දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තව සති දෙකයි... අධිකරණය මවිතයට පත්කරන තොරතුරු රැසක් එළියට!

වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (11) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත...

වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (11) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (25) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

මේ අතර ඉදිරි සති දෙක තුළ අධිකරණය මවිතයට පත් කරන තොරතුරු ඉදිරිපත්  කිරීමට සූදානම් බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේය.

“ස්වාමීනි.. අධිකරණය මගින් වරදකරුවන් කරන පුද්ගලයින්ට සමාව ලබාදීමේ බලය ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වී තිබෙනවා. ඒ යටතේ කාණ්ඩ හතරක වැරදි වලට සම්බන්ධ පුද්ගලයින්ට ජනාධිපතිවරයාට සමාව ප්‍රදානය කළ හැකියි. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මගින් ඉකුත් මැයි මස (02) වනදා වරදකරු කරන අතුල තිලකරත්න නැමති පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම වෙනවා.

මේ දඩය නොගෙවීම නිසා එම විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කොට අදාල දඩ මුදල වන්දියක් ලෙස අයකර ගන්නා ලෙසට අනුරාධපුර අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැයි මස (02) වනදා සිරගත වන මේ වරදකරු මැයි මස (12) වනදා ජනාධිපති සමාව මත නිදහස් කරනවා. දැන් ඒ පුද්ගලයා රටින් පලා ගිහින් කියලත් තොරතුරු ලැබී තිබෙනවා. ස්වාමීනි.. මෙහෙම වෙන්නේ කොහොමද.?

ස්වාමීනි.. වෙසක් දින පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීම සඳහා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිරකරුවන් 37 දෙනෙකුගේ නාම ලේඛනයක් මේ සැකකරුට යවනවා. එහෙත් මේ සැකකරු සමාව දීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කරන්නේ සිරකරුවන් 36 දෙනෙකුගේ නම් පමණයි. එක් නමක් අඩුවෙන් තමයි යවන්නේ.

ඉන් පස්සේ මේ සැකකරු අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට දැනුම් දෙනවා ජනාධිපතිවරයා සිරකරුවන් 37 දෙනෙකුට සමාව දීලා තියෙනවා කියලා. ඔහු ඇයි එහෙම කළේ කියන ප්‍රශ්නය මතුවෙනවා. අනුරාධපුරෙන් නීති විරෝධී ආකාරයට එක් සිරකරුවෙක් නෙවෙයි සිරකරුවන් 03 දෙනෙකු නිදහස් කරලා තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් තොරතුරු ලැබිලා තියෙනවා.

අපි මේවා ගැන සම්පූර්ණ පරීක්ෂණයක් කරනවා. දිවයිනේ සියලුම බන්ධනාගාර අධිකාරීවරු ගැන විමර්ශනය කරනවා. අධිකරණ වලින් බොහොම අමාරුවෙන් තමයි සාක්ෂි මෙහෙයවලා පුද්ගලයකු වරදකරු කරන්නේ. එසේ අධිකරණ තීන්දු දුන්නම මේ අය වෙනමම නඩු අහලා වරදකරුවන්ට සමාව දීල ගෙදර යවනවා.

මෙයාලා බන්ධනාගාර ඇතුළේ රාජධානි හදාගෙන නඩු අහල සමාව දෙනවා. මේගොල්ලෝ සර්ව බලධාරීන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ සියලු දේවල් සිදුවෙන්නේ මේ සැකකරුගේ නායකත්වයෙන්. මොහුගේ අනුදැනුම නැතුව මේ වගේ වැඩ කරන්න බැහැ. ලක්ෂයක් දඩ ගහපු පස්දෙනෙක් පොදු සමාව ලබන්න සුදුසුකම් ලබලා තිබෙනවා නම් ඔවුන් අතරින් එක්කෙනෙක් මේගොල්ලෝ තෝරාගන්නේ කොහොමද.? කියලා මම ප්‍රශ්න කරනවා.

ඒ අයව සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනවද.? එහෙම නැත්නම් තමන්ට ලැබෙන වාසියට අනුව නිදහස් කරන පුද්ගලයාව තෝරගන්නවාද.? කියලා මම ප්‍රශ්න කරන්න කැමතියි. මෙයාලා නිදහස් කරන පුද්ගලයින් ගැන කවදාවත් අධිකරණ දැනුවත් කරන්නේ නැහැ. මොකද ඒක එයාලට මදිකමක්. එයාලා හිතාගෙන ඉන්නේ එයාලා සියල්ලට උඩින් ඉන්නවා කියලා. ඇත්තටම වෙසක් දින නිදහස් කළ 388 දෙනා ඇත්තටම නිදහස ලැබීමට නියමිතව සිටි අයද කියලත් අපි පරීක්ෂණයක් කරනවා. මොකද මේ පුද්ගලයින්ගේ නම් එවන්නේ නෑ. අංක විතරයි එවන්නේ. ඒ නිසා ඒ ගැනත් අපි පරීක්ෂණ කරනවා.”

තවදුරටත් අදහස් දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ස්වාමීනි.. සිංගප්පූරු නඩු තීන්දු අපේ රටට හරියන්නෙ නෑ. මේ රටේ ඉන්නේ සංවිධානාත්මක වගේම සූක්ෂම අපරාධකාරයෝ. එයාලා පැනලා ගියොත් ආයේ අපිට අල්ලන්න හැකි වෙන්නේ නෑ. බැසිල් රාජපක්ෂ කියලා පුද්ගලයෙක් විදේශගත වෙනකොට මම විරුද්ධ වූණා. ඔහු ප්‍රබල අමාත්‍යවරයෙක් ප්‍රසිද්ධ පුද්ගලයෙක්.

දැන් විදේශගත වෙලා ගෙන්න ගන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා. මේ නඩුකරයේ ප්‍රධාන බූවල්ලා ඇතුල හිටියට එයාගේ අඩු එළියේ දස අතේ විහිදිලා තිබෙනවා. ඒ නිසා මේ වගේ පුද්ගලයෝ ගැන සැහැල්ලුවෙන් තකන්න බැහැ. ස්වාමීනි අපි විමර්ශන කරලා ඊළඟ සති දෙක තුළ අධිකරණයට හිතාගන්න බැරි මවිතයට පත්කරන තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.”

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තව සති දෙකයි... අධිකරණය මවිතයට පත්කරන තොරතුරු රැසක් එළියට!
තව සති දෙකයි... අධිකරණය මවිතයට පත්කරන තොරතුරු රැසක් එළියට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWTlHJ9Su3E4wC0XCMMr10UJTDPPsvhWHlIUtfab9_uGReGb2OImbL6679YqMkNSf4GtMpJYQ-VKxS7_JOxAX2s6hcQxaxPmaqYBhb9b3IPWi-5g3HSB3Zkd-K-Dx2uOfJGLTMrP4DLJlxZVZCz3jkQJ8Dxt1UDaDjT2DnQvcWySz0vDMgJMUcQFm0Rg_X/s320/basil.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWTlHJ9Su3E4wC0XCMMr10UJTDPPsvhWHlIUtfab9_uGReGb2OImbL6679YqMkNSf4GtMpJYQ-VKxS7_JOxAX2s6hcQxaxPmaqYBhb9b3IPWi-5g3HSB3Zkd-K-Dx2uOfJGLTMrP4DLJlxZVZCz3jkQJ8Dxt1UDaDjT2DnQvcWySz0vDMgJMUcQFm0Rg_X/s72-c/basil.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/06/blog-post_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy