අමාත්‍ය වරුන්ට රජයෙන් ලබාදී ඇති නිල නිවාසවල නීති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්...
අමාත්‍ය වරුන්ට රජයෙන් ලබාදී ඇති නිල නිවාසවල නීති විරෝධීව රැඳී සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි. පසුගියදා හදිසි රිය අනතුරකින් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත ලබා දී තිබූ නිල නිවාසයේ මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයන් තවදුරටත් රැඳී සිටින බවත් ඒ සම්බන්ධයෙන්ද ඉදිරියේ නීත්‍යානුකූලව කටයුතු කිරීමට සිදුවන බවත් අමාත්‍යාංශ සඳහන් කළේය.
එම නීතිවිරෝධී නිවාස පරිහරණය කරන්නන් අතර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුද වන බව සඳහන්.
එමෙන්ම මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන්ට වෙන් කෙරුණු ඇතැම් නිවාසවල ඔවුන්ගේ හිතවතුන් ඥාතීන් සහ ආරක්ෂකයන් රඳවා සිටින බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කොට නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරන බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.

COMMENTS