දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමාජ සේවා සංවිධාන පනත් සංශෝධනයට හොර රහස් කැබිනට් පත්‍රිකාවක්
Homeප්‍රවෘත්ති

සමාජ සේවා සංවිධාන පනත් සංශෝධනයට හොර රහස් කැබිනට් පත්‍රිකාවක්

PropellerAds

1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත සංශෝධන කිරිම මුවාවෙන් රජය තමන් සමග කටයුතු නොකරන සිවිල් සංවිධාන මර්ධනය සදහා පනත් කෙටුම්පතක් ...

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන පරීක්ෂණ කෝ ?
පොලීසියේ, රේගුවේ හා බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් ඉහළට
කොරෝනා තත්ත්වය තරමක් දරුණුයි... මර්දනය කළා කියන්න බෑ - සෞඛ්‍ය අමාත්‍යංශය
සමාජ සේවා සංවිධාන පනත් සංශෝධනයට හොර රහස් කැබිනට් පත්‍රිකාවක්

1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත සංශෝධන කිරිම මුවාවෙන් රජය තමන් සමග කටයුතු නොකරන සිවිල් සංවිධාන මර්ධනය සදහා පනත් කෙටුම්පතක් හරහා උත්සහ දරමින් සිටින බව කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ පහතින්,

පසුගිය දා හොර රහසේ කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති ‘සමාජ සේවා පනත‘ සංශෝධනය සදහා වන කෙටුම්පත ‘සිවිල් සංවිධාන රාජ්‍යයේ අවශ්‍යතාව මත මෙහෙයවීම සදහා ද, රජය විවේචනය කරන සංවිධාන මර්ධනය සදහා ද සැකසූ මර්ධනාකාරී ලියවිල්ලකි. යෝජිත සංශෝධන මගින් ස්වේච්ජා සමාජ සේවා සංවිධාන පනතේ මුලික ව්‍යුහය හා ව්‍යවහාරයන් සම්පූර්ණයෙන්ම අත්තනෝමතික වෙනසකට ලක් කොට ඇත. ජනපති, අගමැති, අමාත්‍යවරුන් ගේ අවශ්‍යතාවන් ඉටු නොකරන සිවිල් සංවිධාන අකර්මන්‍ය කිරීම මෙම පනත් සංශෝධනයේ සැලසුම වී ඇත.

යම් පනතකට සංශෝධනයක් ඉදිරිපත් වන්නේ නම් එහි මුලික හරය විනාශ නොවිය යුතු නමුත්, යෝජිත සංශෝධන මගින් රජයේ අනුග්‍ර‍හයක් නොමැති කිසිදු සංවිධානයකට සිය කටයුතු සිදු කිරීමට නොහැකි තත්වයක් නිර්මාණය වේ. කිසිදු ව්‍යවස්ථාමය හෝ නෛතික පදනමක් නොමැති ‘රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය‘ ට නෛතික පදනමක් ලබා දී, අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු හරහා සිවිල් සංවිධාන පාලනය කිරීමට රජයට අවස්ථාව ලැබේ.

රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විසින් එක් දේශපාලන පක්ෂයකට හිතවත් නාමික සිවිල් සංවිධාන කිහිපයක් හා එක්ව මෙම මර්ධනකාරී පනත් සංශෝධනය සකස් කොට ඇත. ‘රාජ්‍ය නොවන සංවිධාන උපදේශක කමිටු සාමජිකයින් ලෙස කටයුතු කළ නිමල්කා ප්‍ර‍නාන්දු, සුදර්ශන ගුණවර්ධන, වෛද්‍යා වින්යා ආරියරත්න විසින් ඉදිරිපත් කළ කමිටු යෝජනාවන්ට සම්පූර්ණයෙන්ම පරිබාහිරව මෙම සංශෝධනය සැකසී ඇත. අවම වශයෙන් උපදේශන කමිටුව සමග සම්බන්ධ වූ සිවිල් සංවිධාන කිසිවක් සමග හෝ නව සංශෝධිත කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර සාකච්ඡාවක් හෝ පවත්වා නැත. ඒ අනුව, ‘රජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ක්‍ර‍ම විරෝධී හා ව්‍යවහාර විරෝධී ප්‍රවේශයකින් කටයුතු කර ඇති බව පැහැදිලිය.

ගමේ මරණාධාර සමිතියේ සිට විවිධ සමාජ ස්ථර හා පුද්ගලයින්ගේ එකමුතු, සමාගම් හා සංගම්, සංස්ථා ලෙස ක්‍රියාත්මක වන සංවිධාන ‘වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ‘සිවිල් සංවිධාන‘ ලෙස පැවතිය යුතු අතර, කුමන ලෙසකින් හෝ රජයේ අතකොළු බවට පත් නොවිය යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමාජ සේවා සංවිධාන පනත් සංශෝධනයට හොර රහස් කැබිනට් පත්‍රිකාවක්
සමාජ සේවා සංවිධාන පනත් සංශෝධනයට හොර රහස් කැබිනට් පත්‍රිකාවක්
http://am.lk/media/k2/items/cache/a87648d6da8136343fa53f83c0626b39_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_810.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_810.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy