මහනුවර හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කිරීම සඳහා පැවති සභා රැස්වීමේදී පළාත් පාලන කොමසාරිස්වරයා විසින් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්...
මහනුවර හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කිරීම සඳහා පැවති සභා රැස්වීමේදී පළාත් පාලන කොමසාරිස්වරයා විසින් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි.
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ කිසිවකුට බහුතරයක් නොමැති ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේග සභාපති අපේක්ෂකයා බහුතරය ලද්දෙකු සේ සලකා සභාපති අසුනේ අසුන් ගන්වා සභාවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා සභාව මෙහෙයවීමට කොමසාරිසරය කටයුතු කරන ලද බවයි.
ඊට සභාවෙන් විරෝධතාවය එල්ලවීම මත එම සභාපති අපේක්ෂකයා නැවත සභාවට යවා ඡන්දයක් කැදවීමට කටයුතු කරන ලද බවද ඔහු පැවසුවේය.
මෙය සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් පක්ෂපාතික කටයුතු කරන නිලධාරින් සම්බන්ධයෙන් පියවරක් ගත යුතු බවත් හෙතෙම තවදුරටත් අවධාරණය කළේය.

COMMENTS