දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ශ්‍රීපාදස්ථානය තියෙන්නේ අක්‍රිය වු ගිණි කන්දක් මතයි..- ශ‍්‍රීපාද නාහිමි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රීපාද වන්දනාවාර පවත්වාගෙන යෑමද මහජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට වන්දනාවාරය පවත්වාගෙන යෑමට කටයුතු කරල ...

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රීපාද වන්දනාවාර පවත්වාගෙන යෑමද මහජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට වන්දනාවාරය පවත්වාගෙන යෑමට කටයුතු කරල ලෙසට අදාළ නිළධාරින්ට උපදෙස් ලබා දී ඇති බවට ශ්‍රී පාදස්ථානාධිපති අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් පැවසිය.

උන් වසන්නේ ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කරමින් පැවති අනුශාසනාවේදි ඒ බව පැවසීය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් අනුශාසනා කරමින් කියා සිටියේ,

“අපි හොදක් කරපු හැටියට අපි සමග කථා කරලා ජනාධිපතිතුමා මේ භූවිද්‍යාව පිලිබද දන්නා ප්‍රධාන නිළධාරින් කැදවලා ආරක්ෂක අංශයේ ලේකම්තුමා, පොලිස්පතිතුමා, දිසාපතිතුමා, හමුදාවේ ඇත්තෝ කැදවලා  මේ මහජනයාට අපහසුවක් නොවන ලෙස කටයුතු කරන්නට ඕනි කියන ඒ ක්‍රියාදාමයට මූලික වුණා. අපි සමග කථා කරා පසුව අපේ මල්වතු මහා විහාරයේ මහා නායක හාමුදුරුවන්වහන්සේ කාරක සංඝ සභාවත් එක්කත් ඒ ගැන කථා කරලා මේ මහජනයාගේ රැකවරණය සැලසෙන ලෙස ක්‍රියා කරන්න ඉදිරිපත් වී පිලිබදවත් අපි පුන්‍ය අනුමෝදනා කරන අතර, පිංවතුනි අපට කිසි කලක මෙවැනි අවස්ථාවන් දකින්න අහන්න නොලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

ලෝක උරුමයක්වන සමනළ අඩවියෙහි සමන්තකූට පර්වත මස්තකයෙහි පිහිටලා තිබෙන මේ උත්තම තැන පමණයි ලෝකයේ ශ්‍රීපාද පද්මය දකින්නට ලැබෙන තැන. ඒ තැනට මෙවරත් වන්දනාවාරය 2025-2026 වශයෙන් සදහන් කරන කාලය උදාවුණ මේ කාලය ගිහිපැවිදි දෙපක්ෂයටම මේ ස්ථානය එන්න ලැබුණේ, එසේ මෙසේ කුසලයක හේතුවක් නිසා නෙවෙයි. විෂේශ කුසලයක් සසරේ සිද්ධ කරලා තිබිච්ච නිසා කියලා හිතෙනවා.

මේ කාලයේදි මේ අපේ රටට ලොකයටම විපත් පැමිණෙන කාලයක්. විෂේශයෙන් අපේ ලංකාද්වීපයේ පළාත් 09ක් රුහුණු, මායා, පිහිටි කොටස් තුනකින් යුක්ත වී තිබෙන මේ කුඩා රාජ්‍යයේ දිස්ත්‍රික්ක වශයෙන් 25ක්ම පාලන තන්ත්‍රයෙහි සදහන් වෙලා තිබෙන ඒ තැන මේ කාලයේදි හැම විපතක්ම සිදු වෙලා හැම විපතකටම රට වැසියන්ට මුහුණ දෙන්නට සිද්ධ වුණා කියලා වාර්ථා වුණා.

ඔබ අප හැමදෙනාටම මේ ස්ථානට පැමිණෙන්නට වාසනාව උදාවුණා. ඒ වගේම මේවා දකින්න අනිත් අයටත් ඒ වාසනාව උදා වුණේ සසර පිනක විපාකයක්. මේ කාලය යුද්ධ කරන කොට අපට ලංකා රජය පවත්වන ජනාධිපතිතුමා ඇතුලු ඒ රජයෙහි වග කියන සියලුම පරිපාලනයේ නියුතු රාජ්‍ය පරිපාලනය සිද්ධ කරන ඒ දිසාපතිතුමන්ලා ලේකම්තුමන්ලා/තුමියලා ඇතුලු ඒ පිරිසක් ආරක්ෂක අංශත්, සෞඛ්‍ය, මහාමාර්ග, ජල විදුලිය සපයන පිංවතුනුත්, කරන ලද සහයෝගය සහ උදව්වමත මේ උතුම් අවස්ථාව උදා වුණා.

ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, රජයට, පක්ෂ විපක්ෂ, දේශපාලන ක්ශේත්‍රයට, පරිපාලනයට පමණක් නෙවෙයි ගිහි පැවිදි හැමදෙනාවටම මුහුණ පානන්ට සිදු වුණ ඒ දරුණු කේදවාචකය මේ පසුගිය දා සිදු වුණ වැස්සෙන්, ගංවතුරෙන් ඇති වුණ විපත වගේම නායයෑම්වලින් ඇතිවුණ විපත්, ජීවිත ගණන කොහොමත් විනාශභාවයට පත් වුණේ, දුකට පත් වෙච්ච අය, අනාත වුණ අය, ලක්ෂ සංඛ්‍යාත ජනකායක්. ඒ සීමාවත් ගණනත් කියන්නට හරි ආකාරව පුලුවන් කමක් නෑ. මහජන දේපල විනාශ වුණා, රට විනාශ වුණා, මහජනයා විනාශ වුණා, අපේ මිනිසුන්ගේ ජන ජීවිතයට ඉදිරිටත් බලපාන ආකාරයට කෘෂිකාර්මික ජීවනොපාය ආදියත්, ආහාරපාන ආදියටත් බලපාන ලෙස ඒවා සිද්ධ වුණා. ඒ හැම අංශයක්ම අඩපණ වෙන්නට සිද්ධ වෙච්ච මහා ඛේදජනක අවස්ථාවක් තමයි පහුගියදා උදාවුණේ. එක දිනක් දෙකක් තුනක් නෙවෙයි නැවත නැවත නැවත නැවත ඇති වෙමින් මේ විනාශය ඉදිරියට ගමන් කලා.

කොහොමහරි ඒවා සමනය කර ගැනිමට අපේ රටේ රජයත්, ආරක්ෂක අංශත්, පරිපාලනයත් ක්‍රියා කරලා දැන් ක්‍රමක්‍රමයෙන් එය සමනය කරගෙන එනවා. ඒ අතරේදි ගමනා ගමන පහසුකම් නැති වෙනවා.  ඒ සියලුම පහසුකම්, සෞඛ්‍ය පහසුකම් හීන වෙනවා. ඒ මිනිසුන්ගේ ආරක්ෂාවට බලපාන දේ නැති වෙනවා.

ඒ සියල්ලම නැවත හරි ගස්සමින් කටයුතු කරන අතරේ, මේ ශ්‍රීපාදස්ථානය බොහෝ පුරාණයෙහි පිහිටලා තියෙන්නේ අක්‍රිය වු ගිණි කන්දක් තමයි මේ ශ්‍රී පාදස්ථානය. ඒ අගස්ති තියන ඒ ඊශ්වරයාගේ කාලයේ ඉදලා පවතින ශ්‍රී පාදස්ථානය මේක මුදුනටම ගස් පර්වතයක් තමයි පහළ ඉදලම යෙදිලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ.

මේ පර්වතයට කුණු කසළ ඒවා මේවා එකතු වෙනකොට කාලෙන් කාලෙට තැන් තැන්වල පස් කුට්ටි එහෙම නැත්තම් පස් කදු එකතු වෙනවා. ඒ එකතු වෙන ඒවා වැසි කාලයට සහ අවාර කාලයට නැවත හෝදගෙන එනවා. ගස් කොලන් පැල වුණාම එහි බරටත්, ජලය එකතු වුණාම ඒ ඉදිමෙන වේගයටත් ගල මත රැදිලා තියන පස් කදු අවාර කාලයට පමණක් පහළට වීසි වෙනවා. එහෙම නැත්නම් පහළට වැටෙනවා. ඒක එදා ඉදලා සිද්ධ වෙන දෙයක්.

මෙවරත් බොහෝ තැන්වලින් රටේ වෙච්ච විපත්තියේ හැටියට රට මුහුණ පාන්නට සිද්ධ වෙච්ච ඛේදජනක අවස්ථාවල හැටියට මේ හැම කන්දකටම, හැම පර්වතයකටම, හැම තැනකටම එය බලපැවා. ඒ බලපාපු කාරණය මේ ශ්‍රී පාදස්ථානයේ පර්වතයේ තැන් තැන්වල තිබිච්ච පස් කදු කඩාගෙන පල්ලෙහාට සූරගෙන ගියා. ඒ වගේම මේ ප්‍රදේශයේ ශ්‍රී පාදස්ථානය සමීපයේ අනික් පළාත්වලට වගේ වැඩිය හානි පැමිනුණෙ නෑ. බොහොම අඩුවෙන් තමයි පොඩි පොඩි කදුගැට කඩාගෙන වැටිලා තිබුණත්, විශාල ජීවිත හානි ඒවා ඇති වුණේ නැ. වෙන පළාත්වල ගණනය කරන්න බැරි තරම් හානි ඇති වුණා. මෙහි රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමු පළාතේ ජලයෙන් පිරිලා තිබුණත් තැන් තැන්වල හානි ඇති වුණේ නෑ. පස් කදු තැන්නැන්වල කැඩුණත්, මාර්ග අපහසුකම් ගොඩක් දුරට බලපෑවේ නැ. ඉතින් එහෙම සුරක්ෂිත වීමට සමන් දෙවියන්ගේ රැකවරණය ලැබුණයි කියලා අපට බලවත් ලෙස විශ්වාස කිරිමට හැකියාව තියනව.

ශ්‍රීපාද වන්දනා පෙරහැරට බොහෝ ජනයාගේ සම්බන්ධතාවය තිබුණා. උදේ 4:00 විතර කිට්ටු වෙනකම් උදේ 6:00ට 5:00ට පිටත් වෙච්ච ගමන එන්නට ඉඩකඩ ලැබුණේනැ. මොකද මහජනතාවගේ වන්දනාමාන වලින් කිසිම වෙනසක් වුණේ නෑ. වෙන වාර වල කියලා වෙනදට වැඩියෙන් වගේ ඒකට සහභාගි වුණා. මිනිස්සු විශ්වාස කරනවා ධනයවත් අපට පිහිට වෙන්නේ නෑ. බලයවත් අපට පිහිට වෙන්නේ නැ. නෑදෑයොවත් පිහිට වෙන්නේ නෑ. දුවා දරුවොවත් පිහිට වෙන්නේ නෑ. තම තමන්ට පිහිට වෙන්නේ ‘ නත්තිමේ සරණං අඥ්ඥං බුද්ධෝ මේ සරණං වරං’ බුද්ධ ධම්ම සංඝ කියන ප්හ්ට පමණයි කියන එක හුගක් මිනිසුන්ට ඒ අවබෝධය ඇති වෙච්ච අවස්ථාවක් හැටියට. ඒකයි ඒ අය වෙනදාටත් වැඩිය වගේම ඒකට සම්බන්ධව වන්දනාමාන ආදිය සිද්ධ කරේ.

මේ ලංකාවේ විශාල කේදවාචකයට මුහුණ දිලා ගංවතුරෙන්, නායයෑමෙන් නොයෙක් විපත්තිවලින් ජීවිතක්ෂයට පත් වුණ හැම දෙනා කෙරෙහිම අපි සංවේගය ප්‍රකාශ කරමු. සෝක නෙවෙයි, කණගාටුව නෙවෙයි, සෝක කණගාටු කියන ඒවා පව් සිතිවිලි. ඒ නිසා අපි සංවේගයට හරවගෙන ඒ හැම දෙනාටම අපි පිං අනුමෝදන් කරමු.” යනුවෙන් පැවසීය.

ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍ර දේශයේ පස් කන්දක් කඩා වැටීම සමබන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ ජාතික ගොඩනැගිලි පර්යේශන ආයතනයේ නිළධාරින් විසින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිළධාරින් මධ්‍යඹ පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිපත් ලලිත් පතිනායක, යුධ හමුදා නිළධාරින්, සහ හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ශ්‍රීපාද  මළුව දක්වා (04) දින ගොස් ශ්‍රී පාදස්ථානාධිපති අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන් සමග සාකච්ඡා කර තිබෙනවා.

පසුගියදා මහගිරිදඹ ප්‍රදේශයේ පස් කනද් කඩා වැටීමෙන් පසු එම ස්ථානය පොලිස් නිළධාරින් සහ යුධ හමුදා නිළධාරින් සුද්ධ කිරිමෙන් අනතුරුව එවකට ශ්‍රි පාදය වන්දනා කල වන්දනාකරුවන්ට මහගිරිදඹ ප්‍ර දේශය කරුණා කිරිම සදහා ඉදි කර තිබූ යකඩ පාලමක් සහ එම යකඩ පාලමට සවි කර තිබු ආරක්ෂිත දම්වැළක්ද මතු වී ඇත.

- රංජිත් රාජපක්ෂ      
-lankacnews

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29855,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීපාදස්ථානය තියෙන්නේ අක්‍රිය වු ගිණි කන්දක් මතයි..- ශ‍්‍රීපාද නාහිමි
ශ්‍රීපාදස්ථානය තියෙන්නේ අක්‍රිය වු ගිණි කන්දක් මතයි..- ශ‍්‍රීපාද නාහිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_IrtnacnfOD_upfUSIp9vGKTZENyKb_VUoqqP6Fbh3pDpUMUJeQL99u4g9BHWGEDcIqjotLEytmVGqcWz59F80b39dGGJuFE1AJqqpbwenFq3aCBabhUfKw4gHoRz5fR3mcUNt7sm3sCeWkfztZEAru83sfu4nH-AjoYgR32crZTys9mDIjoveKxN9wDG/s320/sripadas.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_IrtnacnfOD_upfUSIp9vGKTZENyKb_VUoqqP6Fbh3pDpUMUJeQL99u4g9BHWGEDcIqjotLEytmVGqcWz59F80b39dGGJuFE1AJqqpbwenFq3aCBabhUfKw4gHoRz5fR3mcUNt7sm3sCeWkfztZEAru83sfu4nH-AjoYgR32crZTys9mDIjoveKxN9wDG/s72-c/sripadas.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/12/blog-post_732.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/12/blog-post_732.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy