දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඇමැති බලතල ගැසට් පත්‍රයේ වරදක් - ජැක්සන්ගේ හෙලන්කා මංගලට

අදාළ ගැසට් නිවේදනයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා නම් කොටසේ අංක 31 යටතේ ක්‍රියේටි...

ඇමැති බලතල ගැසට් පත්‍රයේ වරදක් - ජැක්සන්ගේ හෙලන්කා මංගලට

අදාළ ගැසට් නිවේදනයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා නම් කොටසේ අංක 31 යටතේ ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඞ් නම් මේ සමාගම ඇතුළත් කර ඇත.

මීට පෙර මුදල් අමාත්‍යාංශය යටතේ හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ මෙවැනි ආයතනයක් තිබී නැත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී පැවසුවේ ක්‍රියේටිව් හෙලන්කා පෞද්ගලික සමාගම සම්පූර්ණයෙන්ම තමන්ට අයත් සමාගමක් බවයි. 2010 වසරේ දී ආරම්භ කරන ලද මේ සමාගම මඟින් මහා සංචාරය ඇතුළු වාර්තා වැඩසටහන් සහ දස්කොන්, ශ්‍රී රජ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක් ද නිෂ්පාදනය කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අදාළ සමාගම රජයේ ගැසට් පත්‍රයට මෙසේ ඇතුළත් වූයේ කෙසේද යන්න තමන්ට ද ගැටලුවක් බව ජැක්සන් ඇන්තනී තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ දී හම්බන්තොට වරාය විවෘත කිරීමට අදාළ ‘කරදියවර මංගල්‍යය’ නම් උත්සවය සංවිධානය කිරීම සඳහා මේ සමාගමට රුපියල් මිලියන 18ක් ගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබිණි. මීට අමතරව පසුගිය ආණ්ඩුව සමයේ දී විවිධ ව්‍යාපෘති රැසකට අදාළ සමාරම්භක උත්සව සංවිධානය කිරීම ද මෙමඟින් සිදු කර ඇත.

මේ පෞද්ගලික සමාගම තම අමාත්‍යාංශය යටතට පැවරී තිබුණත්, ඊට අදාළ කිසිදු තොරතුරක් නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් එහි ලේකම් පී.බී. අබේකෝන්ගේ අත්සනින් මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, අදාළ සමාගම ඊට ඇතුළත් වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමසීමට ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය. ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය පැවසුවේ අබේකෝන් මහතා ජනාධිපතිවරයා සමඟ රැස්වීම්වල සිටින නිසා සම්බන්ධ කළ නොහැකි බවයි.

ශාලික විමලසේන

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමැති බලතල ගැසට් පත්‍රයේ වරදක් - ජැක්සන්ගේ හෙලන්කා මංගලට
ඇමැති බලතල ගැසට් පත්‍රයේ වරදක් - ජැක්සන්ගේ හෙලන්කා මංගලට
http://ift.tt/2sJjrU0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_473.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_473.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy