දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂය සමග ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණයක
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂය සමග ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණයක

PropellerAds

යු ද්ධය අවසන් කළ මහින්ද, ගෝඨාභය සුසංයෝගය කිසිසේත් මෙරට ජාතික සම්පත් විකුණන්නේ නැති බවත් වරාය නැගෙනහිර ජැටිය විකිනීමට හෝ බදු දීමට මෙතෙක් කි...

යුද්ධය අවසන් කළ මහින්ද, ගෝඨාභය සුසංයෝගය කිසිසේත් මෙරට ජාතික සම්පත් විකුණන්නේ නැති බවත් වරාය නැගෙනහිර ජැටිය විකිනීමට හෝ බදු දීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මහින්ද ගෝඨාභය සුසංයෝගය මෙරට ජනතා අපෙක්ෂාවන් බිද නොදමන බව සහතික යැයි අවධාරණය කරන ඇමතිවරයා විපක්ෂය මේ වන විට රට තුළ බොරු වපුරමින් ආණ්ඩු විරෝධී රැල්ලක් නිර්මාණය කර ගැනීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බවත් 2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිද දැමීම සදහාද ක්‍රියාත්මක වූයේ මේ හා සමාන කුමන්ත්‍රණයක් බවත් පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ ගම්පහ විකල්ප මාර්ගයේ වසර 100 ක් පමණ පැරණි පාලම් ත්‍රිත්වය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරමින් ඊයේ (30) පැවති උත්සවයකදි ඇමතිවරයා මේ බව සදහන් කලේය.

මිනුවන්ගොඩ සිට පන්සිල්ගොඩ හරහා ගම්පහ දක්වා දිවෙන මෙම විකල්ප මාර්ගයේ ප්‍රවේශ පාලම් තුන ඉදි කර තිබුනේ මීට වසර 100 පමණ පෙරයි. එම පාලම් තුනම අබලන් වී තිබූ අතර එහි කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක්ද සිදු ව තිබුනේ නැත. මාර්ගය පටු වීම නිසා බස් රථ දාවනයද නතර වී තිබුනි ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුව මෙම පාලම් තුන ඉදි කිරීම සදහා ග්‍රාමීය මාර්ගය හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා විසින් රුපියල් මිලියන 88 ක් (ලක්ෂ 880 යි) මුදලක් මේ සදහා වෙන් කර තිබුනි.  ඉදිකිරීම් මාස 6 කින් අවසන් කිරීමට නියමිතයි. පාලම් තුන වාහන දෙකක් මාර්ගයේ හැකි ලෙස පුලුල් කෙරේ ඉතා පටු මෙම මාර්ගයේ මුල් කොටස පුලුල් කිරීමටද මේ අනුව පියවර ගැනේ.

උත්සව සභාව අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.

‘‘අද රට තුල ආණ්ඩුව විවේචනය කිරීමේ රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙනවා. විපක්ෂයට ඕනෑ මේක ආණ්ඩු විරෝධි රැල්ලක් කර ගන්න. අදාහනයද, භූමදානයද, දම්මික පැණිය, වරාය නැගෙනහිර ජැටිය සංචාරකයන් දිවයිනට ගෙන ඒම, පාසල් විවෘත කිරීම වගේ විවිධ විෂයන් සම්බන්ධයෙන් විපක්ෂය රට තුල බොරු වපුරනවා ඒකට අපේ අයත් අහු වෙනවා. මේවා ගැන ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කලත් විපක්ෂය දිගටම බොරුව අරගෙන යනවා සමහර වෙලාවට ආණ්ඩුවේ ප්‍රකාශයට වඩා මිනිස්සු විශ්වාස කරන්නේ මේ විපකෂයේ බොරුව කනගාටුවට කරුන තමයි අපිට මේ ආණ්ඩුව ගන්න උදව් කරපු සමහර අයත් මේ බොරුව විශ්වාස කරන එක 2015 දී සිද්ද වුනෙත් මේකමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න මේ විදිහටම බොරු මතවාද සමාජගත කළා අපේම සමහර අයත් මේ කුමන්ත්‍රණයට අහු වුනා ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විට විපක්ෂය ආරම්භ කර තිබෙනවා ඊට බටහිර බලවේග වල සහයත් ලැබෙනවා 2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව තිබුණු කුමන්ත්‍රණයම තමයි අද මහින්ද ගෝඨාභය සුසංයෝගයෙන් සැදි මේ ආණ්ඩුවට එරෙහිව අළුත් වටයකින් ආරම්භ කරලා තියෙන්නේ.

වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් රට තුල මතුව ඇති කථා බහා විරෝධයක් එවැන්නක් වරාය නැගෙනහිර ජැටිය බදු දෙන්න හෝ විකුණන් ආණ්ඩුව මෙතෙක් තීරණය කර නැහැ. අපි ජාතික සම්පත් රකින ආණ්ඩුවක් මිස විකුණන ආණ්ඩුවක් නෙවෙයි. මහින්ද ගෝඨාභය සුසංයෝගයෙන් තමයි මේ රට දශක තුනක යුද්ධයෙන් බේරාගත්තේ ඒ සුසංයෝගයම තමයි මේ රට නැවත ගොඩ නැගුවේ මහින්ද ගෝඨාභය සුසංයෝගය කවදාවත් මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ. ඔවුන් එහෙම කළ අය නෙවෙයි. ඔවුන් කිසිදා තමන්ට ලැබුනු ජන වරම පාවා දෙන්නේ නැහැ ඒ නිසා වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වෘතීය සමති මහා සංඝරත්නය මතු කර ඇති අදහස් පිලිබදව රජය අවධානය යොමුව තිබෙනවා. විපක්ෂය හදන්නේ බොරදියේ මාලු බාන්න ඒකට අපි ඉඩ තියන්නේ නැහැ.

දැන් බලන්න කොවිඩ් එන්නත එජාපයයි සජබයයි ජවිපේයයි තුන්ගොල්ලොම රට තුල මහා ගෝෂාවක් නැගුවා කොවිඩ් එන්නත ගෙන්නේ නැහැ කියලා ඉන්දියාවෙන් ඒකට අපිට ලැබුනම දැන් කියනවා කොවිඩ් එන්නත ගබඩා කරන්න පහසුක්ම නැහැලු එන්නත ලබා දීමේ ක්‍රමවේදයක් නැහැලු මේවගේ විවිධ චෝදනා. විපක්ෂය කරන්නේ බොරු කියමින් ජනතාව රවටන එක. එක බොරුවක් සමාජ ගත කරලා ඒ බොරුව බොරුවක් විදිහට ඔප්පු වුනත් තවත් එය කියමින් යනවා. බොරු කියලා මේ ආණ්ඩුව වට්ටන්න බැහැ ජනාධිපතිතුමා පත්වෙලා වසරයි. ආණ්ඩුව පත්වෙලා මාස 05 යි මේක ජනතාවාදී ආණ්ඩුවක් මිසක් ජනතා විරෝධී ආණ්ඩුවක් නෙවෙයි. ඒ නිසා ජන මතයට පිටින් අපි කිසිදු තීන්දුවක් ගන්නේ නැහැ.

ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

අපේ ඉලක්කය තමයි වසරක් තුල ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 25000 ක් කාපට් කිරීම ජනාධිපතිතුමාගේ පොරෝන්දුව වුනේ මේ වසර 05 තුල ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමයි අපි ඒ ඉලක්කය සපුරන්න සුදානම් මේ වසරේ ග්‍රාමීය පාලම් 1000 ක් ඉදි කරනවා වසර 05 තුල ග්‍රාමීය පාලම් 5000 ක් ඉදි කිරීම ආණ්ඩුවේ ඉලක්කයයි මේ වන විට ලංකාව පුරා ග්‍රාමීය මාර්ග කිලෝමිටර් 12,000 කට වැඩියෙන් අපි වැඩ ආරම්භ කර තියෙනවා. කොරෝනා නිසා අපි බලාපොරොත්තු වූ වේගයෙන් යන්න බැහැ නමුත් ආණ්ඩුවේ සංවර්ධනය නතර කරන්න කිසිදු බලවේගයකට ඉඩ තබන්නේ නැහැ. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් කොළඹ සිට සංගමන්කණ්ද තුඩුව දක්වාත් අපි රජය සංවර්ධනය එක ලෙස ක්‍රියාත්මක කරනවා.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල, නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරුන්ද මෙහිදි කථා කලහ.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29402,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂය සමග ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණයක
ආණ්ඩුවේ පිරිසක් විපක්‍ෂය සමග ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණයක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhA692EoMx2tueF_on7qYoNIEuZVLmKp1SzpgDJ7NjHxHFsHmpHIsbEJw0nHm0eFbe10KKPSlHgKB8D2DqAH-kqKAhKAdAWWg4VQaSqxsyUO6CdoIygAw9PV61PxwZn4rdt5UspW9sPeOw/s320/cabinet.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhA692EoMx2tueF_on7qYoNIEuZVLmKp1SzpgDJ7NjHxHFsHmpHIsbEJw0nHm0eFbe10KKPSlHgKB8D2DqAH-kqKAhKAdAWWg4VQaSqxsyUO6CdoIygAw9PV61PxwZn4rdt5UspW9sPeOw/s72-c/cabinet.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_99.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_99.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy