දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තිදෙනෙකුට මරු කැඳවා 34කට තුවාල සිදුකළ බදුල්ල මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ රිය පදවා ඇත්තේ රිය සහායකයා බව හෙළි වෙයි!

ඊයේ (21) බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී පුද්ගලයින් 03 දෙනෙකුට දිවි අහිමි කරමින් 34 දෙනෙකුට තුවාල සිදුකළ මාරක අනතුරට බස් රථය ලක්වන විට රිය ධාව...

ඊයේ (21) බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී පුද්ගලයින් 03 දෙනෙකුට දිවි අහිමි කරමින් 34 දෙනෙකුට තුවාල සිදුකළ මාරක අනතුරට බස් රථය ලක්වන විට රිය ධාවනය කර ඇත්තේ බස් රථයේ රියදුරු නොව රිය සහායකයා බව පොලිසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ රිය සහායක බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී මෙම බස් රථය පෙරළී ගොස් තිබුණේ අද පස්වරු 6ට පමණය.

බස් රථයට යටවී පුද්ගලයින් දෙදෙනෙක් සිටි බවත් ඔවුන් දෙදෙනාම මියගොස් සිට ඇති අතර රෝහලට රැගෙන ආ පසු තවත් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවත් බදුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.

තුවාල කරුවන් 34 දෙනෙක් රොහල්ගත කර ඇති අතර ඉන් දෙදෙනෙක් බරපතල තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති. ප්‍රතිකාර ලබමින් සිටින්නේ කාන්තාවක සහ දරුවෙකි. කාන්තාවගේ තත්ත්වය ඉතාම අසාධ්‍ය බව වාර්තා වේ.

අනතුරට ලක් වු බස් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති බවට ද මේ වනවිට තොරතුරු ලැබී ඇත. පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන පවත්වමින් හිඳී.

මෙලෙස අනතුරට ලක්ව තිබුණේ බදුල්ල සිට අනුරාධපුර දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි.

අනතුරට පත් පිරිස අනුරාධපුර, තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත්,  ඔවුන් අද අලුයම බදුල්ල මුතියංගන වෙහෙර වැඳපුදාගෙන නැවත නිවෙස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29478,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තිදෙනෙකුට මරු කැඳවා 34කට තුවාල සිදුකළ බදුල්ල මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ රිය පදවා ඇත්තේ රිය සහායකයා බව හෙළි වෙයි!
තිදෙනෙකුට මරු කැඳවා 34කට තුවාල සිදුකළ බදුල්ල මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ රිය පදවා ඇත්තේ රිය සහායකයා බව හෙළි වෙයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSvvW1-EkNV7yA9wLR0k1t-h4ltPPibn5r__u5eHUuXzwthdgNi58ntn5msgokTwvj1UfviMhhunIUO1YYz1ul7pivonFeo5FpFhqUTnueeyrfwOzjU9RP9v9buEpjE5ogZT4aYPECSKm_bI91HmThOtXe0yAcOgCdyNn3AOe0TyCm4hA5LNSmnuxCrNDO/s320/bus.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSvvW1-EkNV7yA9wLR0k1t-h4ltPPibn5r__u5eHUuXzwthdgNi58ntn5msgokTwvj1UfviMhhunIUO1YYz1ul7pivonFeo5FpFhqUTnueeyrfwOzjU9RP9v9buEpjE5ogZT4aYPECSKm_bI91HmThOtXe0yAcOgCdyNn3AOe0TyCm4hA5LNSmnuxCrNDO/s72-c/bus.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/06/34.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/06/34.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy