කොටගල ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන කොටගල ක්‍රිඩාංගණය අසල නිවසක පිටුපස පිටගැට පෙල සහ ගොඩනැගිල්ලේ කොටසක් ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුව...
ඊයේ පස්වරුවේ කොටගල ක්‍රිඩාංගණයට පැමිණි ආරුමුගන් තොණ්ඩමන් මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් තමන්ට බැන වැද ක්‍රිඩාංගණය දෙසට තිබු තම ගොඩනැගිල්ලේ පිටගැට පෙල සහ ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කරන ලෙසට ප්‍රාදේශිය සභාවට කල නියෝගයක් නිසා ප්‍රාදේශිය සභාව විසින් තම ගොඩනැගිල්ලේ කොටස කඩා ඉවත් කල බව එම ගොඩනැගිල්ලේ අයිතිකරු වන තියාගරාජා බාස්කරන් මහතා කියා සිටියි.
තම ගොඩනැගිල්ලට යාබදවම ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවෙකුගේ ගොඩනැගිල්ලක් ක්‍රිඩාංගණය දෙසට ඉදි කර ඇතත් එම ගොඩනැගිල්ලට කිසිදු හානියක් සිදු නොකර තමන් වෙනත් දේශාපාලන මත වාදයක් දරන නිසා තමන්ගේ ගොඩනැගිල්ල පමණක් කඩා ඉවත් කිරිමට තොණ්ඩමන් මහතා කටයුතු කල බව බාස්කරන් මහතා කියයි.
ඊයේ රාත්‍රි 8 ට පමණ කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සභාවේ සේවකයන් පිරිසක් සමග පැමිණ බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් තම ගොඩනැගිල්ලේ කොටසක් කඩා ක්‍රිඩාංගණය අවට තිබු ගස් කිහිපයක් ගලවා දැමිමටද කටයුතු කල බව තියාගරාජා බාස්කරන් මහතා කියා සිටි.
මේ සම්බන්ධයෙන් කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපති රාජමණි ප්‍රසාද් මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ කොටගල ක්‍රිඩාංගණය අවට අනවස ඉදි කිරිම් කඩා ඉවත් කිරිමට සභාවේගෙන තිබු තිරණයක් මත එම ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරිමට කටයුතු කල බවයි.
එ අවට තවත් ගොඩනැගිලි කිහිපයක් කඩා ඉවත් කිරිමට තිබෙන බවත්, එම ගොඩනැගිලි වල විදුලි බලය ඇති නිසා විදුලි බලය විසන්ධි කිරිමෙන් පසු එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරිමට කටයුතු කරන බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
COMMENTS