දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉක්මන් මැතිවරණයකට ගොස් ආණ්ඩු වෙනසක් කරගත යුතුයි… මෛත්‍රී මැයි රැළියේ දී කියයි!
Homeප්‍රවෘත්ති

ඉක්මන් මැතිවරණයකට ගොස් ආණ්ඩු වෙනසක් කරගත යුතුයි… මෛත්‍රී මැයි රැළියේ දී කියයි!

PropellerAds

ඉක්මන් මැතිවරණයකට ගොස් ආණ්ඩු වෙනසක් කරගත යුතු බව හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පොළොන්නරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයිදින රැළි...

TNL ප‍්‍රවෘත්ති මගින් සජිත්ට බර අවි ප‍්‍රහාර.. සජිත්ගේ රෙදි ගලවමින් ගෝටාගේ ගුණ වයයි - (video)
අධිවේගයේ තව කොටසක් අද විවෘතයි - ජනාධිපතිවරණය ඉලක්ක කර බාගෙට හදා විවෘත කරන බවට චෝදනා
SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබිම ගැන ගෝඨාභය කණගාටුව පළ කරයි
ඉක්මන් මැතිවරණයකට ගොස් ආණ්ඩු වෙනසක් කරගත යුතු බව හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පොළොන්නරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයිදින රැළියට සහභාගි  වෙමින් සඳහන් කළේය.

මෙම මැයි දින සැමරුම් උළෙල පොළොන්නරු දිස්ත්‍රික් ගොවි ජනතාව විසින් සංවිධානය කර තිබිණි.     පොලොන්නරුව   නගර සභා ඉදිරි පිටින් ආරම්භ වු මැයි දින රැළිය පොළොන්නරුව රෝහල දක්වා ගමන් කළ අතර ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ද  එක්ව සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

රට මුහුණ දීලා තිබෙන ප්‍රශ්නයකදී  ප්‍රධාන වශයෙන්ම අපට තිබෙන්නේ ජනතාවගේ පැත්ත ගැනීමයි. ජනතාවගේ පැත්ත ගන්න තමයි අද මමත් පාරට බැස්සේ. ජනතාව දහසකුත් ප්‍රශ්න මැද පීඩා විඳිද්දී අපිට පුළුවන් කමක් නෑ ගෙදරට වෙලා ඉන්න.

පහුගිය සතියේ අපි 41 දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයේ වාඩි වුණේ මේ ආණ්ඩුව යන ගමන හොඳ නැති නිසයි. ඒ නිසා අපි බලාපොරොත්තු වන්නේ ඉක්මන් මැතිවරණයකට ගිහින්  මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්නයි. ඒ අලුත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්නා ආණ්ඩුවක් විය යුතුයි. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යවන්න අද ගොවි ජනතාව ව්‍යාපාරිකයෝ ධනවතුන්, බලවතුන්, පාරට බැහැල තිබෙනවා.

විශේෂයෙන් ගෝල්ෆේස් එකේ තරුණයන්ගේ ඉල්ලීම් වලට අද මුළු රටේම ආශිර්වාදය ලැබිලා තිබෙනවා, ඒ තරුණයන් ගේ ඉල්ලීමට අපි සහයෝගය දැක්විය යුතුයි. තරුණයන්ගේ  ඉල්ලීම හොඳ රටක්  හැදීමයි.

අද  මේ රටේ ලක්ෂ දෙක තුනක් කන්න නැතුව ඉන්නවා. ඒක කාටවත් නැහැ කියන්න  පුළුවන් කමක් නෑ. ඖෂධ නොමැතිකම නිසා රෝගීන් අද  මැරෙනවා.   ආණ්ඩුවට ජනතාව එල්ල කරන  විරෝධය සමඟ ජාත්‍යන්තරව වශයෙන් මේ ආණ්ඩුව පිළිනොගන්නා මට්ටමකට පත් වෙලා තිබෙනවා.

තමුන්නාන්සේලා දන්නවා මගේ කාලේ ලෝකයේ සෑම රටක්ම අපට උදව් කළා. කිසිම රටක් සතුරු වුණේ නෑ. තරහ කරගත්තේ නැහැ. අද  ලෝකයේ රටවල තානාපතිවරු කියන්නේ මේ රජය දුෂිත රජයක් නිසා අපිට පුළුවන් කමක් නෑ උදව් කරන්න කියලා.

එනිසා මේ ආණ්ඩුව ඉල්ල අස් වෙනවාද කියන ප්‍රශ්නය ජනතාව අහනවා. එනිසා මේ රජය ඉල්ලා අස්වෙලා ජනතාවට සුදුසු ආණ්ඩුවක් පත් කර ගන්න අවස්ථාව දිය යුතුයි.

ඉදිරි දින වලදී මේ රටේ  අලුත් ආණ්ඩුවක් හදන්න මේ සටන දිගටම අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා.

එහෙම නැතිනම් ජනතාවට සැනසිල්ලෙ ඉන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ගෙවල් ඇතුලේ, මහ පාරෙ, මිනිස්සු තව තවත් මැරෙයි. තෙල්  පෝලිම්වල  මැරුණා. වෙඩි කාලා මැරුණා. මේ තත්ත්වය තවත් උත්සන්න වෙන්න පුළුවන්. ආණ්ඩුව තව තවත් බලයේ ඉන්න ඕනේ කියලා හිටියොත්.

එනිසා මේ ජනතා හඬ ජනතාවගේ ඉල්ලීම් ආණ්ඩුව පිළිගත් යුතු වෙනවා.  අපි ජාත්‍යන්තර  සහාය ලැබෙන හොඳ  ආණ්ඩුවක් බිහි කරලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මැදිහත් වෙමු කියන පණිවිඩය මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

- මනම්පිටිය නිමල් ජයරත්න


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉක්මන් මැතිවරණයකට ගොස් ආණ්ඩු වෙනසක් කරගත යුතුයි… මෛත්‍රී මැයි රැළියේ දී කියයි!
ඉක්මන් මැතිවරණයකට ගොස් ආණ්ඩු වෙනසක් කරගත යුතුයි… මෛත්‍රී මැයි රැළියේ දී කියයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhb8xGZmqzG77OBG6OKmyKxR5dGlagUVdleolSLnDzjBxswx5IUzh3co6qv9sbsARucsLWmh9R6wnQh5Q9enWedWE-NI7HuznVaPJoPF8ZM7w5lCqZjEvX39uimrYhN6S-33jOcOFSG7Zlb3khjulTxyfBLLqVvof9OVvfLWyiWebeA6k03svl4dGOnpA/s320/mayithripaala-sirisena-kamkaru-dinaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhb8xGZmqzG77OBG6OKmyKxR5dGlagUVdleolSLnDzjBxswx5IUzh3co6qv9sbsARucsLWmh9R6wnQh5Q9enWedWE-NI7HuznVaPJoPF8ZM7w5lCqZjEvX39uimrYhN6S-33jOcOFSG7Zlb3khjulTxyfBLLqVvof9OVvfLWyiWebeA6k03svl4dGOnpA/s72-c/mayithripaala-sirisena-kamkaru-dinaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/05/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy