ක ල්මුනේ වෙනම ප්‍රාදේශීය සභාවක් කර දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට ලිඛිතව පොරොන්දු වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නා...
කල්මුනේ වෙනම ප්‍රාදේශීය සභාවක් කර දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට ලිඛිතව පොරොන්දු වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත් විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගත්තේ ඒ ආකාරයෙන් බවද ඔහු පැවසීය.
ඊයේ හවස 4.30 ට අගමැතිවරයා ලිඛිත එකඟත්වය පළ කළ බවත් ඊට පැය බාගයකට පසු මංගල සමරවීර ඇමතිවරයා ඊට අවශ්‍ය අනුමත කිරීම් සිදු කර දුන් බවත් ඔහු සඳහන් කළේය.
මෙසේ කප්පම් දීම නිසා ආණ්ඩුවට ඡන්ද 119ක් ලැබුණු බවත් එසේ නොවූයේ නම් ආණ්ඩුවට තිබුණේ 105ක් පමණක්වත් ජවිපෙ නායකයා කියා සිටියේය.

COMMENTS