බිංගිරිය බෙන්ජි ඇගළුල් කම්හල් පරිශ්රයේදී ජාතික ජන බලවේග මන්ත්රීවරුන් දෙදෙනෙකුට විරෝධය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්...
බිංගිරිය බෙන්ජි ඇගළුල් කම්හල් පරිශ්රයේදී ජාතික ජන බලවේග මන්ත්රීවරුන් දෙදෙනෙකුට විරෝධය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
හෙට්ටිපොළ මහෙස්ත්රාත් අධිකරණයට කිරීමෙන් පසු නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙදෙනා ජනවාරි මස 7වන දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කරන ලෙසයි.
එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රී විජේසිරි බස්නායක මහතා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුවයි.
COMMENTS