දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පුද්ගලික බස් රථ රියදුරෙක් පොලොන්නරුව ඩිපෝව ඉදිරියේ දී ඩිපෝ කළමනාකරුට පහර දීලා… ඇති වූ ගැටුමෙන් 05ක් රෝහලේ…

පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිටදි 25 වෙනිදා සවස පෞද්ගලික බස් රථ රියදුරෙකු පොලොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලය ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමෙන් පසු ඇති වූ...

පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිටදි 25 වෙනිදා සවස පෞද්ගලික බස් රථ රියදුරෙකු පොලොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලය ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමෙන් පසු ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයා ඇතුළු පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.

මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයට අතරමගදී පෞද්ගලික පන්ති යන සිසුන් හා සීසන් ලබාගත් පිරිස් පටවා ගෙන ඒම නිසා පෞද්ගලික බස් රථයට මගී ජනතාව අඩුවීම මෙම ගැටුමට හේතුව බවද පොලිසිය කියයි.

මාතර සිට පැමිණෙන බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයාද සිට ඇති අතර එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට හරස් කරමින් පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමත් සමග ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් ද බස්රථ රියදුරුට සහ කොන්දොස්තරයාට පහරදීම දීමෙන් මෙම ගැටුම දුරදිග ගොස් ඇති බවද පොලිසිය පවසයි.

මෙම ගැටුමෙන් ඩිපෝ කළමනාකාරවරයා, කාර්මික නිලධාරියකු සහ, ඩිපෝවේ රියදුරු රෝහල් ගතවීමෙන් අනතුරුව පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද පොළොන්නරුව රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ගන්නා බව පොලිසිය කියයි.

ඩිපෝ කළමනාකාරවරයාට, රියැදුරට සහ කාර්මික නිලධාරියාට පහරදීමත් සමග, ඊට විරෝධය පළ කරමින් සියලු බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ දුර ගමන් සේවා අතර ඩිපෝවේ බස් රථ 135 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර පහරදීමට විරෝධය පළ කරමින් 26 වෙනිදා බස් රථ වර්ජනයක් ද සිදු කිරීමට කටයුතු කරන බව ඩිපෝවේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.

පොළොන්නරුව ඩිපෝවා බස් රථ රැසක් මේ වනවිට ගාල්කර ප්‍රධාන ගේට්ටුව වසා සේවකයන්ගේ සහ බස් රථවල මෙන්ම දේපළවල ආරක්ෂාව පොලිසිය විසින් තහවුරු කර තිබේ.
-lankasara

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29487,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුද්ගලික බස් රථ රියදුරෙක් පොලොන්නරුව ඩිපෝව ඉදිරියේ දී ඩිපෝ කළමනාකරුට පහර දීලා… ඇති වූ ගැටුමෙන් 05ක් රෝහලේ…
පුද්ගලික බස් රථ රියදුරෙක් පොලොන්නරුව ඩිපෝව ඉදිරියේ දී ඩිපෝ කළමනාකරුට පහර දීලා… ඇති වූ ගැටුමෙන් 05ක් රෝහලේ…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaxIdB8uFnZezWvEYZvOoUQojpxS7sRk6fHkjYquyAaW5VO-CxnraNbEQt57RpzE2mGcyyMPxyqpZAjk7ynBF_cHq5dzmIXD1lIEXFg-N2oOtIktdAOxIbj8An7vH6J3PF71QxPGhDv0ZARhpRHd_GPUXbQNdwhCIw09euyY0uL-uTXzx2BvqBDMSNN4R1/s320/bs.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaxIdB8uFnZezWvEYZvOoUQojpxS7sRk6fHkjYquyAaW5VO-CxnraNbEQt57RpzE2mGcyyMPxyqpZAjk7ynBF_cHq5dzmIXD1lIEXFg-N2oOtIktdAOxIbj8An7vH6J3PF71QxPGhDv0ZARhpRHd_GPUXbQNdwhCIw09euyY0uL-uTXzx2BvqBDMSNN4R1/s72-c/bs.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/06/05.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/06/05.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy