Loading... එළැඹෙන 2019 වසර මැතිවරණ වසරක් හෙයින් ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සූදානම් වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ සියලුම ආසන ස...
Loading...
සියලුම ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික් සංවිධායකවරුන් සමඟ ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ සඳහන් කර ඇත.
වාමාංශික ප්‍රගතිශීලී සියලු බලවේග ඒකරාශී කරගත් නව සන්ධානයක් ගොඩනඟමින් ඉදිරියේදී ඒ සඳහා කටයුතු කරන ලෙස සංවිධායකවරුන්ට සහ දිස්‌ත්‍රික් සංවිධායකවරුන්ට ජනාධිපතිවරයා දැනුම් දුන් බව ද ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‌ෂ්මන් පියදාස මහතා ඊයේ (24 දා) ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කියා සිටියේය.
එම අලුත් ප්‍රතිසන්ධානය යටතේ ආසන සංවිධායකවරුන් සහ දිස්‌ත්‍රික් සංවිධායකවරුන් වෙනම කළමනාකරුවන් ලෙස නව මුහුණුවරකින් ඉදිරි වර්ෂයේදී පක්‌ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කළ යුතු බවට ද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
එසේම පක්‌ෂය තවදුරටත් ශක්‌තිමත් කිරීම සඳහා ලබන මාසයේදී නව සංවිධායකවරු පත් කිරීමටත් ගොඩනඟන පුළුල් සන්ධානය හරහා ජනතාව අතරට යැම සඳහා කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා සංවිධායකවරුන්ට දැනුම් දුන් බව ද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS