සෞඛ්‍ය අමාත්‍යාශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට අනුයුක්ත ඇතැම් රියැදුරන් එම ආයතනයට අයත් ලොරි රථ යොදාගෙන මත්ද්‍රව්‍ය බෙදාහරින බවට ලැබී තිබෙන තොරතුර...
සෞඛ්‍ය අමාත්‍යාශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට අනුයුක්ත ඇතැම් රියැදුරන් එම ආයතනයට අයත් ලොරි රථ යොදාගෙන මත්ද්‍රව්‍ය බෙදාහරින බවට ලැබී තිබෙන තොරතුරු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇත.
වෛද්‍ය සැපයුම් ඒකකයේ ඇතැම් රියැදුරන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවත් ඒ අය පාතාලය හා එක්වී ඖෂධ අතරේ සඟවාගෙන මත්ද්‍රව්‍ය රටේ විවිධ ප්‍රදේශවලට බෙදා හරිමින් සිටින බවට ලද තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙසේ පැමිණිලි කළ බව එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකායද අවස්ථා කීපයකදීම මෙම තත්ත්වය නිරීක්ෂණය කර ඇතැයිද ඔහු කියයි.
දැනට ලැබී තිබෙන තොරතුරුවලට අනුව අයිස් මත්ද්‍රව්‍ය පවා රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ ලොරි මගින් බෙදා හැර ඇතැයි තොරතුරු වාර්තා වී ඇතැයිද ඇතැම් රියැදුරන් සහ රිය සහායකයන් මෙම ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇත. ඖෂධ බෙදාහරින ලොරි රථ පොලිසිය පරීක්ෂාවට ලක් නොකරන නිසා ඉන් ප්‍රයෝජන ගනිමින් මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයි වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
ශිරාන් රණසිංහ
- Aruna
මේ පුවත තව අයට බලන්න

COMMENTS