දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
YouTube ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණයක් !
Homeප්‍රවෘත්ති

YouTube ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණයක් !

PropellerAds

අපහාසාත්මක වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ මූලස්ථානය පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් එල්.එල්.සී. ආයතනයට එරෙහි ශ්‍රී ලංකාවේ පළම...

නාමල්ගේ මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී
සුදු සීනි සඳහා උපරිම මිලක්
භාරකාර ආණ්ඩු පිහිටුවීම විකට රංගනයක් බව සජිත් කියයි
අපහාසාත්මක වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ මූලස්ථානය පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් එල්.එල්.සී. ආයතනයට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු වරට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

සිය අධ්‍යාපන ආයතනය සිදු කළ පැමිණිලි සහ එන්තරවාසි නොතකා යූ.ටියුබ් එල්.එල්.සී. (YouTube LLC) ආයතනය එම අපහසාත්මක වීඩියෝ පටය ඉවත් නොකිරීම හේතු කොටගෙන Education Center (REC) විසින් යූ ටියුබ් (YouTube LLC) ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ‘‘කලම්බෝ ටුඩේ’’ යන නමින් යූ ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යනු ලබන කීර්ති දුනුවිල නමැති අයකු සහ ඇමරිකා එක්සත් ජනපදයේ සිය මූලස්ථානය පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් එල්.එල්.සී. ආයතනය නම් කර තිබුණි.

සුදත් පෙරේරා නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ නයෝමි චේතනා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් බණ්ඩාර පැමිණිලිකරු වෙනුවෙන් දැක්වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු කේ.කේ. ලියනගේ අදාළ අපහාසාත්මක වීඩියෝ තවදුරටත් විකාශනය කිරීම වළක්වමින් ‘කලම්බෝ ටුඩේ’ හි කීර්ති දුණුවිලට සහ යූ ටියුබ් එල්.එල්.සී. (YouTube LLC) ආයතනයට එරෙහිව වාරණ නියෝගයක්ද නිකුත් කෙරිණි.

යූ ටියුබ් ආයතනය වාණිජමය වාසි තකා සත්‍යතාව සහ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් තොරව යූ ටියුබ් සමාජ ජාලයේ විවිධ නාළිකා නිර්මාණය කර ගැනීමට පහසුකම් සලසන බව අධිකරණයට දන්වා සිටින පැමිණිලිකරුවන් යූ ටියුබ් සමාජ ජාලයේ ක්‍රියාත්මක වන කලම්බෝ ටුඩේ නම් වූ රහසිගතව මෙහෙයවන ලද නාළිකාවක් පළ කරන ලද අපහාසාත්මක වීඩියෝ පටයක් මෙම නඩුකරයට පාදක වූ බවද දන්වා සිටියේය.

සැබෑ පුද්ගල අනන්‍යතාවක් නොමැතිව සහ නිශ්චිත ලිපිනයක් නොමැතිව කලම්බෝ ටුඩේ නමින් නාළිකාවක් නිර්මාණය කිරීමට යූ ටියුබ් එල්.එල්.සී. ආයතනය අවසර දී ඇතැයි ද පැමිණිලිකරු දන්වා සිටියි.

අදාළ නාළිකාව ලියාපදිංචි කිරීමේදී ලබාදී ඇති ලිපිනය සැබෑ ලිපිනයක් නොවන බවත් එය ලන්ඩන් නගරයේ පිහිටි විනෝදාත්මක ස්ථානයක ලිපිනයක් බවත් දන්වා සිටින පැමිණිලිකරුවන් අපහාසාත්මක වීඩියෝපටය ඉවත් කරන ලෙස කළ දැනුම්දීමද යූ ටියුබ් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි අධිකරණයට දන්වා සිටියේය. අපහාසාත්මක යැයි කියන වීඩියෝව මගින් REC කැම්පස් ආයතනය සිසුන්ගේ මුදල් වංචා කරන, වංචාකරුවකු ලෙස දන්වා ඇත.

එමගින් තමන් දැඩි අවමානයකට ලක්වූ බවත් පැමිණිලිකරුවන් සිය පැමිණිල්ල මගින් කොළඹ දිසා අධිකරණය වෙත දැනුම් දී තිබුණි.
-srilankamirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: YouTube ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණයක් !
YouTube ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණයක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAwuN-HPOkvHu3CMP5mJdG4eA5VF3AHSOcVSUGdj1B8dOM_I6FBZ0S33rajQKpFbo0TelwpJ3vKfWhtEoCmDbU1ya750c0OyLFX7c1PBqkxfIjt9cNc3UGG8b-SdNomoNHNvubTaNeLmSl/s320/law-youtube.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAwuN-HPOkvHu3CMP5mJdG4eA5VF3AHSOcVSUGdj1B8dOM_I6FBZ0S33rajQKpFbo0TelwpJ3vKfWhtEoCmDbU1ya750c0OyLFX7c1PBqkxfIjt9cNc3UGG8b-SdNomoNHNvubTaNeLmSl/s72-c/law-youtube.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/youtube.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/youtube.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy