මෙම 14 වෙනිදා පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ ශ්‍රමදානයට ජනතාව එකතු වී ඇත්තේ උදළු කැති නොව ඩෝසර් රැගෙන බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ පවසයි....
මෙම 14 වෙනිදා පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ ශ්‍රමදානයට ජනතාව එකතු වී ඇත්තේ උදළු කැති නොව ඩෝසර් රැගෙන බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ පවසයි. ජාතික ජනබලවේගයට ආසන 160ක් ලබා දෙමින් උතුරේ දකුණේ සහ කඳුකරයේ ජනතාව මේ රටේ සමගියෙන් ජීවත් වීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.
ජනතාව සිය වගකීම ඉටු කළා සේම සිය ආණ්ඩුව ද දියුණු රටක් ගොඩනැඟීමේ කාර්ය වහාම ආරම්භ කරන බව වසන්ත සමරසිංහ අවධාරණය කරයි.
එළඹෙන 18 වෙනිදා කැබිනට් මණ්ඩලය පත් කොට 21 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ද ඔහු අනාවරණය කළේය.
COMMENTS