දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඛේදවාචකයකදි සමහරු ජීවිත බේරන්න හදන අතරෙ තව සමහරු ෆේස් බුක් එකට ෆොටෝ ගහනවා

කථානායකවරයා මේ බව පවසා සිටියේ  ඊයේ (15 ) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පැවැති 23 වන ජාතික විරු ජන සම්මාන උළෙලෙහි ප්‍රධාන ආරාධිත දේශනය...

ඛේදවාචකයකදි සමහරු ජීවිත බේරන්න හදන අතරෙ තව සමහරු ෆේස් බුක් එකට ෆොටෝ ගහනවා

කථානායකවරයා මේ බව පවසා සිටියේ  ඊයේ (15 ) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පැවැති 23 වන ජාතික විරු ජන සම්මාන උළෙලෙහි ප්‍රධාන ආරාධිත දේශනයේදීය.

අරණායක සාමසර කන්ද නායයෑමේ ඛේදවාචකය සිදු වූ අවස්ථාවේ දී පළමු නාය යාමෙන් පසු පවුල් 70 ක් පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කරමින් දිවි බේරා දුන් නමුත්,  දෙවන නාය යාමට හසු වී සිය සොහොයුරා සමග ජීවිතය පූජා කළ එරංග විකුම්සිරි මහතා වෙනුවෙන් මෙවර ජාතික විරු ජන සම්මාන උළෙලෙහි ප්‍රධානතම ගෞරව සම්මානය වන වීර බුදල්නා ස්වර්ණ සම්මානය පිරිනැමුණි.   1961 වසරෙහි දියගම ප්‍රදේශයේ දී ජලයේ ගසා ගෙන යමින් තිබූ ජීවිත 07 ක් බේරා ගත් වීර මැගිලින් නෝනා නමැති මාතාව ද විශේෂ ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු වූයේ ඇයගේ සතුටු කදුළු මැදය.  

මඩකලපුව ප්‍රදේශයේ රාජකාරී කරමින් සිටියදී සිව් දෙනෙකු රැගත් ත්‍රිරෝද රථයක් ජලයට පෙරලී ගසාගෙන යද්දී සිය දිවි පරදුවට තබා ගැබිණි මවක, කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු ජීවිත 04 ක් බේරා ගත් ගුවන් හමුදා නිලධාරියෙකු වූ නවීන් ධනුෂ්ක බන්ඩාර මහතා සහ තවත් එවැනිම ක්‍රියාවන් පෙලක් උදෙසා  පොලිස් නිලධාරියෙකු වූ හේරත් සේනානායක,  ජීවිතාරක්ෂ නිලධාරියකු වූ නිහාල් සරත් කුමාර , වෘත්තියෙන් රියදුරකු වූ බද්දේගම ධනුෂ්ක ලක්මාල් කුමාර, විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ එස්.ඩබ්. කරුණාදාස, බණ්ඩාරගම තරුෂි සුජානි රණසිංහ,  දික්වැල්ල පොලිසියේ නිලධාරියෙකු වූ රුමේෂ් සයුරංග වන්නිගම, මහනුවර පොල්ගොල්ලේ සමන් ප්‍රියංකර බණ්ඩාර, වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වූ රාජාංගනයේ පාලිත ආනන්ද ජයකොඩි, කටුකුරුන්දේ බැංකු ආරක්ෂක නිලධාරියෙකු වූ සමන් රෝහිත ජයසිංහ, පාදෙනිය වේපත් අංග ප්‍රදේශයේ පදිංචි ඊ.එම් කපුරු බණ්ඩා යන අයවලුන් ද ජාතික විරු ජන රජත සම්මානයෙන් පිදුම් ලැබූහ.   

ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හච්සන්, (Mr.Bryce Hutchesson) මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ජේ.බී දිසානායක යන අයවලුන් සහ ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීහු ද, කලාකරුවන් හා විද්වතුන්  විශාල පිරිසක්ද ජාතික විරුජන සම්මාන උළෙලට සහභාගි විය.

කථානායක කරු ජයසූරිය මහතා තම කථාවේදී පැවසූයේ වීර පොදු ජන සම්මාන පිරිනැමීම මහා ජාතික යුතුකමක් බවය. එතුමාගේ කථාවේ ඉතිරිය පහතින් පලවේ.

මහා බ්‍රිතාන්‍යයේ කිරීටයේ මැදිහත් වීමෙන් ශත වර්ෂ දෙකකටත් අධික කාලයක් පුරා ජාතික විරු ජනයින් සම්මානයට පාත්‍ර කිරීම සිදු වන බව මෙහිදී පෙන්වා දුන් කථානායකවරයා ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ ද තම ජීවිතය නොතකා අන් ජීවිත බේරා ගැනීමට කැප වූවන් වෙනුවෙන් උපහාර පිදීමේ ඉතිහාසය සියවසකටත් වඩා පැරණි බව ද පෙන්වා දුන්නේය.

එමෙන්ම පසුගියදා ඇති වූ මහා ගංවතුර සහ නායයාම් විපතේ දී සිය රාජකාරිය ඉක්මවා මනුෂ්‍යත්වයේ නාමයෙන් කැප වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් බොහොමයක් දැක ගැනීමට ලැබුණු බව ද හෙතෙම සඳහන් කළේය.

එහිදී අනතුරට පත් වූවන් බේරා ගැනිමට ගොස් දිවි පූජා කළ ගුවන් හමුදා නිලධාරියා පිළිබඳවද මී ළඟ විරු ජන සම්මාන උළෙලෙහිදී විශේෂ අවධානය යොමු කරන ලෙස කථානායකවරයා ඉල්ලා සිටියේය.

කථානායක කරු ජයසූරිය මහතා උළෙල අමතමින් මෙසේ ද පැවසීය.

තම ජීවිතය අවදානමට ලක් කර ගනිමින් වෙනත් අය‍ගේ ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් ඇගයීමට භාජනය කෙරෙන වීරත්වය, මනුෂ්‍යත්වය පිරුණු මෙම උදාර මොහොතට එක්වන්නට ලැබීම භාග්‍යයක්.

‍ලෝක ඉතිහාසයේ වගේම අපේ රටේ ඉතිහාසය තුළත් එවැනි දුර්ලභ මිනිසුන් අගය කළ තරමටත් වඩා නිහඬව සැඟවී යන්නටත් ඇති. මෙවැනි සම්මාන උළෙලක් රටකට අතිශයින් වැදගත් වන්නේ ඒ නිසාමයි.

එයට හේතුව ඒ ශ්‍රේෂ්ඨ පරාර්ථකාමීන් කිසිම විට එවැනි දේ කළේ ප්‍රසිද්ධියක් අපේක්ෂාවෙන් නොවීමයි.

උතුරා යන මානව දයාව තුළින් උපන් යෝධ ශක්තිය ඔවුන් ඒ සඳහා මෙහෙයවනු ලැබ තිබෙනවා.

ලෝකයේ සෑම ආගමකම එවැනි මිනිසුන් සහ දෙවියන් අතර ඇත්තේ ඉතා කුඩා පරතරයක් බව පෙන්වා දී තිබෙනවා.

බුදු පියාණන් වහන්සේගේ චරිතය තුලත් උන්වහන්සේ බෝසත් සමයෙහි (මඝ මානවක ජාතකයෙහි, විදුර ජාතකයෙහි, මාතු පෝසක ජාතකයෙහි) එලෙස පරාර්ථය උදෙසා කැප වූ අයුරු පෙන්වා දෙනවා.

එමෙන්ම ජේසුස් වහන්සේ පරාර්ථකාමී ශුද්ධ අරමුණු උදෙසා ස්වකීය ජීවිතය පූජා කරන්නට මැලි නොවූ බව අප දන්නවා.

හින්දු විශ්වාසයන් තුළ භගවත් ගීතාව, රාමායනය වැනි පුස්තකවලත්, ඉස්ලාම් දහම තුළත් එවැනි මිනිසුන් දේවත්වයට ඉතා සමීප බව ප්‍රකාශ වෙනවා.

මට මතකයි මීට දශක කිහිපයකට පෙර දියේ ගිලෙමින් තිබූ ජීවිත 07 ක් බේරා ගත් වීර මැගිලින් නම් පාසල් සිසුවිය ගැන අප තරුණ කාලයේ අහන්නට ලැබුණා.

1961 දී මුලින්ම අභ්‍යවකාශයට පය තැබීමේ මිනිසා ලෙස ගෞරවය හිමි කර ගත් යූරි ගගාරින් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ඔහු පිළිගැනීමේ ගෞරවය ඇයට හිමි කර දීමට සිරිමා බණ්ඩාරනායක අගමැතිතුමිය කටයුතු කළා.  එතුමිය අද මෙම අවස්ථාවට පැමිණ සිටීම ගැන අප සතුටට පත් වනවා.

ලේ දන් දෙන, ඇස් දන් දෙන,වකුගඩු දන් දෙන පරිත්‍යාගශීලි මිනිසුන් සිටින අපේ පුංචි රට කුමන අඩුපාඩු තිබුණත් දුර්ලභ ග‍නයේ පරාර්ථකාමීන් සිටින රටක් බව කිව යුතුයි.  එහිදී ඔවුනට කිසිම ජාතියක්, ආගමක් හෝ වෙනත් භේදයක් නැහැ.   ගින්නට හසුවී බේරෙන්නට සටන් කරන, ජල රකුසා සමග පොර බදන පුද්ගලයා දෙමළ ද, සිංහල ද, මුස්ලිම් ද කියා ඔබ මොහොතකටවත් නොසිතූ බව මම දන්නවා.  ඔබ දැන සිටියේ ඒ තවත් මනුශ්‍යයෙකු පමණක් කියායි.

ශ්‍රේෂ්ඨතමයින් ඇගයීම මහා ජාතික යුතුකමක් වගකීමක්.  අනාගත පරපුරට දෙන වැදගත් පණිවුඩයක්.

යමෙකු අනතුරට පත් වන විට බේරා ගැනීම සඳහා දිවි පරදුවට තබමින් ඉදි‍රිපත් වන මිනිසුන් සිටින සමාජයේම තවත් පිරිසක් සිටින බව දැන් දැන් පේනවා. ඔවුන්ට එවන් අවස්ථාවක මතකයට එන්නේ අනතුරට පත් පුද්ගලයාව බේරා ගැනීම නෙමෙයි.  වහාම තම ජංගම දුරකථනයකින් එය වීඩියෝ කිරිමත්, ඉන්පසුව ෆේස්බුක් එකට දැමීමයි.

වීරයන් අගයන අතරම අප සමාජයක් ලෙස එවැනි පහත් ක්‍රියා ප්‍රතික්ෂේප කළ යුතුයි.  මෙවැනි විරු ජන සම්මාන ප්‍රධානයන් තුලින් එම පණිවිඩය යම් ආකාරයකින් ලබා දෙනවා.

කෙසේ වෙතත් රට ජාතිය වෙනුවෙන් මෙම භාරදූර කටයුත්ත ඉටු කරන වීර පොදු ජන පදනමේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු සියළු පාර්ශවයන් අගය කරනවා. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඛේදවාචකයකදි සමහරු ජීවිත බේරන්න හදන අතරෙ තව සමහරු ෆේස් බුක් එකට ෆොටෝ ගහනවා
ඛේදවාචකයකදි සමහරු ජීවිත බේරන්න හදන අතරෙ තව සමහරු ෆේස් බුක් එකට ෆොටෝ ගහනවා
http://ift.tt/2taDWXn
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_495.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_495.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy