දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසන්ත ඝාතනයට සැකපිට ටැටූ හිමිකරුගේ 'ගමේ සෙට් එක' 6 ක් අත්අඩංගුවට!
Homeප්‍රවෘත්ති

වසන්ත ඝාතනයට සැකපිට ටැටූ හිමිකරුගේ 'ගමේ සෙට් එක' 6 ක් අත්අඩංගුවට!

PropellerAds

ක්ලබ් වසන්ත වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ සාප්පුවේ හිමිකරු ඊයේ දිනයේ අත්අඩංගුවට පත්වූ අතර පොලිසිය පවසන්නේ තවත් 06 දෙනෙක් ස...

ධම්මික පැණියෙ හොඳ කියපු ඇමැති චන්නගෙන් තවත් ප්‍රකාශයක් !
‘මේ දේශපාලකයෝ රට විනාශ කළා’ - කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
‘සාම ස්මාරකය’ එපා.. ‘මුල්ලිවයික්කාල් සැමරුම’ නම ඉල්ලා යාපන සිසුන් දැඩි විරෝධයක
ක්ලබ් වසන්ත වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ සාප්පුවේ හිමිකරු ඊයේ දිනයේ අත්අඩංගුවට පත්වූ අතර පොලිසිය පවසන්නේ තවත් 06 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවය.වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් ලෙස නම්කර ඇති මේ අය දකුණු පළාතේ බලපිටිය, බෙලි අත්ත ආශ්‍රිත අය බව පැවසිණි. ටැටූ සාප්පු හිමිකරු දුලාන් සංජුල නමැත්තාද බලපිටියේ අයෙකි. වාර්තාවන ආකාරයට මෙම ටැටූ සාප්පුව නිර්මාණය කර ඇත්තේද ඝාතනය සිදුකරන්නටය.

දුලාන් සංජුල මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ කිසිවක් නොදන්නා ආකාරයට හැසිරුණ අතර 'අයියේ මේ මොකද වුනේ' යයි බොරුවට හඩමින් වැලපෙමින් සිටියදී පොලිසියේ සැකයට භාජනය වීමෙන් අත්අඩංගුවට පත්විය. සීසීටීවී දර්ශන අනුව දුලාන් සංජුලගේ සහෝදරයා යයි කියන අයද බැල්කනියේ සිට ඔත්තු බැලූ බව හඳුනාගන්නට ලැබේ.

මෙම සාප්පුව ඉතා සාමාන්‍ය එකකි. ටැටූ හිමිකරු සිය උත්සව දිනයේ විශේෂත්වයටක් පෙන්වූයේද නැත. ඇඳ සිටියේ රතුපැහැති කලිසමක් හා කොට කලිසමකි.

ඔහුගේ දැන් පොලිසිය සිදුකරන ප්‍රශ්න කිරීම් අනුව ඔහු ඝාතන සැලසුමට සම්බන්ධිත බව පැහැදිලිය. ඔහු ටැටූ ශිල්පය හදාරා ඇතිමුත් සාප්පුවක් අරින්ට හැකියාවක් නැතිව තිබියදී පාතාල සාමාජිකයෙකු රුපියල් ලක්ෂ 16 ක් ලබාදී මෙම සාප්පුව පිහිටුයා ව්‍යාපාර අරඹන්නට උදව් කර ඇති අතර එසේ කර ඇත්තේ මේ සඳහා ක්ලබ් වසන්ත ගෙන්වා ඝාතනය කිරීමේ පූර්ව සැලසුමකට අනුව බව පොලිසිය පවසයි.

 මෙම ඝාතනය මාස 03ක කාලයක සිට සැලසුම් සකස් කර ඇති බවත් ටැටූ සාප්පු හිමිකාර දුලාන් සංජුල සමාජ මාධය ඔස්සේ ක්ලබ් වසන්ත සමග වරින්වර අදහස් හුවමාරු කරගනිමින් මිත්‍රත්වයක් ගෙඩනගාගෙන ඇති බවත් පැවසිණි. කෙසේ වෙතත් ඔහු ඊයේ ලබාදුන් පාපොච්චාරණය අනුව තමාට මුදල් දුන් අය කී පරිදි සාප්පුවක් අරින්නට වෙහෙසුණ බව හා එය විවෘත කරන්නට ක්ලබ් වසන්තට ඇරයුම් කළා විනා ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් තමා දැන සිටියේ නැති බවයි.

නමුත් පොලිසිය දැන් සැකකරන්නේ මෙම ඝාතනයට අදාළව ආධාර අනුබල සැපයූ රැසක්ම මෙම දුලාන් සංජුලගේ ගමේ අයවීම නිසා ඔහු මෙම ගාතනය සැලසුම් කරන්නට විශාල දායකත්වයක් සැපයූ අයකු බවයි.

මෙම සාප්පුව විවෘත කරන්නට අවශ්‍ය කලමණා සඳහා පළමු වාරිකය රුපියල් ලක්ෂ 10ක මුදලක් සිය බැංකු ගිණුමට ලැබුණ බවත් ටාටූ සාප්පු හිමිකරු පවසා ඇත.

එම මුදල් මෙම පුද්ගලයාට සිය ආයතනය වෙනුවෙන් ලැබුණාද නැතහොත් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා අත්තිකාරමක් ලෙස ලැබුණාද යන්න පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඝාතකනයෙන් පසු මෝටර් රථයේ පැමිණි පිරිස වෙනත් වෑන් රථයකින් කොරතොට සිට පළාගොස් තිබූ අතර එම වෑන් රථයද ඊයේ රාත්‍රියේදීම බුලත්සිංහල, දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක හැර දමාගොස් තිබියදී හමුවිය.

එහි අංක තහඩු ද අපරාධකරුවන් ගලාවාගෙන ගොස් ඇති අතර පොලිස් නිල සුනඛයෙකු යොදාගනිමින් එහි විමර්ශන දියත් කෙරුණි.

එහිදී අනාවරණය වී ඇත්තේ, වෑන් රථයේ සිටි පිරිස රත්නපුර අයගම ප්‍රදේශය දෙසට පළාගොස් තිබූ බවය.

එමෙන්ම වෑන් රථයේ තිබී අත්ල සටහන් 6ක් සහ ඇඟිලි සලකුණු 2ක් පොලීසිය සොයාගෙන තිබේ.

වෑන් රථයේ ඉදිරි වම්පැත්තේ රෝදය අසල බඳෙහි තිබී බෙලිඅත්ත ප්‍රදේශයේ නම සඳහන් මුද්‍රා සටහනක් පොලීසිය සොයාගෙන ඇති අතර ඒ අනුව සැකකරේ වෑන් රථයව බෙලිඅත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් වූවක් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර මේ වනවිට තවත් 6 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.
එම 6 දෙනාගෙන් තිදෙනෙකුම බෙලිඅත්තේ පදිංචිකරුවන්ය.

විමර්ශනවලදී මේවන විට අනාවරණය වී ඇත්තේ, සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරිමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ලොකු පැටී හා ගොනා කෝවිලේ ශාන්ත නැමැති අපරාධකරුවන් දෙදෙනා සෘජුවම එක්වී සැලසුම් කර ඇති බවය. ටැටූ හිමිකරුට මුදල් ලබාදී ඇත්තේ ඔවුන්ය.

කංජිපානි ඉම්රාන් නැමති අපරාධකරුගේ සෘජු සබඳතාවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු පිළිබඳව සැක පළකරන්නේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් පතොරම් කොපුවල සටහන් කර තිබූ KPI යන කෙටි යෙදුම හේතුවෙනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසන්ත ඝාතනයට සැකපිට ටැටූ හිමිකරුගේ 'ගමේ සෙට් එක' 6 ක් අත්අඩංගුවට!
වසන්ත ඝාතනයට සැකපිට ටැටූ හිමිකරුගේ 'ගමේ සෙට් එක' 6 ක් අත්අඩංගුවට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3t_JKUQCBW4WPyk537B5tQkrFlBQvqzqIWB7oVipKAu2I3NUEVc7KIrU83lISTej7s2Rj0WXjDgeZkv2xo22ddLtsuwesaWnmI115Ekdwqh745l63EqP0xJWRA7koS7e3aATbBW2pEH6cWa4SXIXGoJ6oBciV7iijlZg-BDkBdZAEP8Q6ossedPVSIxUR/s320/Tattoo-parlor-owner-Dulan-arrested-Millions-in-bank-for-helping-to-kill-Club-Wasantha-696x391.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3t_JKUQCBW4WPyk537B5tQkrFlBQvqzqIWB7oVipKAu2I3NUEVc7KIrU83lISTej7s2Rj0WXjDgeZkv2xo22ddLtsuwesaWnmI115Ekdwqh745l63EqP0xJWRA7koS7e3aATbBW2pEH6cWa4SXIXGoJ6oBciV7iijlZg-BDkBdZAEP8Q6ossedPVSIxUR/s72-c/Tattoo-parlor-owner-Dulan-arrested-Millions-in-bank-for-helping-to-kill-Club-Wasantha-696x391.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/07/6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/07/6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy