ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඥාති සහෝදරියකගේ ඇතුළු නිවාස 40ක් පමණ කොල්ල කෑ බව කියන යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයකු පෙරේදා (24)තඹුත්තේග...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඥාති සහෝදරියකගේ ඇතුළු නිවාස 40ක් පමණ කොල්ල කෑ බව කියන යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයකු පෙරේදා (24)තඹුත්තේගම කොන්වැව දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුට එරෙහිව අනුරාධපුරය, තඹුත්තේගම, මාවතවැව සහ ගිරාදුරු කෝට්ටේ යන අධිකරණවල මංකොල්ලකැම් සහ නිවාස කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු 40කට අධික ප්‍රමාණයක් විභාග වෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.
මොහු පොලිස් නිලධාරින්ගේ නිවෙස්වලට පවා ඇතුළුවී මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් අයකු බව පොලිසිය පැවසී ය.
මිට දින තුනකට පමණ පෙර සැකකරු ජනාධිපතිගේ ඥාති නිවසකින් රන් පවුම් 20ක් සහ රුපියල් ලක්ෂ හතර හමාරක් සොරා ගෙන ඇති බවටත් තවත් නිවසකින් රුපියල් ලක්ෂ 27ක රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන ඇති බවටත් ඔහුට එරෙහිව චෝදනා පවතී.
සොරාගත් රන් භාණ්ඩ රැසක් සැකකරු විසින් උකස් කරනු ලැබ ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ.
COMMENTS