ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක්‌ව පළාත් පාලන ඡන්දයට තරග කළහොත් හවුල් ආණ්‌ඩුවෙන් ඉවත් වීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් ක...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක්‌ව පළාත් පාලන ඡන්දයට තරග කළහොත් හවුල් ආණ්‌ඩුවෙන් ඉවත් වීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ එක්‌ව අලුත් ආණ්‌ඩුවක් පිහිටුවීම කෙරෙහි එජාපයේ අවධානය යොමු වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ වුවහොත් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට ද ඇමැති ධුර ලබා දීමට නියමිත අතර මේ පිළිබඳ දැනටමත් රහස් සාකච්ඡා ඇරැඹී ඇතැයි ද එජාපයේ මෙම යෝජනාවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ ද කැමැත්ත බොහෝ දුරට ලැබෙනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම නව ආණ්‌ඩුව පිහිටුවීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණට ද ආරාධනා කිරීමට එජාපය කැමැත්තෙන් පසුවන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඒකාබද්ධ විපක්‍ෂය සමඟ එක්‌ව පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්‌ඩුවෙන් ඉවත් වියයුතු බවට එජාප මන්ත්‍රීවරුන් රැසකගේ අදහස වී ඇත.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා සීමා නිර්ණ ගැසට් පත්‍රයට එරෙහිව නඩු පවරා ඇත්තේ ආණ්‌ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ අනුදැනුම මත යෑයි විශ්වාස කරන එජාප මන්ත්‍රීවරුන් එවන් පක්‍ෂයක් සමඟ ආණ්‌ඩුවක් කරගෙන යෑම ඉදිරියේදී ජනතා අප්‍රසාදයට ලක්‌වීමේ හේතුවක් වනු ඇතැයි ද පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පෙන්වා දී ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.
COMMENTS