හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණයේ නව අධිචෝදනා පත්‍රය...
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණයේ නව අධිචෝදනා පත්රයක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි අල්ලස් කොමිසම පවසයි.
ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.84කට වඩා පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති නඩුවෙන් කොන්දේසි සහිතව නිදහස් කිරීමට හේතු වූ කොන්දේසි සපුරා නොමැතිවීම මත මේ අධිචෝදනා පත්‍රය ගොනු කරන බව අල්ලස් කොමිසම සඳහන් කළේය.
නව නඩුවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පමණක් අධිචෝදනා පත්රයක් ගොනු කිරීමට නියමිත බව කී අල්ලස් කොමිසම පෙර නඩුවේ සෙසු චුදිතයන්ට අධිචෝදනා පත්රයක් ගොනු නොකරන බවද කීවේය. අල්ලස් කොමිසම විසින් පෙර පවරන ලද නඩුවට අදාළව රජයට සිදු වූ ඇස්තමේන්තුගත පාඩුව මාස තුනක කාලයක් තුළ ආපසු ගෙවන බවට කොන්දේසියක් මත අජිත් නිවාඩ් කබ්රාල් මහතා නඩුවෙන් නිදහස් කර තිබුණි.
නව අධිචෝදනා පත්‍රය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අනුමත කර ඇති බව එහි ඉහළ නිලධාරියෙක් දිනමිණට පැවසීය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS