දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඓතිහාසික පාවාදීමක්.. රනිල්, විජයදාස, ඩග්ලස්, රොෂාන්, නිමල් කෙහෙළියට එදිරිව!

ඊයේ (26) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එ...

ඊයේ (26) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පැවරීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් රුපියල් කෝටි 14.5කට ආසන්න මුදලක් වැය කර ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලෝබියුලින් සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත්, ව්‍යාජ ලේඛන උපයෝගි කරගනිමින් ආනයනය කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයට මිලදී ගැනීම ඇතුළු චෝදනා යටතේ මෙලෙස අධි චෝදනා ගොනුකර තිබේ.

අධිචෝදනා 13කින් යුත් එකී අධිචෝදනා පත්‍රය නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ අසේල විජේසිංහ මහතාගේ අත්සනින් මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබීය.

මෙහි සුවිශේෂීම කරුණ වනුයේ එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්‍ෂ, ඩග්ලස් දේවානන්ද, නිමල් සිරිපාල ද සිල්වා හා රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් හා උසස් රාජ්‍ය නිලධාරීන් රැසක් ද නම් කර තිබීමයි.

2022 වසරේදී රට තුළ පැවැති ආර්ථික අර්බුදයට මුවාවී ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය බැහැරව අයිසොලෙස් බයෝටෙක් ෆාමා පුද්ගලික සමාගම හරහා ආනයනය කර රට පුරා පිහිටි රජයේ රෝහල්වලට එකී එන්නත් බෙදාහැර තිබුණි. එම එන්නත් භාවිත කළ රෝගීන් විශාල පිරිසක් දැඩි ලෙස රෝගී වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් 2023 වසරේදී ලැබුණ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ විමර්ශන වසර දෙකකට ආසන්න කලකදී අවසන් කර ඇති අතර ඉදිරිපත් වූ සාක්ෂි, ලේඛන ඇතුළු විද්‍යාත්මක වාර්තා ඇතුළු විමර්ශන උද්ධෘත සලකා බැලූ නීතිපතිවරයා විත්තිකරුවන් 12 දෙනකුට එරෙහිව එම නඩුව පැවරීය.

එම නඩුව හදිසි හා සුවිශේෂි නඩු කටයුත්තක් ලෙස සලකා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විභාගය සඳහා පත්කරන්නැයි නීතිපති පාරින්ද රණසිංහ මහතා කළ ඉල්ලීම සලකා බැලූ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විසින් මහේන් වීරමන්, අමාලි රණවීර හා ප්‍රදීප් අබේරත්න යන විනිසුරු මඬුල්ල පත්කර ඇත.

හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය අඩංගු කුප්පි 6195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් ලක්ෂ 1444ක මුදලක් ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා යටතේ පවරා ඇති එම නඩුවේ විත්තිකරුවන් ලෙස පහත සඳහන් 12 දෙනා නම් කර තිබිණි.

අයිසොලීස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, හිටපු ගණකාධිකාරි (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ධර්මසිරි රත්නකුමාර හේරත්, කෙහෙළිය රඹුක්වැල්ල.

ඔවුන්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය තුසිත සුදර්ශන අරඹේගෙදර, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර ද එම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි. විත්තිකාර වෛද්‍ය ජයනාත් බුත්පිටිය විමර්ශන ආරම්භ කිරීමට පෙරම විදේශගත වී තිබූ අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිටත් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මේ වනවිට ඇප මත මුදාහැර ඇතත් පළමු විත්තිකාර එන්නත් සැපයූ සමාගම් හිමිකරු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

විත්තිකරුවන් 12 දෙනාට එරෙහිව ගොනු කළ අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනා සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් 350කට ආසන්න පිරිසක් සහ නඩු ලේඛන හා භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පෙන්වා දෙමින් නීතිපතිවරයා විසින් සාක්ෂි හා නඩු භාණ්ඩ ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.!


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29489,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඓතිහාසික පාවාදීමක්.. රනිල්, විජයදාස, ඩග්ලස්, රොෂාන්, නිමල් කෙහෙළියට එදිරිව!
ඓතිහාසික පාවාදීමක්.. රනිල්, විජයදාස, ඩග්ලස්, රොෂාන්, නිමල් කෙහෙළියට එදිරිව!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj58Mtr7HYpe6C9Lo7VTqR1mRepbx5L6INhhopaDGN8Af2MBJGXQsZRtYyk0NMAisyKIJq-wC0OIQJljouDojA-8jJDkBbHEqC2tKEaC-5GjGIO4ZHrk__H7vsUAmWb2FCuOPy19kfuRwwjRzlS0lMZMxMpPnhIK5boyZCvVYQjsn4f2Gl5Ad5uNXLaw04f/s320/ranil-with-team.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj58Mtr7HYpe6C9Lo7VTqR1mRepbx5L6INhhopaDGN8Af2MBJGXQsZRtYyk0NMAisyKIJq-wC0OIQJljouDojA-8jJDkBbHEqC2tKEaC-5GjGIO4ZHrk__H7vsUAmWb2FCuOPy19kfuRwwjRzlS0lMZMxMpPnhIK5boyZCvVYQjsn4f2Gl5Ad5uNXLaw04f/s72-c/ranil-with-team.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post_37.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post_37.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy