දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහින්ද රාජපක්ෂගේ අවසන් පැය 48ට!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වත්කම්, වියදම් සහ ආදායම් මාර්ග සම්බන්ධයෙන් වහාම දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වත්කම්, වියදම් සහ ආදායම් මාර්ග සම්බන්ධයෙන් වහාම දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දී ඇත.

මහින්ද රාජපක්ෂගේ වත්කම් සම්බන්ධ BC/2992/2015 දරන මෙම විමර්ශනය 2015 වසරේදී ආරම්භ කර ඇති අතර එතැන් සිට වසර 10ක් ගතවී ඇතත්, අදාළ තොරතුරු ඇතුළත් දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවද අල්ලස් කොමිසම සඳහන් කරයි.

ඒ අනුව, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 49 (1) (උ) වගන්තිය යටතේ කොමිසමට පැවරී ඇති බලතල ප්‍රකාරව අප්‍රේල් මස (10) වන දිනට හෝ ඊට ප්‍රථම එම ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු බවට අවසන් වරට ලිඛිතව දැනුම් දී ඇත.

වත්කම් උපයාගත් ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමට අපොහොසත් වීම නව දූෂණ විරෝධී පනතේ 42 සහ 93 වගන්ති ප්‍රකාරව ‘දූෂණය’ නමැති වරද යටතට ගැනෙන අතර එවැනි වරදකට වරදකරු වන තැනැත්තෙකුට රුපියල් මිලියන හතකට නොවැඩි දඩයක්, වසර 7ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

සිදුකරන විම­ර්ශන දිගු කාල­යක් ප්‍රමාද වී ඇති එබැ­වින් අප්‍රේල් (10) වැනි දිනෙන් පසු අවශ්‍ය තොර­තුරු ලබාදීමට මහින්ද රාජපක්ෂට තවත් කාල­යක් ලබා නොදෙන බවද අල්ලස් කොමිසම දැනුම්දී ඇත.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30119,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද රාජපක්ෂගේ අවසන් පැය 48ට!
මහින්ද රාජපක්ෂගේ අවසන් පැය 48ට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9KgI74fgiipjzcNgXQvdEpjeXgA2QZsARO1cqEqDiyAud-24DwVNhmXPY2t7kUcp5R-D2HLpwLrKvgxcLalm4_138X_bbOUCrg3qM4Spv7Qz-OhxYHdQOWi4j_aTK7aNDkPaCmdGlUeGlZxm8SH_x3sxIGTnvqA4SCT83uQcPbenu3IVRUrvbCVYdTF58/s320/mahinda.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi9KgI74fgiipjzcNgXQvdEpjeXgA2QZsARO1cqEqDiyAud-24DwVNhmXPY2t7kUcp5R-D2HLpwLrKvgxcLalm4_138X_bbOUCrg3qM4Spv7Qz-OhxYHdQOWi4j_aTK7aNDkPaCmdGlUeGlZxm8SH_x3sxIGTnvqA4SCT83uQcPbenu3IVRUrvbCVYdTF58/s72-c/mahinda.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/04/48.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/04/48.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy