දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මේ ආපදාවට ආණ්ඩුවේ බරපතළ නොතකා හැරීම හේතුවක්….! – නීතීඥ ශිරාල් ලක්තිලක…

ආණ්ඩුව බේරා ගැනීමේ බුද්ධිමය මෙහෙයුම් (psy-opps) නිල නොලත් ප්‍රධානියකු වන නිර්මාල් දේවසිරි මහතාට නීතියේ එන අවධානයේ යුතුකම පිළිබදව කරුණු දැක...

ආණ්ඩුව බේරා ගැනීමේ බුද්ධිමය මෙහෙයුම් (psy-opps) නිල නොලත් ප්‍රධානියකු වන නිර්මාල් දේවසිරි මහතාට නීතියේ එන අවධානයේ යුතුකම පිළිබදව කරුණු දැක්වීමක්: දිලික්ත නීතිය තුල නොසැලකිල්ල මත වගකීම ආරෝපණය කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන නිර්නාය වන්නේ අවධානයේ යුතුකම(duty of care) යන සංකල්පයයි.

එම සංකල්පය භාවිත කිරීමේදී පහත සඳහන් සාධක තෘප්ත කළ යුතු බව නීතියේ එන පිළිගැනීමයි.
1. සාධාරණ නිගමනය- සාධාරණ මිනිසෙකුට (reasonable person) සිදුවිය හැකි අනතුර පූර්වේක්ෂණය කිරීමට ඇති හැකියාව,
2. එසේ සිදුකරන සාධාරණ පුර්වේක්ෂණය තුලින් සිදුවිය හැකි අනතුර වළක්වා ගැනීම සදහා යුතුකමක් තමන් වෙත පවතින බව ප්‍රත්‍යක්ෂවීම,
3. එලෙසට පවතින යුතුකම ඉටු නොකළහොත් යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට අලාභයක් හෝ හානියක් සිදුවීමට ඉහළ සම්භාවිතාවක් පැවතීම,
4. අවධානයේ යුතුකම හා හානියට පත්වන්නා අතර සෘජු සම්බන්ධතාවක් තිබීම.

ඉහත කී සාධත දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු අවාසනාවන්ත විනාශයන් අපමණය.
1. අධික වැසි ජලය හේතුවෙන් ගංගා පිටාර ගැලීම
2. න්‍යාය යාම්,
3. මහවැව් හි පිටාර ජලය හේතුවෙන් ගම්බිම් යටවීම.

ඉහත විනාශයන් 3 අතරින් පළමු විනාශයන් දෙක දිලික්ත නීතිය තුල හඳුනාගන්නේ දෙවියන්ගේ ක්‍රියා ලෙසටය.(Act of Gods). ඒවා මගින් සිදුවන හානියට වගකිව යුත්තෙකු ඇත්තේ නැත.

නමුත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අඩුම වශයෙන් රතු නිවේදන නිකුත් කරන ලද කලාප තුල අනතුර පූර්වේක්ෂනය කිරීමෙන් අනතුරුවද තවදුරටත් අදාල ප්‍රදේශ තුලින් ජනතාව ඉවත් කිරීමට කටයුතු නොකළේ නම් ආපදා කළමනාකරණ ආයතනයට/ දිසා ලේකම්වරයාට/ ප්‍රාදේශීය ලේකම් වරයාට මුලික වශයෙන් නොසැලකිල්ල නම් වරද ආරෝපණය වන්නේය.

නමුත් ඉහත ආපදා අතරින් මහා ජලාශයන්හි වාන් ජලය වැව් දොරටුවලින් පිටකිරීමේ හේතුවෙන් සිදුවු විපත්වලට සෘජුවම අවධානයේ යුතුකම පැහැර හැරීම මත නොසැලකිල්ල නැමති වරද ආරෝපණය කිරීමේ හැකියාව පවතී.

වාර්ථා වන අන්දමට අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම හා කුරුණෑගල ප්‍රදේශයන්හි සිදුවු විනාශයන් සඳහා පදනම්වු ප්‍රධාන හේතුව වුයේ මහ වැව් මගින් පිට කරන ලද වාන් ජලයයි.

එසේ වරද ආරොපණය වන්නේ ආපදා තොරතුරු පුර්වේක්ෂණය කිරීමේ හැකියාවක් තිබියදී මිලි මීටර් 200-500 අතර වර්ෂාපතනයක් ලැබෙන අවස්ථාවක තමන් වෙත තිබෙන දත්ත සමාකරණය( data simulation) උපයෝගී කරගනිමින් ඇතිවිය හැකි අනතුරු දායක තත්ත්වය පුර්වේක්ෂණය නොකිරීම ඒ සඳහා වන නිශ්චිත තීරණ ගැනීමයි.

එවැනි තීරණ ගැනීමට අවස්ථා ගණනාවකදී නිසි තීරණ ගැනීමේ හැකියාව මහවැලියට සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුවට සතුව තිබු බව දැන් පෙනී යන්නේය. එනම්;

1. නොවැම්බර් 12 දා දෙරන නාලිකාවේ සාකච්ඡාවට සහභාගීවෙමින් කාලගුණ ප්‍රධානියා මිලී මිටර් 200 ඉක්මවා යන වර්ෂාපතනයක් ලැබීමේ සම්භාවිතාවක් පවතින බව කියන්නේ ආපදා කළමනාකරන අංශයේ ප්‍රධානියා ඉදිරියේදීය,

2. බීබිසිය ඇතුළු විදේශ ජනමාධ්‍ය 20 වැනිදා සිට තිරසාරව ලංකාවට මිලි මීටර් 200 ඉක්මවා 500 දක්වා ළඟාවිය හැකි වර්ෂාපතනයක් ලැබීමේ සම්භාවිතාවක් පවතින බව වාර්තා කොට තිබුණේය.

3. ඉන්දියාව සුළි කුණාටුවට පදනම් වන wind shear එක නිර්මාණය වී ඇති බව නිශ්චිතව එන බව සනාථ කරගන්නේ 26 වැනිදාය.

4. ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුව එම සුලි කුණාටුව ‘දිවාත්’ලෙස නම් කරනු ලැබුයේ 27 දාය.

5. දිවාත් සුළි කුණාටුව ලංකාවට ඇතුළු වන්නේ 27 දා 06.00 UTC වලටය.

UTC යනු universal time coordinated යනුවෙන් හදුන්වනු ලබයි. ලාංකික වේලාව ගැනෙන්නෙ පැය 5.30 ලංකාවේ standard time එකට එකතුවීමෙනි. ඒ අනුව බලන කල ලංකාවට දිවාත් සුළි කුනාටුව ඇතුළු වන්නේ 27 දා මධ්‍යාහ්නයෙදීය.

ඒ අනුව බලන කල සාධාරණ මිනිසෙකුට නොවැම්බර් 20 දා සිට මි.මී 200 එපිට වැසි පිළිබඳ බරපතල පුර්වේක්ෂණයකටද 26 දා සිට පැය 36 ක් තුල මි.මි. 200 සිට මි.මි. 400 ඉක්මවා යන වර්ෂාවක් පිළිබඳ අති බරපතල පුර්වේක්ෂණයක් ඇති කර ගැනීමේ හැකියාවක් තිබුණ බව පැහැදිලි වන්නේය.

මෙවැනි පුර්වේක්ෂණයක් මත දත්ත සමාකරණය (data simulation) කිරීමේ හැකියාව කාලගුණ දෙපාර්තමේන්තුවටද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ද, වාරිමාර්ග දෙපාර්තමේන්තුවටද, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට ද පවතින බව තහවුරු කරුණකි.

එම ආයතන සිදුවිය හැකි හානිය පිළිබඳව විද්‍යාත්මක ප්‍රවේශයක් ගනු ලැබුවේද නැද්ද යන්න පිළිබඳව ඇත්තේ විමතියකි.

එසේ data simulation එකක් සිදු කරනු ලැබුයේ නම් එම ප්‍රතිපල 2005 ආපදා කළමනාකරණ පනත යටතේ පලමුව Disaster Management Centre එකටත් ඉන් අනතුරුව ජනාධිපති වරයා ප්‍රධානත්වය දරන National Council for Disaster Management වාර්ථා කළ යුතුව තිබේ.

එම කවුන්සිලය විසින් තීරණ ගෙන අපදා කළමනාකරණ කේනද්‍රය විසින් අනුගමනය කළ යුතු අපදා කළමනාකරණ යාන්ත්‍රණය (Disater Risk Reduction(DRR) පනත මගින් පැහැදිලිව දක්වා තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාට නිල වශයෙන් අනතුර පිළිබඳව පුර්වේක්ෂණය කරන්නටද, නිසි DRR තීරන ගැනීම සඳහා ද ජනාධිපතිවරයා ජාතික කවුන්සිලය කැඳවිය යුතුය.

මහා ජලාශවලින් නුදුරේ එලඹෙන මහා ආපදාවක් හමුවේ ආපදාවට මුහුණ දීම සඳහා ජලය ඉවත් කිරීම ඉහත සඳහන් DRR යාන්ත්‍රණයේ කොටසකි.

ඒ සඳහා ජාතික කවුන්සිලය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වී පවතින ජලය ඉවත් කිරීමට අඩුම වශයෙන් 20 දා සිට 26 දා වන කාලය තුල ගතයුතුව තිබිනි. ජනාධිපතිවරයා විසින් ජාතික කවුන්සිලය කැඳවන්නෙ නොවැම්බර් 27ය.

ඒ අනුව අනතුරු හැගවීම් තිබියදී මුලික ආයතන විසින් මුලික පුර්වේක්ෂණ නොකිරීම හෝ එසේ කිරීමට ඔවුනට අන නොකිරීමේ වරද ආරෝපනය වන්නේ ආපදා කළමනාකරනය පිළිබද ජාතික කවුන්සිලයටය.

2005 පනතට අනුව එම කවුන්සිලයේ ප්‍රධානියා වන්නේද කවුන්සිලය කැඳවීමේ බලය පවතින්නේද ජනාධිපති වරයාටය. මහ වැව් දොරටු ඇරීමෙන් සිදුවන පිටාරයෙන් හානියට පත්වී තිබෙන්නෙ එම ජනතාව විසින්ම තෝරාපත් කරගත් ජනාධිපතිවරයාය.

ඉහත කරුණු මගින් පෙනෙන්නේ ආපදා කළමනාකරනයට අදාළ සියලු රාජ්‍ය ආයතනවල අවධානයේ යුතුකම පවත්වාගෙන යාම ජාතික කවුන්සිලයේ ප්‍රධානියා වන ජනාධිපති වරයාගේ වගකීමක් බවය.

පසුවදන: පාස්කු ප්‍රහාරයේදී එවකට ජනාධිපති ආරක්ෂක කවුන්සිලය නොතැකුවේ යම් හේතුවක් නිසාද එම හේතුව නිසාම වර්තමාන ජනාධිපතිවරයා ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික කවුන්සිලය නොතකා හැර තිබෙ. ජනාධිපතිවරයා අවසන් වරට කවුන්සිලය කැඳවා ඇත්තේ අගොස්තු මාසයේදී වන අතර ඊට පෙර කැඳවා ඇත්තේ අප්‍රේල් මාසයේදීය.

ජනාධිපතිවරයා තම පරිකල්පනය තුළ ආපදා අනතුරක ඇති සම්භාවිතාව බැහැර කොට ඇති බවක් පෙනේ. මෙම කරුණු ගොනු කරන්නෙ අනුර ජනාධිපතිවරයා දඩුකදේ ගැසීමට කරුනු ඉදිරිපත් කිරීමට නොවේ. සමස්ත ව්‍යසනයේ වගකීම ඔහු විසින් දැරිය යුතු යයි යෝජනා කිරීමට නොවේ.

අවම වශයෙන් ඔහුගේ පාලනය තුළ බරපතල ප්‍රතිපත්තිමය නොකර හැරීමක් සිදුව ඇති බව කියා පෑමටය. සදාචාරාත්මකව මෙම නොකර හැරීම විතන්ඩවාදී තර්කයන් ගෙන් එපිටට ගොස් පිළිගනිමින් අදාළ හානියට පත් ජනතාවට වගවිය යුතුබව කියා පෑමටය.

නීතීඥ ශිරාල් ලක්තිලක
FB

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29866,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ ආපදාවට ආණ්ඩුවේ බරපතළ නොතකා හැරීම හේතුවක්….! – නීතීඥ ශිරාල් ලක්තිලක…
මේ ආපදාවට ආණ්ඩුවේ බරපතළ නොතකා හැරීම හේතුවක්….! – නීතීඥ ශිරාල් ලක්තිලක…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiu4gMb6zrIL-IC7xKlVmziX2nUiYgtRZSf0P9sk_Z1afFgny-XW0aas8c5uKxlJkExiDUFTxNReZxpflscfQ7Ff6UyTFg0WD5kVnEx9vMIXeOmTR0n9ZfvNaBarUBtVhP4-7CB-lv8_GRMONGopBxPnSvlpu35RdLXeEzGFPUespBkqlQe-l5fkt6jTLC8/s320/Shiral-Lakthilaka.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiu4gMb6zrIL-IC7xKlVmziX2nUiYgtRZSf0P9sk_Z1afFgny-XW0aas8c5uKxlJkExiDUFTxNReZxpflscfQ7Ff6UyTFg0WD5kVnEx9vMIXeOmTR0n9ZfvNaBarUBtVhP4-7CB-lv8_GRMONGopBxPnSvlpu35RdLXeEzGFPUespBkqlQe-l5fkt6jTLC8/s72-c/Shiral-Lakthilaka.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/12/blog-post_145.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/12/blog-post_145.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy