ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර හෙට(27) දිනයේ යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. ඒ අනුව පාර්ශව දෙ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර හෙට(27) දිනයේ යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පාර්ශව දෙකෙහි විශේෂ නියෝජිතයන් අතර ඊයේ(25) රාත්‍රියේ පැවති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවට පැමිණි බව වාර්තා වේ.
දෙපාර්ශවයේ යෝජනා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
එහිදී ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කර හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටියදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ ගැටළු පවතින බව ඒකාබද්ධ විපක්ෂයේ අදහස වී තිබේ.
ජනතාවට පිළිගත හැකි එකඟතාවකට එළඹෙන්නේ නම් ඉදිරි ඡන්ද විමසීම්වලදී එක්ව තරඟ කිරීම පිළිබඳ සළකා බැලිය හැකි බව ඒකාබද්ධ විපක්ෂය සදහන් කර තිබේ.
COMMENTS