දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බදු නොගෙවූ තාබුගල - හංසමාලි විමර්ශනවල ප්‍රගතිය ඉල්ලයි

උපයාගත් ආකාරයේ හෙළිකළ නොහැකි අන්දමේ විශාල වත්කම් ප්‍රමාණයක් සතු යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල මහතා හා කෙටි කලකින් රුපිය...

උපයාගත් ආකාරයේ හෙළිකළ නොහැකි අන්දමේ විශාල වත්කම් ප්‍රමාණයක් සතු යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල මහතා හා කෙටි කලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන පියුමි හංසමාලි ගෝමස් නිරූපණ ශිල්පිනිය රජයට ආදායම් බදු නොගෙවා පැහැර හැරිම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඊයේ (11) නිකුත් කළේය.

තාබුගල සහ හංසමාලී යන පුද්ගලයන් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් චූදිතයන් දෙදෙනාට එරෙහිව පැවරු නඩු දෙක කැඳවීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළේය.

මෙම නඩු දෙක කැඳවූ අවස්ථාවේදී දේශය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විමර්ශන ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කියා සිටියේ දේශීය ආදායම් පනතේ 122(2)ආ වගන්තිය සමග කියැවෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 සහ 125 වගන්තිය ප්‍රකාරව චූදිතීන්ගේ පදිංචි ස්ථාන සෝදිසි කිරීමට හා දේපළ තහනමට ගැනීමට අධිකරණය නිකුත් කළ සෝදිසි වරෙන්තු ව ප්‍රකාරව තාඹුගල පදිංචි තලවතුගොඩ නිවසට ගියද ඔහු එම පදිංචි ස්ථානය හැරගොස් ඇති බවට තොරතුරු ඉදිරිපත් වන බවය.

පියුමි හංසමාලී පදිංචි කොළඹ 07 නිවසට ගියද ඇය කිසිදු ව්‍යාපාරික ලේඛනයක් එම පදිංචි ස්ථානයේ තබාගෙන නොමැති බව සඳහන් කළේය.

එසේ හෙයින් තවදුරටත් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය බවද ඊට අවසරය ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

-(රෝෂන් තුෂාර)
-lankadeepa

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29029,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බදු නොගෙවූ තාබුගල - හංසමාලි විමර්ශනවල ප්‍රගතිය ඉල්ලයි
බදු නොගෙවූ තාබුගල - හංසමාලි විමර්ශනවල ප්‍රගතිය ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvmowK8WZzeldehY3Ia-pkSuv-vIe6MLsD_6wmrNzQAgebcNZByx2PCxDT9amBckWHlxC524qpv7A8srrQBxnAbF_1sK-XgFw8ysfhXWXFFBzhwGmPg4XkaRVR54o6HYTyqaRRbnMlVbsPJnVlb3wR2Pj13FCJnUqD6rr6rcEghmEkMMQXS1jyu3rAFOFr/s320/thambugala-piyumi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjvmowK8WZzeldehY3Ia-pkSuv-vIe6MLsD_6wmrNzQAgebcNZByx2PCxDT9amBckWHlxC524qpv7A8srrQBxnAbF_1sK-XgFw8ysfhXWXFFBzhwGmPg4XkaRVR54o6HYTyqaRRbnMlVbsPJnVlb3wR2Pj13FCJnUqD6rr6rcEghmEkMMQXS1jyu3rAFOFr/s72-c/thambugala-piyumi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/11/blog-post_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/11/blog-post_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy