දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මාලිමාවේ 12ක් ඉල්ලා අස්වෙන්න ලියුම් දීලා..

වත්මන් රජයට රට පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් ඔවුන් නුදුරේදීම රට භාර දෙනු ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්...

වත්මන් රජයට රට පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් ඔවුන් නුදුරේදීම රට භාර දෙනු ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා අනාවැකියක් පළ කරයි. රජය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය මෙන්ම ජාත්‍යන්තර විශ්වාසයද බිඳ වැටී ඇති බවත්, රටේ ආර්ථිකය දැඩි අගාධයකට ඇද දමා ඇති බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ජාතික ජන බලවේගය තුළ මේ වන විට බරපතල අර්බුදයක් හටගෙන ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, ඒ පක්ෂයේ සාමාජිකයන් 12 දෙනෙකු දැනටමත් සිය අස්වීමේ ලිපි ලබා දී ඇති බවත් එම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බවත් අනාවරණය කළේය. 

පක්ෂය තුළ සිටින උගත් කණ්ඩායම්වල හඬට ඉඩක් නොලැබෙන බවත්, සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ දහපාලොස් දෙනෙකුගෙන් යුත් සන්නද්ධ අතීතයක් සහිත පිරිසක් විසින් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

 රටේ ආර්ථික කළමනාකරණය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, දකුණු ආසියාවේ නොව සමස්ත ආසියාවේම රුපියල ශීඝ්‍රයෙන් කඩා වැටුණු පළමු රට බවට ලංකාව පත්ව ඇති බව සඳහන් කළේය. 

රජය විසින්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමමින් කළු කඩයක් නිර්මාණය කර ඇති බවත්, පෞද්ගලික අංශයද ඒ හරහා අසාධාරණ ලෙස ලාභ ලබන බවත් ඔහු පැවසීය.

වාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගත් තීරණ දැඩි ලෙස විවේචනය කළ විතාන මහතා, අයවැයට පෙර වාහන බදු පිළිබඳ රහස් තොරතුරු ව්‍යාපාරිකයන් වෙත ලබා දී ඇති බවට චෝදනා කළේය. ඒ හරහා ඇතැම් ව්‍යාපාරිකයන් බදු වැඩි වීමට පෙර ණයවර ලිපි (LC) විවෘත කර වාහන දහස් ගණනක් ගෙන්වා අයුතු ලාභ ලැබීමට කටයුතු කර ඇති බවත්, මේ සඳහා රජයේ ප්‍රධානීන්ගේ සම්බන්ධයක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හමුවේ ජනතාව තුළ දේශපාලකයන් කෙරෙහි දැඩි වෛරයක් නිර්මාණය වෙමින් පවතින බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. මෙය පෙර පැවති අරගලයටත් වඩා එහා ගිය "එපාවීමක්" බවත්, භාණ්ඩාගාරය හිස් කරමින් රජය ගෙනයන මේ වැඩපිළිවෙළට එරෙහිව ජනතාව නුදුරේදීම තීන්දුවක් ගනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30249,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලිමාවේ 12ක් ඉල්ලා අස්වෙන්න ලියුම් දීලා..
මාලිමාවේ 12ක් ඉල්ලා අස්වෙන්න ලියුම් දීලා..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJHVXzTpvd2dNa4XfbfWxlLDIRYOZJv1G7fLjarNYDtjuzrqVDV9WaP6S2GgxK7c37rwOK_Vu2Ao6BtOm7I_t2Xc6DrfIvuhofiB9mvpvXlCyvZDUfcSFE6i0t05MvFXQ_EnsIDRzjCrUATtlpcnGJQutTFmffuIUM7OPptgK71h3kUSQvyB_lwPBx5V1W/s320/sfsfs.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJHVXzTpvd2dNa4XfbfWxlLDIRYOZJv1G7fLjarNYDtjuzrqVDV9WaP6S2GgxK7c37rwOK_Vu2Ao6BtOm7I_t2Xc6DrfIvuhofiB9mvpvXlCyvZDUfcSFE6i0t05MvFXQ_EnsIDRzjCrUATtlpcnGJQutTFmffuIUM7OPptgK71h3kUSQvyB_lwPBx5V1W/s72-c/sfsfs.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/05/12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/05/12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy