උඩුගම හෝමදොළවත්තේ පදිංචි 18 හැවිරිදිවියේ පසුවන අවිවාහක තරුණියක් දරුවකු ප්‍රසුත කිරිමෙන් පසු එම බිළිදා නාන බේසමකට දමා උදරයේ ඇති රෝගි තත්ව...
මෙම තරුණිය දරුවකු ප්‍රසුති කොට ඇති බව රෝහලේ වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇත.
ඒ පිළිබඳව විමසිමේ දි අලුත් උපන් බිළිදා නාන කාමරයේ බේසමකට දමා පැමිණ බව තරුණිය සදහන්කොට තිබේ.
පසුව උඩුගම රෝහලේ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය විසින් මෙකී තරුණියගේ නිවසට ගොස් බිළිදා රෝහලට රැගෙන විත් ඇති අතර ඒ වනවිටත් බිළිදා මියගොස් ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කාන්තාව උඩුගම රෝහලේ ප්‍රථිකාර ලබන අතර මෙය මළදරු උපතක්ද නැතිනම් බිළිදා බේසමට දැමිමෙන් පසු මියගොස් ඇද්ද යන්න පිළිබද උඩුගම පොලිසිය පරික්ෂණ පවත්වයි.
-ලලිත් චාමින්ද
COMMENTS