දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෆුට් බයිසිකලයක් නොතිබුන අයට රෝද හතරේ වාහන අරන් දුන්නේ අපයි - මහින්ද
Homeප්‍රවෘත්ති

ෆුට් බයිසිකලයක් නොතිබුන අයට රෝද හතරේ වාහන අරන් දුන්නේ අපයි - මහින්ද

PropellerAds

දිවි දෙවැනිකොට රැකගත් අප මාතෘභූමිය කිසිවෙකුගේ හෝ වුවමනාවකට කෑලිවලට කඩා ආපස්සට ගැනීමට කිසිඳු ඉඩක් නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ස...

හරකම කරප සලල ටක ම රටට ගනලල ඒ කවරහර නයකයක ඒ සලල මනසසනග සබසදධයට යදවය කයල හතනව නම එහම වනන න - දලත ජයවර (VIDEO)
පකෂයක යන රජපකෂලම නව... පහටටව හදනන අපත වහසන... ගම පහටට රනල එකකය - පරසනන රණතග
මක තව කලයක හටයත ඕකග ගනග කටහළ මගලල ආයත ගනනව සහතකය - නලන හවග (VIDEO)
දිවි දෙවැනිකොට රැකගත් අප මාතෘභූමිය කිසිවෙකුගේ හෝ වුවමනාවකට කෑලිවලට කඩා ආපස්සට ගැනීමට කිසිඳු ඉඩක් නොතබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

මෙය අප සියලු දෙනාගේම උපන් බිම බව පෙන්වාදෙන ඒ මහතා තිස් අවුරුදු යුද්දයේ දි මේ රටේ කිසිම නායකයෙකුට ප්‍රභාකරන් සමඟ මුහුණට මුහුණා යුද්ධ කිරීමට නොහැකි වූ බවද එසේ පැවැති යුද්ධයක් තවත් නායකයෙකුට ඉතිරි නොකිරීමට තමන් වගබලා ගත් බවද සිහිපත් කරයි.

ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී ඊයේ (15) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමිනි.

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ,

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට පැමිණි ඔබ සියලුදෙනා මා නැවතත් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ සියලුදෙනා තමයි අපේ පක්ෂයේ ශක්තිය. ඒ වෙනුවෙන් ඔබ අපේ විශ්වාසය හැමදාමත් ආරක්ෂා කළ බව ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. පහුගිය අවුරුදු හත පුරාවට ඔබ කරපු කැප කිරීම් අපි දැක්කා. පක්ෂෙට වගේම රටට ආදරය කරන මිනිස්සු විදියට ඔබ ඉතා ඉවසිලිවන්තව කටයුතු කළා. එහෙම නොකළ නම් සමහරවිට අද තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. දැන් බලන්න අපේ සම්මේලනය තියෙනවා කිවුවමත්, සමාජ මාධ්‍ය යොදාගෙන අපිට ඇති තරම් මඩ ගැහුවා. ඒ ගහපු මඩවලට ඔබ තමුන්නාන්සෙලා අද හොඳ පණිවිඩයක් මුළු රටටම දීලා තියෙනවා. හොඳට මතක තියාගන්න අපි 2005 දි රට භාරගන්න කොටත් අපිට මඩ ගැහුවා. එදා රටේ ජනතාව අපෙන් ඉල්ලුවේ රට දෙකඩ වෙලා ඊළම හැදෙන එක නවත්වන්න කියලා විතරයි. ඔබ දන්නවා තිස් අවුරුදු යුද්දෙ දි මේ රටේ කිසිම නායකයෙක්ට ප්‍රභාකරන් එක්ක මුහුණට මුහුණ යුද්ධ කරන්න බැරිවුණා.


සමහර නායකයො යුද්දෙ නවත්වන්න කියලා ප්‍රභාකරන්ට ආයුධ පවා දුන්නා. ඒ ආයුධවලින්ම ප්‍රභාකරන් අපේ රණවිරුවන්ට වෙඩි තිවුවා. එහෙම තිබුණ යුද්ධයක් තව නායකයෙකුට අපි ඉතිරි කළේ නැහැ. සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජනතාවට සාමකාමී රටක සහජීවනයෙන් ජීවත්විය හැකි සාමය අපි මේ රටට නිර්මාණය කරලා දුන්නා. එදා 2009 යුද්ධය අවසන් උන කාලයේ යුද්ධයක් ගැන මතකයක් නැති දරුවන් අද තරුණයන් ලෙස මේ රටට සමාජගත වෙමින් ඉන්නවා. මේ තරුණයන්ගෙ අම්මලා තාත්තලා වැඩට යන්න පිටත්වෙලා දෙන්න එකම බස් එකේ නොයා රස්සාවට ගිහිං, මේ දරුවො පාසල් ඇරිලා ගෙදර එනකම් මර බියෙන් හිටියා කියලාවත් මේ අය දන්නෙ නැහැ. ඒ නිසා ඒ තරුණයන්ට අපට චෝදනා කරන්නත් බැහැ. මේ දරුවො රවට්ටගෙන තමන්ගෙ දේශපාලන අවශ්‍යතා සපුරාගන්න උත්සාහ කරන පිරිසක් දැන් ඉන්නවා. මේ අය තමයි රටට සාමය උදාකළ රණවිරුවන් පවා හෑල්ලුවට ලක් කරන්නෙ. ඒ විතරක් නෙමෙයි ඔවුන් දේශීය මෙන්ම ජාත්‍යන්තර බලපෑම් කණ්ඩායම්වලට අහුවෙලා තමන්ගෙ රටටම වින කරනවා.


ඒ නිසා තමයි අපි කියන්නෙ එදා වගේම අදත් මේ රටට තියෙන බලපෑම්වල අඩුවක් නැහැ කියලා. බලන්න දැන් සමහර අය අපේ කාලයේ ආර්ථිකය ගැනමයි කතා කරන්නෙ. අපි ජනතාව ඉදිරියේ වරදකරුවො කරන්න අහස පොළව ගැටගහනවා. හැබැයි මේ අය හදන්නෙ අපට චෝදනාව දාලා බේරෙන්න. 2006-2009 අවුරුදුවල යුද්ධයක් තියාගෙනත් අපි රටේ ආර්ථික වර්ධන වේගය සියයට හයක තියාගත්තා. එදා ඒක අමාරු වැඩක්. මේ වර්ධනය 2014 වෙනකොට සියයට 6.8 ක් දක්වා ඉහළට ගේන්න අපට හැකියාව ලැබුණා. අවශ්‍ය අයට මහ බැංකුවේ සංඛයාලේඛනවලින්ම මේක බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2005 දි, ඇ.ඩො 1242 වෙච්ච ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය 2015 වෙනකොට ඇ.ඩො 3819ක් දක්වා අපි තුන්ගුණයකින් ඉහළට ගෙනාවා. 1948 ඉදන් ගත්තත් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඒ තිබුණු සියලු ආණ්ඩුවලට වඩා දෙගුණයකින් වැඩිකරන්න පුළුවන් උනේ අපට විතරයි. මේ තොරතුරු දන්නෙ නැති පිරිසක් තමයි මේ කයියනායකලා මග යමින් ඒ කණ්ඩායමට අහුවෙලා බොරු ප්‍රචාර කරන්නෙ.


එයාලා හැමදාම කරේ විවේචන විතරයි. හැබැයි වැඩ නෑ. වැඩ නෑ නෙමෙයි වැඩ බෑ. හැබැයි පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් එයාලට හොඳට ගිනි තියන්න පුළුවන්. හැබැයි ගිනි තියන්න පුළුවන් උනාට ගිනි ගිනි නිවන්න පුළුවන් කමක් නෑ. අර ගස් නගින්න පුළුවන් පූස් පැටව් වගේ. නගින්න දන්නවා. බහින්න දන්නෙ නෑ. ඔබ තමුන්නාන්සෙලාට මතක ඇති සංවර්ධනයක් කියලා නාමයක් නැති මුඩු බිමක් සංවර්ධන මාවතට ගන්න අපි එදා 2005 ඉඳන් විශාල පරිශ්‍රමයක් ගන්නවා. එදා අධිවේග මාර්ග හදනකොට ඒක මට ඇඹුල් තියල් ගේන්න හැදුවා කිවුවා. කාන්තාරවල හයිවේ හදන්න මේ හයිවේ හදන්න යන වියදමෙන් භාගයයි යන්නෙ කිවුවා. සමහරු මේ වගේ කතා ඇහුණම ඒවා ඔලුඋඩ තියාගත්තා. සමහරු හොයලා බැලුවා. මෙහෙම චෝදනා අපහාස විදගෙනත් අපි ෆුට් බයිසිකලයක්වත් නැති ගමේ ගෙවල්වලට රෝද තුනේ හතරෙ වාහන ගේන යුගයක් නිර්මාණය කරලා දුන්නා. රටේ මධ්‍යම පන්තිය වැඩිවුණේ එහෙමයි. ඒ විතරක් නෙමෙයි, දුප්පතුන් කියන සමාජ නිර්නායක අයින් කරන තැනට අපි ක්‍රියාත්මක වුණා.


විදෙස් ආයෝජනවලින් අලුත් කර්මාන්තශාලා ඇතිවුණා. මංවාවත් දියුණු කළා. කෘෂිකාර්මික නවෝදයක් ඇති වුණා. මේ හැමදේකින්ම රටට සංවර්ධනයක අරුණළු වැටෙන්න පටන් ගත්තා. මේ වෙලාවේ තමයි 2015 දි රටේ ඇතැම් පිරිසකට වෙනසක් ඕන උනේ. එහෙම වුණා ද නැද්ද? ඒ වෙනස ඇවිල්ලා කරපු දේ තමයි අර ආර්ථික වර්ධන වේගය සියයට සෘණ 0.2ක් වෙනකම් පල්ලම් බැස්සුවා. ආර්ථිකය දන්න අය දන්නවා. 2015-2019 කාලයේ තමයි මේ රටට ඔරොත්තු නොදෙන තරම් විදේශ ණය විශාල ප්‍රමාණයක් ලබාගත්තෙ කියලා. මේවා සමහර මිනිස්සු අදත් දන්නෙ නැහැ. දුර දිග නොබලා ගත්ත ඒ වගේ තීරණ නිසා රට අමාරුවේ වැටුණා. මේ විදියට බිඳවැටුණු ආර්ථිකයක් තිබුණු රටක් නැවත ගොඩනගන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි අපි නැවත භාරගත්තෙ. අපි කවුරුත් නොහිතපු විදියට එදා කොවඩ් 19 බලපෑම ආවේ ඒ වගේ බිඳවැටුණු ආර්ථික පසුබිමක් තිබුණු රටකට. හැබැයි ඒ වෙනුවෙන් තීන්දු ගන්නවා හැරෙන්න අපට විකල්පයක් තිබුණෙ නැහැ. ඒ නිසා යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක නවත්වපු අපි කොවිඩ්වලින් මිනිස්සු මැරෙන එක නවත්වන්න වැඩ කළා.


අපි කොවිඩ් අභියෝගය ජයගත්තට, ඒ කාලය තුළ අර ඊට කලින් ආපස්සට ගිහිං තිබුණ රට, නැවත ගොඩගන්න විශාල ප්‍රයත්නයක් දැරුවා. ඒ අභියෝගයත් අත්නොහැර සිටින වෙලාවක තමයි. අර ජනතාව කුපිත කරපු ව්‍යාපාරය ආරම්භ උනේ. එතැන් පටන් සිද්ධ වුණ දේවල් ඔබ තමුන්නාන්සෙලා දන්නවා. ඒ නිසා, බොරුව ජනගත කරන්න උත්සාහ කරන කණ්ඩායම් හමුවේ අපි තවත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නැහැ. සමහරු අද මේ විදියට හැසිරෙන්නෙ ඇයි කියලා ඔබ දන්නවා. සමහරු බලය ගන්න කලින්ම සූට් මහලා ඉන්නෙ. මේ සූට් මහලා ඉන්න කවුරුවත් රට අමාරුවේ වැටිච්ච වෙලාවේ සූට් එක ඇන්දෙ නෑ. තව ණය තියෙන නිසා ගන්න බෑ කිවුවා සමහරු කිවුවා. දැන්ම ගත්තම තමන්ගෙ ධුරයේ ගොඩක් කල් ඉන්න බැරිවෙයි කියලා සමහරු මගෑරියා. මේ වගේ ලෝකෙට පරකාසෙ නායකයො තමයි අද ජනතාවගෙන් එයාලට බලය දෙන්න කියලා ඉල්ලන්නෙ. එහෙම නායකයන්ට මේ රට බාරදෙන්න ඔබ සුදානම් ද ? අපි කවුරුත් ඒ වගේ නායකයන්ට මේ රට භාර දෙන්න සූදානම් නැහැ. ජනතාවගෙන් ඇහුවත් කියන්නෙ ඔය කතාවම තමයි.


ඒ නිසා මේ රට නිවැරදි මාවතට අරගෙන යන්න රටේ ජනතාවට දැනෙන දේශපාලනයක් අවශ්‍යයි. අපේ පක්ෂය කියන්නෙ ඉතා කෙටි කලක් තුළ රටේ දැවැන්ත පෙරළියක් කරපු පක්ෂයක්. අපේ සාමාජිකයොන්ට එදා වගේම අදත් ඒ හැකියාව ඒ ශක්තිය ඒ විදියටම තියෙනවා. ඒ නිසා මොන බලවේග ආවත් හෙට දවසෙත් රටේ ප්‍රබලම බලවේගය නියෝජනය කරන්නෙ අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා ඔබ තමුන්නාන්සෙලාට අපි විශ්වාසයෙන් කියනවා. ඒ නිසා ඊළඟ මැතිවරණයක අපේ කඳවුර තමයි බලවත්ව කඳවුර වෙන්නෙ. ඒ කඳවුර ශක්තිමත් කරන්න ජාති ආගම් කුල බේද නැතිව අපිත් එක්ක එකතුවෙන්න කියලා මේ රටේ ජනතාවට වගේම දේශපාලන පක්ෂවලටත් අපි ආරාධනා කරනවා. මට මතකයි එදා 2016 දි බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන්න මාත් එක්ක මුලින් කතා කරපු දවස. එදා මම ඒ යෝජනාවට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. මොකද අලුතින් පක්ෂ හදනවට වඩා අපේ බැඳීම තිබුණ පක්ෂයෙන් ඉදිරියට යන්න තිබුණ නම් කියලා අපි කල්පනා කළා.

හැබැයි ඒ ගමනට හරස් කපනකොට අපට තිබුණ විකල්පය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. බැසිල් රාජපක්ෂ මහතා එක්ක මේ පක්ෂය නිර්මාණය කරන්න ගොඩනගන්න කණ්ඩායමක් හිටියා. ඒ හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ. ඒ ගමනට සහය දෙන පක්ෂ රැසක නියෝජිතයො අදත් මෙතන ඉන්නවා. මෙතන නැති අයත් ඉන්නවා. ඒ හැමෝම ගෞරවයෙන් මතක් කරනවා. එදා අලුත් පක්ෂයකට ඉඩක් නෑ කියද්දි තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂය නිර්මාණය කරලා කතා කියපු අයට මනාපවලින් උත්තර දෙන්න ගත්තෙ. අදත් ඒ සංවිධාන ශක්තිය එක්ක හැරෙන්න පුළුවන් පක්ෂයක් මේ රටේ නිර්මාණය වෙලා නෑ කියලා ඔබ තමුන්නාන්සෙලාට බොහොම අභිමානයෙන් කියන්න පුළුවන්. එදා අපිට ඡන්දෙ දීපු, අපිත් එක්ක හිටපු ජනතාවට සාධාරණයක් ඉටු කරන්න අපිට බලය යම් මට්ටමකින් හෝ අතහරින්න සිදුවුණා. රට වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් කරපු පක්ෂයකුත් ඉතිහාසයේ තවත් නැහැ. අදටත් හොරකම දූෂණය ගැන මතක් කරලා රාජපක්ෂලා ඒවට ගාවලා බොහෝ දෙනෙක් අතපිස ගන්නවා.

අපි දන්නවා මිනිස්සු අපට මඩ ගහනවා. හැබැයි ඒ මඩ අපි ආයේ ආයේ අල්ලන්න ලෑස්ති නෑ. ඒ විතරක් නෙමෙයි ඒ මඩ ගාව නවතින්නත් අපි ලෑස්ති නැහැ. අපිට මේ රට වෙනුවෙන් ඉලක්කයක් තියෙනවා. මේක අපි හැමෝගෙම මාතෘභූමිය. අපි දිවි දෙවැනිකොට රැකගත් රට. ඒ නිසා මේ රට කාගේ හරි උවමනාවට කෑලිවලට කඩලා ආපස්සට ගන්න අපි ඉඩ තියන්නෙ නැහැ කියලා විශ්වාසයෙන් කියනවා. ඒ වගේම මේ රට හමුවේ තිබෙන අනාගත අභියෝග ජයගත හැකි එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් බව අපි අද මේ රට හමුවේ නොබියව ප්‍රකාශ කරනවා. ඒ විශ්වාසය ඇතිව අද පටන් අපට වැඩ කරන්න පුළුවන්. එදා අරගලයෙන් නැත්තට නැතිවෙන්න ගියපු රටක් බේරුණා නම් බේරුනේ ඔබ දුන්න ජනවරම නිසයි. ඒ ජනවරම ආරක්ෂා කරගෙන රට වැටෙන්න ගියපු ආගාධයෙන් ගොඩගන්න අපට හැකිවුණා. අදත් ඇමතිකම් නැතිවත් අපේ ජ්‍යෙෂ්ඨයෝ රට වෙනුවෙන් ඒ සහයෝගය දෙනවා. මේ අතරෙ මුල අමතක උන සමහරුත් හිටියා. ඒකට කමක් නෑ. හැබැයි අපි මොන දේ උනත් අපේ අත්වල ලේ තවරගත්තෙ නෑ.

ඒ නිසා සාමය උදාකරගත්ත රටේ නැවත ලේ වගුරවනවට අපි කැමති නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටට අවශ්‍ය විදියට අද පටන් අලුත් ගමනක් ආරම්භ කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් හැම ජන වර්ගයක්ම අද පටන් අපිත් එක්ක අලුත් රටක් වෙනුවෙන් පෙළගැහෙනවා. ඒ සියලුදෙනාගෙම ශක්තියෙන් ඉදිරියේ තියෙන ඕනෑම මැතිවරණයක් අපි ජයග්‍රහණය කරලා පෙන්නනවා කියලා ඔබ තමුන්නාන්සේලාට විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඒ ගමන එකතුවෙලා යමු. අපි දන්නවා ඒ ගමනට එකතුවෙන්න පක්ෂ විශාල සංඛ්‍යෘවක් අපේ ආරාධනාව ලැබෙනකම් බලාගෙන ඉන්නවා. ඒ නිසා බොහෝ දෙනෙක් අපිත් එක්ක ඉදිරියේ දී අත්වැල් බැඳ ගනීවි. එදා අරගලයට මුවා වෙලා අපේ පාක්ෂිකයන්ට ඇතමෙක් හිරහැර කළා. පහරදුන්නා. ගේ දොර ගිනි තිබ්බා. තාමත් ඒකට සාධාරණයක් ඉටුවෙලා කියල මට පේනේනේ නැහැ. අපේ මන්ත්‍රීවරයෙක් මහ මග අමානුෂික ලෙස මරා දැමුවා. හරිනම් මේ දේවල්වලට කොමිෂන් සභාවක් පත්කරල විමර්ශනය පවත්වන්න ඕනේ.

පොලීසිය පවා මේ දේවල්වලට කොටුකරගත්තෙ ඒවා මෙහෙයවපු අය නෙමෙයි. සැබෑ අපරාධකරුවෝ තාමත් ඉන්නේ නිදැල්ලේ. එහෙම උනත් ඔබ ඇතුළු ජනතාව ඉදිරියේ ඒ වෙස්මූණු දැනටම ගැලවිලා ඉවරයි. මේ ප්‍රශ්න අපි අනාගතයේ දවසක් සාධාරණව විසඳගන්නවා කියන පණිවිඩය මම අද ඔබ හමුවේ තබනවා. ආර්ථික වශයෙන් අද ජනතාවට විශාල පීඩනයක් තියෙනවා. බඩුමිල වැඩියි. ජල විදුලි ගාස්තු වැඩියි. මේ භාණ්ඩ හා සේවාවල මිල අඩුකරගන්න අපි හැකිතාක් උත්සාහ කරන්න ඕනි. හැබැයි ඒ අතරෙම රටට ඉදිරියට යන්න අවශ්‍ය වටපිටාව අපි සකස් කරලා දෙන්න අවශ්‍යයයි. එහෙම නැත්නම් මීට වඩා අමාරු තැනකට රට ගමන් කරනවා. ඒකට අපි ඉඩ තැබිය යුතු නැහැ. මේ රටේ ජනතාවට විශ්වාස කළ හැකි ප්‍රතිපත්ති තුළින් අපි අපේ පක්ෂයේත් රටේත් අනාගතය ගොඩනගමු. ජනතාව බලාපොරොත්තුවන පිරිසිදු දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමති සියලුදෙනාට අපි අපේ පක්ෂය හා එක්වන්නැයි ආරාධනා කරමු. විවේචනවලට ඉඩ දීලා ඔප්පු කළ හැකි යථාර්ථය වෙනුවෙන් අපි පෙළ ගැසෙමු.

ව්‍යාජ දේශපාලනය වෙනුවට අව්‍යාජ දේශපාලනය ජනගත කරමු. ඔබ රට වෙනුවෙන් කරන ඒ කැපකිරීම් දිනෙක ඉතිහාසගත වනතුරු අපි වැඩකරමු. රටේ අනාගත අභිලාෂයන් සාක්ෂාත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔබ සැමට එකාවන්න පෙළ ගැසෙන්නැයි අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබත් සමඟ මේ රට අභිමානවත් රටක් ලෙස ලෝකය ඉදිරියට ගෙනයන වැඩපිළිවෙල මගහැරුණු තැනින් නැවත පටන් ගන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් කැපවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සාමාජිකත්වය ගෞරවයෙන් සිහිපත් කරන අතර, අපේ පක්ෂය දින දින දිනේවා! යැයි ප්‍රාර්ථනා කරනවා”

– Media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෆුට් බයිසිකලයක් නොතිබුන අයට රෝද හතරේ වාහන අරන් දුන්නේ අපයි - මහින්ද
ෆුට් බයිසිකලයක් නොතිබුන අයට රෝද හතරේ වාහන අරන් දුන්නේ අපයි - මහින්ද
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgod27gKCrd-gvajZaGHfeaYAzUo6byIbpOpEZHUZHUrjRTh5oPpVNdRZJ30B-_R2o8e6-Xoz_KukWB3iVsS6iClWVGGISsFFTQ8gwz5RItz2F0NJ0Yuny_Xh4mMKaHLNl4dz7nzulNkOEvpeGqldwsx8Zqlf4kSoPnC_J6p8ZsnZX-v4RMHlmJRJbcs5Do/s320/Mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgod27gKCrd-gvajZaGHfeaYAzUo6byIbpOpEZHUZHUrjRTh5oPpVNdRZJ30B-_R2o8e6-Xoz_KukWB3iVsS6iClWVGGISsFFTQ8gwz5RItz2F0NJ0Yuny_Xh4mMKaHLNl4dz7nzulNkOEvpeGqldwsx8Zqlf4kSoPnC_J6p8ZsnZX-v4RMHlmJRJbcs5Do/s72-c/Mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_68.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/12/blog-post_68.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy