වැඩ බලන විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිර්දේශ කරන ලද තෙවන නමද ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බ...
වැඩ බලන විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිර්දේශ කරන ලද තෙවන නමද ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බව සදහන් වේ. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (05) ව්‍යවස්ථාදායක සභාව රැස් වී ඇති අතර ඊට සාමාජිකයන් අට දෙනකු සහභාගී වී ඇත. එහිදී රාජ්‍ය බැංකු විගණනය බාරව කටයුතු කරන ජේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි ජයරත්න මහත්මියගේ නම ව්‍යවස්තාදායක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් වී ඇත.
ඇයගේ පත්වීමට පක්ෂව සිව් දෙනකු ඡන්දය පාවිච්චි කළද සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයන් දෙදෙනා ඇයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ඇයට එරෙහිව පවතින චෝදනා කිහිපයක් මතු කරමිනි.
මේ අතර තවත් සමාජිකයන් දෙදෙනකු ඡනදය දීමෙන් වැළකී ඇති අතර මේ නිසා ඇය එම තනතුරට පත් කිරීමට නොහැකි වී තිබේ.
විගණකාධිපති ධුරයට යෝජනා වූ ජයරත්න මහත්මිය රාජ්‍ය බැංකු විගණනය බාරව කටයුතු කරන අතරතුර ජේෂ්ඨ අදාල පරිපාලන රෙගුලාසි හා විගණනයේ ස්වාධීනත්වයට හානිවන පරිදි බැංකු විගණනය කරන මුවාවෙන් ඒම බැංකු වලින්ම දීමනා හා ගුවන් ටිකට්පත් ලබාගනිමින් විදේශ සංවාර වල නියැලී ඇතත් ඊට අදාල විගණන වාර්තා ඉදිරිපත් ක=ර නොමැති චෝදනා පවතින බව වාර්තා වන අතර මෙය ලැබැදියාවන් අතර ගැටීමට (Conflict of Interest) තුඩුදෙන ස්වභාවයේ ගණුදෙනු ලෙසද ගැනෙන බව සඳහන් වේ.
මීට පෙර එච්.ටී.පී චන්දන සහ එච්.ඩී ධර්මපාල යන මහත්වරුන්ගේ නම්ද නිර්දේශ වුවද එම නාමයන් ද ව්‍යවස්ථාදායක සභාව අනුමත කළේ නැත.

COMMENTS