දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජබෙ මන්ත්‍රීන් 19කට ආණ්ඩුව දැනටමත් කෝටි 120ක් දීලා: තව 4ක් පෝලිමේ ඉන්නවා
Homeප්‍රවෘත්ති

සජබෙ මන්ත්‍රීන් 19කට ආණ්ඩුව දැනටමත් කෝටි 120ක් දීලා: තව 4ක් පෝලිමේ ඉන්නවා

PropellerAds

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට රුපියල් කෝටි 120ක් විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු සඳහ...

මහින්ද ආරක්ෂා කරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක් (VIDEO)
'සංවත්සරයේදී ගෙනා පළමු යෝජනාවේ ඒකීය වචනය නෑ' - මහින්ද
අනුර සේනානායක යළි රිමාන්ඩ්
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට රුපියල් කෝටි 120ක් විමධ්‍යගත යෝජනා හරහා සංවර්ධන කටයුතු සඳහා මේ වන විට ලබාදී ඇතැයි අනාවරණය කරගෙන ඇත.
තවද තවත් මන්ත්‍රීවරුන් සිවුදෙනෙකුට රුපියල් කෝටි 17ක් ලබාදීමේ පොරොත්තු ලේඛනයක් ද ඇති බව දැනගන්නට තිබේ.

එම මන්ත්‍රීවරුන් වන්නේ කවින්ද හේෂාන් ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, දිලිප් වෙදආරච්චි, ෆයිසාල් කාසිම්, ගයන්ත කරුණාතිලක, එච්. එම්. එම්. හරිස්, හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි, ඉෂාක් රහුමාන්, ජේ. සී. අලවතුවල, සුජිත් සංජය පෙරේරා, කින්ස් නෙල්සන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, රෝහිණී කුමාරි විජේරත්න, සෙයිඩ් අලි සහීර් මවුලානා, වේලු කුමාර්, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන සහ රිෂාඩ් බදියුදීන් ය.

2024 විමධ්‍යගත අයවැය වැඩසටහනින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඍජුව ම ඉදිරිපත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නිදහස් කරන ලෙස ඒ අනුව ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි පසුගිය දා අනාවරණය විය.

මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් විමධ්‍යගත අය වැය වැඩසටහන 2024 සම්බන්ධව නිකුත් කර ඇති අංක MF/02/2023 හා 2023.12.29 දිනැති මුදල් චක්‍රලේඛය ඇතුළත් විධිවිධානයන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අදාළ කර ගත යුතු බව ජනාධිපති ලේකම් විසින් අදාළ මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇත.

මෙම ව්‍යාපෘති හඳුනා ගැනීම සිදුකර ඇති බවත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබා දී ඇති බැවින් එකී කාර්යයන් හැර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීමේදී අදාළ චක්‍රලේඛයක් මඟින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කළ යුතු බවත් ජනාධිපති ලේකම් ටී.එම්.එස්.බී. ඒකනායක විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

තව ද මෙම ප්‍රතිපාදන යටතේ සිදුකරන වියදම් 2024.07.31ට පෙර ගිණුම්ගත කරන ලෙස ද දැනුම් දී ඇත.

(ඉරිදා මව්බිම)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජබෙ මන්ත්‍රීන් 19කට ආණ්ඩුව දැනටමත් කෝටි 120ක් දීලා: තව 4ක් පෝලිමේ ඉන්නවා
සජබෙ මන්ත්‍රීන් 19කට ආණ්ඩුව දැනටමත් කෝටි 120ක් දීලා: තව 4ක් පෝලිමේ ඉන්නවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1uRoyxUwmy6f0LPf0BxDwvX48pQSwy2Shyphenhyphen6ArCVCoO9YIMjQOnh2X9ulgw2mGcOOEFM7i-2_DUHrFCmeCz4aHLFC2jkeECFmXLI5Dve-A9AtYiQ9LC4cgNp0IOIPuhHw6yFv6oBMxMd-Yg_JgS03SR6XqE64n11KccTM9B6IIjR4_el29ceHuSQh12lR8/s320/rw.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1uRoyxUwmy6f0LPf0BxDwvX48pQSwy2Shyphenhyphen6ArCVCoO9YIMjQOnh2X9ulgw2mGcOOEFM7i-2_DUHrFCmeCz4aHLFC2jkeECFmXLI5Dve-A9AtYiQ9LC4cgNp0IOIPuhHw6yFv6oBMxMd-Yg_JgS03SR6XqE64n11KccTM9B6IIjR4_el29ceHuSQh12lR8/s72-c/rw.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/06/19-120-4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/06/19-120-4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy