දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනතුරට අවස්ථාවේ කිසිම වාහනයක් ඉස්සර කර නෑ... සනත් නිශාන්තගේ රියදුරුගේ ප‍්‍රකාශ ගැන තදබල සැක!
Homeප්‍රවෘත්ති

අනතුරට අවස්ථාවේ කිසිම වාහනයක් ඉස්සර කර නෑ... සනත් නිශාන්තගේ රියදුරුගේ ප‍්‍රකාශ ගැන තදබල සැක!

PropellerAds

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ ද...

ජනපතිවරණයක් යළි එන්නේ 2020 මැයි
තොන්ඩමන් කොටගල යකා නටයි.. ගොඩනැගිල්ලක කොටසක් කඩා දමයි.. දේශපාන පලි ගැනිමක් යයි චෝදනා..
ගෝටාට පොහොට්ටුව ලකුණට ශ‍්‍රීලනිපය විරුද්ද වෙයි.. සහාය ඔ්නෑ නම් ලකුණ වෙනස් කරන්නැයි දන්වයි..
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ දී ඔවුන් ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු වාහනයක් ඉස්සර කර නොමැති බව ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් තහවුරු වී ඇත.

සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගේ වාහනයේ රියදුරු පොලිසියට පවසා තිබුණේ ඔවුන් ගමන් ගත් වාහනය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යමේ දී පිටුපසින් වේගයෙන් පැමිණි සුදු පාට මෝටර් රථයක් තමන් පදවමින් සිටි රථය ඉස්සර කිරීමේදී අනතුරක් වළක්වා ගැනීම සඳහා රථය වමට කපන අවස්ථාවේ දී කන්ටේනර් රථයේ ගැටී මෙම අනතුර සිදුවූ බවයි.

මෙම ප්‍රකාශය මුල්කරගෙන අපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එදින එම අනතුර සිදුවූ කාල වකවානුව තුළ අධිවේගී මාර්ගයේ ගමන් කළ වාහන සම්බන්ධයෙන් ආරක්ෂක කැමරා දර්ශන කිහිපයක්ද උපයෝගී කරගෙන පරික්ෂා කිරීමක්ද සිදුකර ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ අනතුර සිදුවූ කාල පරාසය තුළ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර ඇත්තේ එකම සුදු පැහැති මෝටර් රථයක් බවයි. එම රථයද ජා-ඇළ පසුකරමින් කොළඹ දෙසට ගමන් කර ඇත්තේ අනතුරු සිදුවීමට බොහෝ වෙලාවකට පෙර බව නිරීක්ෂණය වී ඇත. එම මෝටර් රථයේ රියදුරු හඳුනාගෙන ඔහුගෙන්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එම රියදුරා පවසා ඇත්තේ තමා සාමාන්‍ය වේගයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කළා මිස අධික වේගයෙන් වාහනය ධාවනය නොකළ බවය. තමා වාහනය ධාවනය කරන කාල පරාසය තුළ රිය අනතුරක් හෝ එවැනි සිදුවීමක් සිදූ නොවූ බව ද ඔහු පවසා ඇත.

ඒ අනුව සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා ගමන් කළ මෝටර් රථයේ ගැටණු කන්ටේනර් රථයේ රියදුරුගෙන් ඊයේ (12) පැය පහක පමණ කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එහිදී එම රියදුරුද පවසා ඇත්තේ අනතුර සිදුවූ අවස්ථාවේදී සුදු පැහැති හෝ වෙනත් කිසිදු මෝටර් රථයක් කන්ටේනර් රථය ඉස්සර කර මින් ගමන් කළ බව තමන්ගේ මතකයේ නැති බවය. ඔහුට මතකයේ ඇත්තේ පිටුපසින් වේගයෙන් පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා පැමිණි වාහනය කන්ටේනරයේ පිටුපස කොටසේ ගැටී සිදුවූ අනතුර පමණි. දීර්ඝ වශයෙන් කන්ටේනර් රථ රියදුරුගෙන් ලබා ගත් ප්‍රකාශවලින් ද පෙනී ගොස් ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ දී වෙනත් රථයක් රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ මෝටර් රථය ඉස්සර කිරීමට නොගොස් ඇති බවය.


හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිය නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් කරමින් සනත් නිශාන්ත මහතාගේ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තිබූ අතර එම පැමිණිල්ලද මෙම විමර්ශන කිරීමට හේතුවක් වී ඇත.

ගයාන් කුමාර වීරසිංහ, රක්ෂණ ශ්‍රියන්ත, බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනතුරට අවස්ථාවේ කිසිම වාහනයක් ඉස්සර කර නෑ... සනත් නිශාන්තගේ රියදුරුගේ ප‍්‍රකාශ ගැන තදබල සැක!
අනතුරට අවස්ථාවේ කිසිම වාහනයක් ඉස්සර කර නෑ... සනත් නිශාන්තගේ රියදුරුගේ ප‍්‍රකාශ ගැන තදබල සැක!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2zj5pZ7hnbb9bAjlUbnv1Z-BiLMBXZpAIxNvgqIUhiHC1YZyKMGvYr_DivE26FCtYjFIFhmLG97lIHg8Y6IyAM05aXi0zQPRp7YsjqJlCFGWnzCIgNlWIw6U0TsJAMNeqHHWLg_6vctup-E0pOmsDEwOtRF9HC1rtNo57OXeakXF4wH7-Vs-Y02U8xLUm/s320/sanath.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2zj5pZ7hnbb9bAjlUbnv1Z-BiLMBXZpAIxNvgqIUhiHC1YZyKMGvYr_DivE26FCtYjFIFhmLG97lIHg8Y6IyAM05aXi0zQPRp7YsjqJlCFGWnzCIgNlWIw6U0TsJAMNeqHHWLg_6vctup-E0pOmsDEwOtRF9HC1rtNo57OXeakXF4wH7-Vs-Y02U8xLUm/s72-c/sanath.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/02/blog-post_62.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/02/blog-post_62.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy