතු කරවයි. නිලධාරීන් මෙතරම් විශාල දුරක් ගමන් කළේ මා පිල්ලෙයාන් හමුවීමට ගිය බව තහවුරු කර ගැනීමට පමණක් නම්, එය පැහැදිලිවම මහජන මුදල් නාස්ති කිරීමකි. මා දන්නා තරමින්, මේ වන විට පිල්ලෙයාන්ව රැඳවුම් භාරයේ තබාගෙන සිටින්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් නොවේ. එසේ නම්, රජය මේ ආකාරයේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සැබවින්ම ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ කා හටද?

ජාතික ජන බලවේගය (NPP) විසින්ද විවිධ අවස්ථාවලදී පාස්කු ප්‍රහාරය පිළිබඳව විවිධ කතාන්දර සමාජගත කර ඇත. රජය දැන් මෙම ඛේදවාචකය දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා යොදා ගැනීමට උත්සාහ කරන්නේ නම්, තවමත් සැබෑ පිළිතුරු සහ සාධාරණය අපේක්ෂාවෙන් සිටින වින්දිතයින්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණයක් ලෙස එය සැලකිය හැක.

ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට අප සැමවිටම සූදානම්ව සිටින අතර, පවතින ඕනෑම සැකයක් විවෘතව සහ විනිවිදභාවයකින් යුතුව නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපගේ උපරිම සහයෝගය ලබා දෙන්නෙමු. රජය විසින් කළ යුතුව ඇත්තේ , දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, අප රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීමයි.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30249,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2018/2019 කාලයේදී පිල්ලෙයාන් හමු වූ බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ පිළිගනිියි
2018/2019 කාලයේදී පිල්ලෙයාන් හමු වූ බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ පිළිගනිියි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEia9YM4hriElzdI-5ZlD_zlqVyV8OKHd26J4ESvv439A2Svsa1JzBZhyJg3g2iP7rHU-zBmEk05-31vNoAHTio-VvSdwH2oIg_dh2XRCc2HKhqSrdAJlAj16cqnvPs3rBU-9_G7dZH5LrlU_U_DOjRngH14wgtglrPRqi6FJBxOos3QJiq0cEcIu2csp-_1/s320/namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEia9YM4hriElzdI-5ZlD_zlqVyV8OKHd26J4ESvv439A2Svsa1JzBZhyJg3g2iP7rHU-zBmEk05-31vNoAHTio-VvSdwH2oIg_dh2XRCc2HKhqSrdAJlAj16cqnvPs3rBU-9_G7dZH5LrlU_U_DOjRngH14wgtglrPRqi6FJBxOos3QJiq0cEcIu2csp-_1/s72-c/namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/05/20182019.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/05/20182019.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy