දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ලසන්ත ඝාතන පරීක්ෂණ කඩාකප්පල් කිරීමට පිල්ලියක්?

'සන්ඩේ ලීඩර්' හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණ කටයුතු අවුල් කිරීමේ අරමුණින් යුතුව විශ්‍රාමික මේජර් ජන...


'සන්ඩේ ලීඩර්' හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණ කටයුතු අවුල් කිරීමේ අරමුණින් යුතුව විශ්‍රාමික මේජර් ජනරාල් කුමා හේරත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රශ්න කිරීමට විශ්‍රාමික එයා චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරා, විශ්‍රාමික මේජර් ජනරාල් මනෝ පෙරේරා සහ විශ්‍රාමික මේජර් ජනරාල් කුමා හේරත් යන අය පසුගිය 18 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. ලසන්ත ඝාතනය කෙරුණු සමයේ ඩොනල්ඩ් පෙරේරා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙසත් මනෝ පෙරේරා බස්නාහිර පළාත් මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙසත් කුමා හේරත් ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලෙසත් සේවය කර තිබිණි. මේ තිදෙනාගෙන් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මින් පෙර ප්‍රශ්න කර තිබුණ ද එහි අපැහැදිලි තත්වයක් හෙයින් මෙසේ තිදෙනාව ම එක වැර කැඳවා තිබිණි.

වාර්තා වන අන්දමට මේජර් ජනරාල් කුමා හේරත් තමන්ගේ අතීත මතක සටහන් සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට පසුගිය සමයේ දී ලියා ඇත. ඔහු එම සටහන් වලදී සඳහන් කර ඇත්තේ ලසන්ත ඝාතනය කර ඇත්තේ තියුණු ආයුධයකින් ඇණීමෙන් බවට මේජර් ජනරාල් මනෝ පෙරේරා විසින් එයා චීෆ් මාෂල් ඩොනල්ඩ් පෙරේරාට අදාල දිනයේදී පවසා ඇති බවය. එහෙත් මෙවර තිදෙනා ම එකවැර ගෙන්වා ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වී තිබෙන්නේ මනෝ පෙරේරා විසින් ඩොනල්ඩ් පෙරේරාට දිනපතා වාර්තාවක් ලබා දී ඇති නමුත් 'තියුණු ආයුධයකින් ඇණීමේ' කතාවක් කිසිවිටෙක කියා නැති බවත්ය. එසේම තමා එවැන්නක් දැන සිටියේ නම් මෙතෙක් කල් නීතිමය අංශයන් වෙතට එය දැනුම් නොදුන්නේ මන්දැයි CIDය විමසා සිටියදී කුමා හේරත්ට උත්තරයක් තිබී නැත.

මේ අතර ඉහත නිලධාරීන් තිදෙනාට ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත වාහනයෙන් ම පැමිණීමට අවසර ලබා දී තිබුණ ද කුමා හේරත් වාහනය මඟ නවතා පයින් පැමිණෙමින් තමා විසින් ම ගෙන්වාගත් මාධ්‍ය ආයතනයන්ට ප්‍රකාශ ද නිකුත් කර තිබිණි. CID ය ඉදිරිපිට රැඳී සිටි එක් ප්‍රධාන නාලිකාවක මාධ්‍යවේදීන්ගෙන් විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ "මේජර් ජනරාල් කුමා හේරත් ඇතුළේ ඉන්නවා නේද ? එයා තමයි අපිට එන්න කිව්වේ" යනුවෙනි. මනෝ පෙරේරා විසින් නොකියූ කතාවක් තම මතක සටහන් ලෙස ලියා නැති අවුලක් ඇති කළ කුමා හේරත් ට ම ජනමාධ්‍ය ගෙන්වාගෙන ප්‍රකාශ නිකුත් කිරීමටද වුවමනා වී තිබිණි.

මේ පිළිබඳව විමසීමේදී පෙනී යන්නේ මේජර් ජනරාල් කුමා හේරත් යනු හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ විසින් තෙවරක් ම සේවා දීර්ඝයන් ලබා දී ඇති නිලධාරියකු බවයි. ලසන්ත ඝාතනය පිළිබඳව බොහෝ පාර්ශ්වයන් වෙතින් ඇඟිල්ල දිගු වී ඇති ගෝටාබය රාජපක්ෂ හෙවත් තම ස්වාමියා බේරාගැනීම සඳහා කුමා හේරත් ක්‍රියාත්මක වෙමින් පරීක්ෂණ අවුල් කිරීමට උත්සාහ දරන බවක් මෙහිදී පෙනීයයි. එසේම ලසන්ත ඝාතනයේ සම්පූර්ණ වගකීම හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වෙත යොමු කරමින් ගෝටාබය බේරා හැරීමේ කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වන ලකුණු පෙනෙන්නට තිබේ.

(ලංකා නිව්ස් වෙබ්)

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28612,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලසන්ත ඝාතන පරීක්ෂණ කඩාකප්පල් කිරීමට පිල්ලියක්?
ලසන්ත ඝාතන පරීක්ෂණ කඩාකප්පල් කිරීමට පිල්ලියක්?
http://ift.tt/2oujhum
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_466.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_466.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy