දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ව්‍යාපෘති 77කින් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් ගසා කෑ අපරාධයට අත් අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ සහකාර ලේකම්වරිය සහ ලේකම්වරයා රිමාන්ඩ්!
Homeප්‍රවෘත්ති

ව්‍යාපෘති 77කින් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් ගසා කෑ අපරාධයට අත් අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ සහකාර ලේකම්වරිය සහ ලේකම්වරයා රිමාන්ඩ්!

PropellerAds

සබරගමුව පළාතේ මාර්ග ක්‍රීඩාංගන ඇතුළු ව්‍යාපෘති 77කට අදාලව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක් වංචා කිරීම සම්බන්ධයෙන් සබරගමු පළාත්...

"මම මේ දවස්වල කරන්නේ ටික් ටොක් විතරයි" - මංගලගේ අළුත්ම වැඩේ - (video)
මෛත‍්‍රී ආණ්ඩුවේ එල්ලුනේ තමන්ගේ බේරීමටයි.. එහෙම කලාට ඔහු ගැලවීමක් නෑ..
සජිත්ට පෞර්ෂයක් නෑ කියා ෆොන්සේකා විපක්‍ෂ නායකකමට ඉල්ලයි..
සබරගමුව පළාතේ මාර්ග ක්‍රීඩාංගන ඇතුළු ව්‍යාපෘති 77කට අදාලව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක් වංචා කිරීම සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ සහකාර ලේකම්වරියක සහ හිටපු ලේකම්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 08වන දා තෙක් බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සබරගමු පළාත් මාර්ග සංවවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක සංවර්ධන, පළාත් මාර්ග නඩත්තු අමාත්‍යාංශයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ කුසුම්ලතා කුමානායකට සහ එම අමාත්‍යාශයේ ලේකම්වරයෙක් වූ දේවප්‍රිය විජයරාජ වෙතය.

පොලිිසිය මගහැර සිටි සැකකාර සහකාර අධ්‍යක්ෂවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය 07 වැනිදා අත් අඩංගුවට ගත් අතර සැකකාර ලේකම්වරයා නීතිඥයෙක් මාර්ගයෙන් භාර වූයේය.

මීට අමතරව සබරගමුව පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක සංවර්ධන, පළාත් මාර්ග නඩත්තු අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් වු දේවප්‍රිය විජයරාජ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙක් මාර්ගයෙන් භාර වූයේය.

අඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්මික නිලධාරියෙකු ලිපිකරුවෙකු සහ ලේකම්වරයෙකු ද මීට පෙර මෙම වංචාව සම්බන්ධව සැක පිට අත් අඩංගුවට ගෙන තිබිණි.

මේ වංචාව විය හැකි කුජීතම ආකාරයේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ අපාරධයකි. සබරගමුව පළාතේ මාර්ග සහ ක්‍රීඩාංගන ඇතුළු ව්‍යාපෘති 77කට අදාලව අදාල අමාත්‍යාංශය විසින් මුදල් වෙන් කරගෙන තිබිණි. එහෙත් ඒ මාර්ග හෝ ක්‍රීඩාංගන ඉදිකර තිබුණේ නැත. පසුව ඒ සම්බන්ධව සිදුකළ විගණන පරීක්ෂණයකින් හෙළි වන්නේ 2016 හා 2017 වර්ෂවලදී මෙම මාර්ග සහ ක්‍රීඩාංගන සහිත ව්‍යාපෘති 77 ඉදිකර නිමා කර ඇතැයි අසත්‍ය ලේඛන ඉදිරිපත් කර මේ හත් කෝටි හැත්තෑ ලක්ෂය වංචා කර ඇති බවය.

අපරාධය සම්බන්ධව ඉදිරි විමර්ශන පැවැත්වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29442,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ව්‍යාපෘති 77කින් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් ගසා කෑ අපරාධයට අත් අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ සහකාර ලේකම්වරිය සහ ලේකම්වරයා රිමාන්ඩ්!
ව්‍යාපෘති 77කින් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් ගසා කෑ අපරාධයට අත් අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ සහකාර ලේකම්වරිය සහ ලේකම්වරයා රිමාන්ඩ්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzXt2bCviG2q6oXjZ2CiVYS9WGmjwP8TM0XpKVutPflpfdPb9mJxCPt5p1dUUvq4yaCMN6hJGrDLDSX2V42BgAJnqdBUf6FJtImZMxBDd_f0bKujEIBHDeVW-uTinZq0x1HuPGC6k6oh8_E_YTdYosQyOJIMvjj62l48Mv3UBL8p7MUAeDvT5Rv7WU_7qV/s320/sabaragamu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzXt2bCviG2q6oXjZ2CiVYS9WGmjwP8TM0XpKVutPflpfdPb9mJxCPt5p1dUUvq4yaCMN6hJGrDLDSX2V42BgAJnqdBUf6FJtImZMxBDd_f0bKujEIBHDeVW-uTinZq0x1HuPGC6k6oh8_E_YTdYosQyOJIMvjj62l48Mv3UBL8p7MUAeDvT5Rv7WU_7qV/s72-c/sabaragamu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy