දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ...

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවති හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා මේ කාරණය ප්‍රකාශයට පත් කර ඇත.

අනිවාර්යයෙන්ම තමා ජනාධිපතිවරණයට තරඟ කරන බව එහිදී ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධුරය බාර ගැනීම පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ක්‍රියාමාර්ග ගැනීම මේ වන විටත් අරඹා ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.

විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නේ නම් එය කළ යුතු වන්නේ ජනාධිපතිවරයා බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා තිබේ.

පළාත් පාලන ආයතන වල හිටපු මන්ත්‍රීවරුන්ටත් සංවර්ධන කටයුතු සඳහා දායකවීමට අවස්ථාව ලබා දෙන ලෙස මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් කමිටු ක්‍රමයක් හරහා සංවර්ධන කටයුතු කිරීමට හිටපු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට ප්‍රතිපාදන ලබා දෙන බව සඳහන් කළේය.


– Lankadeepa

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28633,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbaz7mI2li7KWQXSsCNoPub2SKjFq0DKEBqIjsCEWLi6UTKeT_vKZNHAvqX5mGjgD74VMSL6Kuu7aaFgyeYrLbs7Q0GMtEh5bX-L-EZGK9YmS2w48jR9qSUc38hGWObQ-2JyVb6TQzXI9-801ptY_LH1lsKlGvp5dnmfbCeCMaujX4_aMXju4sPSOh2bvd/s320/basil-rani.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbaz7mI2li7KWQXSsCNoPub2SKjFq0DKEBqIjsCEWLi6UTKeT_vKZNHAvqX5mGjgD74VMSL6Kuu7aaFgyeYrLbs7Q0GMtEh5bX-L-EZGK9YmS2w48jR9qSUc38hGWObQ-2JyVb6TQzXI9-801ptY_LH1lsKlGvp5dnmfbCeCMaujX4_aMXju4sPSOh2bvd/s72-c/basil-rani.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/04/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/04/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy