අද වන විට රට තුළ කොරෝනා පාලනය ගිලිහී යන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බරපතල චෝදනාවක් එල්ල කරයි. කොරොනා පළමු ...
කොරොනා පළමු රැල්ලේ සිට මේ දක්වාම වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා වසංගතය පිළිබඳ නිවැරදි දත්ත සහ සංඛ්‍යාලේඛණ සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා නොදීම නිසා මෙම තත්වය නිර්මාණය වී ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
වසංගත රෝග ඒකකයේ ප්‍රධානියා තම වගකීම නිසි ලෙස ඉටු කළා නම් තුන්වෙනි රැල්ලක් ඇති වීමට කිසිසේත්ම ඉඩ නොලැබෙන බවද ඔහු පෙන්වා දෙයි.
අප්‍රේල් මාසයේ අළුත් අවුරුද්දට පෙර පවතින තත්ත්වය නිවැරදි සංඛ්‍යාලේඛන බලධාරීන්ට ලබා දුන්නානම් තුන්වන රැල්ල සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ගැනීමේ හැකියාව පැවතුන බව ද ඔහු පවසයි.
අද වන විට රට මුහුණ පා ඇති තත්ත්වයේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම වසංගත රෝග ප්‍රධානියා විසින් බාර ගත යුතු බවත් ඔහු සම්බන්ධයෙන් වහාම දැඩි විමර්ශනයක් කර විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ලේකම්වරයා කියා සිටී.
මෙම පවතින තත්වය තව දුරටත් පැවතුනහොත් එහි අනිටු ප්‍රතිඵල රජයටත් ජනතාවටත් ඒ ආකාරයෙන්ම අත්විඳීමට සිදුවනු ඇති බවද ෂෙනාප් ප්‍රනාන්දු මහතා තවදුරටත් කියයි.
COMMENTS