ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 76ක ගොඩමඩ ඉඩමක් හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක විසින් පසුගිය 2000 වර්ෂයේදී කෘෂික...
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 76ක ගොඩමඩ ඉඩමක් හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක විසින් පසුගිය 2000 වර්ෂයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා සිය බිරිඳ සභාපති ධූරය දැරූ හිරියාල ගොවි සමාගමට බදු දී තිබෙන බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
එහෙත් වසර 25ක් තිස්සේ එක සත පහක බදු මුදලක් රජයට ලැබී නොමැති බවත් ඉඩම හිරියාල සමාගමට බදු දීමෙන් පසු තවත් පාර්ශව ගණනාවකට අතුරු බදු දී මුදල් උපයා ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
මෙම ඉඩමෙන් ආර්ථිකයට දායකත්වයක් ලැබී නැති අතර රජයට අයවිය යුතු බදු මුදල් පවා ලැබී නැති බවත් එම ඉඩම රජයට පවරා ගැනීම සම්බන්ධව ගැටලුවක් පවතින හෙයින් මේ පිළිබඳව කමිටුවක් පත් කර කරුණු සොයා බලන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
තවද මෙම ඉඩම ඉඩම් කොමසාරිස්වරයාගේ අනුමැතිය සහිතව ලංකා පුත්‍ර බැංකුවට උකසට තබා ඇති බවත් අනතුරුව එලෙස උකසට තියා ගත්තු ණය පවා ගෙවා නැතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරයි.
COMMENTS