කොරෝනා එන්නත් කරණයේ දී පළමු මාත්‍රාව ලෙස එක් එක් වර්ගයකින් හා දෙවෙනි මාත්‍රාව තවත් වර්ගයකින් ලබාදීමේ හැකියාව ගැන වසංගත රෝග පිළිබඳ උපදේශන ක...
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එවන් කටයුත්තක් සුදුසු යැයි නිවැරදිව නිර්දේශ කරන තෙක් එසේ එන්නත් ලබා දීමක් සිදු නොකරන බවයි.
එන්නත් වෙනස් මාත්‍රාවන් දෙකක් ලබාදීමේ හැකියාවක් ඇත්දැයි ලෝකය පුරා මේ වනවිට පරීක්ෂණ ගණනාවක් සිදු කර ඇති බවත් එහි දත්ත පිරික්සමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
මෙරට ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ලක්‍ෂ 6ක පමණ පිරිසකට දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දීම සඳහා රජයේ අවධානය යොමුවී ඇත්තේ ඇස්ටසෙනිකා එන්නත් ලබා ගැනීමේ දුෂ්කරතාවය නිසාය.
COMMENTS