දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“උඹට වැඩිකල් ඉන්න දෙන්නේ නැහැ දවස් හතකට කලින් උඹව මරනවා – දකුණම කැළඹූ ඇමැති චානකගෙ මාමණ්ඩි ඝාතනයේ සුලමුල
Homeප්‍රවෘත්ති

“උඹට වැඩිකල් ඉන්න දෙන්නේ නැහැ දවස් හතකට කලින් උඹව මරනවා – දකුණම කැළඹූ ඇමැති චානකගෙ මාමණ්ඩි ඝාතනයේ සුලමුල

PropellerAds

දකුණේ පාතාලය යළි හිස ඔසවමින් සිටී. ඒ බව මැනවින් පෙනෙන්නේ පසුගිය සතියේ සිදු කළ වෙඩි තැබීම් නිසාය. පොලිසිය, විශේෂ කාර්ය බළකාය, අපරාධ කොට්ඨ...

"මාව ඝාතනය කරන්න හදලා දවස් තුනක් ගියා - පොලීසිය නිහඬයි" - වඩිවේල් සුරේෂ්
‘නාමල්ට - අමිත්ට පොහොට්ටුවෙන් නාම යෝජනා දෙන්නේ නෑ’
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද රහස් පොලිසියට
දකුණේ පාතාලය යළි හිස ඔසවමින් සිටී. ඒ බව මැනවින් පෙනෙන්නේ පසුගිය සතියේ සිදු කළ වෙඩි තැබීම් නිසාය.

පොලිසිය, විශේෂ කාර්ය බළකාය, අපරාධ කොට්ඨාසය සහ බුද්ධි අංශ ඇතුළු වෙනත් විමර්ශන අංශ කොතෙකුත් ක්‍රියාත්මක වුවද තුවක්කුකරුවන් ඒ ගැන කිසිසේත් නොසලකමින් තම ඉලක්කය කරා යන බව ඉකුත්දා සිදු වූ වෙඩි තැබීම්වලින් මනාව පැහැදිලිය.

ඉකුත් මස 23 වැනිදා ගාල්ල ක්‍රිකට් සමාජයේ උප සභාපති ලලිත් වසන්ත මෙන්ඩිස් නාඳුනන තුවක්කුකරුවන් අතින් ඝාතනය වීමත් සමඟ දකුණු පාතාලය යළි කැලඹීමකට පත්ව ඇති බව මැනවින් පෙනෙන්නට තිබේ. ඊට හුදෙක්ම හේතුව වන්නේ ඝාතනයට ලක්වූ තැනැත්තා දකුණු පාතාලයේ වැඩකරුවකු වන රත්ගම විදුර නමැත්තාගේ හිතවතකු වීමයි. පොලිසිය මේ වන විට කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ බළපිටිය, කොස්ගොඩ හා අම්බලන්ගොඩ ප්‍රදේශවල කලක් තිස්සේ සිය ආධිපත්‍ය පතුරුවාගෙන සිටි කොස්ගොඩ සුජී නම් පාතාල කෙරුමාගේ මෙහෙයවීම මත ලලිත් වසන්ත මෙන්ඩිස් නමැත්තා ඝාතනය වී ඇති බවයි.

කොස්ගොඩ සුජී ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මෙම ඝාතන මෙහෙයවන අතර ඔහුගේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරිකයා, ඉතාලියේ ජීවත්වන රත්ගම විදුර, සුජීට එරෙහිව මේ වන විට සටන් වැද සිටී.

මේ දෙපාර්ශ්වය නිසා අහිමි වූ ජීවිත ගණන බොහෝමයකි.

කෙසේ වෙතත් මේ වන විට රත්ගම විදුර සමඟ දකුණු පාතාලයේ කෙරුම්කාරයන් කිහිපදෙනකු එකතු වී සිටින අතර කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය සමඟ ගැටෙමින් විදුර දකුණේ බලය සිය අතට ගැනීමට දැඩි වෙහෙසක් දරයි.

කලක් නිහඬව සිටි මෙම දෙපාර්ශ්වය මෑතකදී එකිනෙකාගේ කණ්ඩායම්වල සාමාජිකයන්ට වෙඩි තැබීමටත් ඔවුන් ඝාතනය කිරීමටත් උත්සාහ ගැනීම නිසා විදුරත්, සුජිත් අතර බද්ධ වෛරයක් ඇතිවී ඇති අතර දෙපාර්ශ්වය අතර සිදුවන මිනිස් ඝාතනවල නතර වීමක් ඒ දක්නට නැත.

මෙම බද්ධ වෛරය යළි ඇරඹෙන්නේ ඉකුත් මැයි 26 වැනිදා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ඉලක්ක කරගෙන නාඳුනන තුවක්කුකරුවන් සිදු කළ වෙඩි තැබීමක් සමඟිනි. යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන්, ස්කූටි යතුරුපැදියකින් ගමන් කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කළද ඔහු වෙඩි පහර කාගෙන සිය යතුරුපැදියෙන්ම අම්බලන්ගොඩ පොලිසිය තෙක් ගොස් ජීවිතය බේරාගෙන තිබේ.

වෙඩි ප්‍රහාරය ඔහුගේ උදරයේ පිටුපසට එල්ල වී තිබූ අතර අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් නියෝජ්‍ය විදුහල්පතිවරයා රෝහලට ඇතුළු කළ අතර වෙඩි පහරින් ඔහුගේ ජීවිතයට හානියක් වී නොතිබිණි.

පසුව කළ විමර්ශනයේදී හෙළි වූයේ වෙඩි වැදුණු නියෝජ්‍ය විදුහල්පතිවරයා දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජීගේ මාමා කෙනකු බවය. ඔහු සුජීට සමීප සිටි අයෙකි.

මෙම වෙඩි ප්‍රහාරය ඩුබායිහි රැඳී සිටි කොස්ගොඩ සුජීට එල්ල කළ තර්ජනයක් වූ අතර ඊට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සුජී සැලසුම් සකස් කරන්නට වූයේ, මාමා ඝාතනයේ කිරීම සඳහා එල්ල කළ ප්‍රහාරය තම ප්‍රතිවිරුද්ධ කල්ලි නායක රත්ගම විදුර විසින් මෙහෙයවන ලද්දක් බවට දැනගත් හෙයිනි.

ජුනි 17 වැනිදා නාඳුනන තුවක්කුකරුවන් විසින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයකු වන දුලාජ් සුරංග නමැත්තා ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ සුජීගේ ක්‍රියාවට ප්‍රතිප්‍රහාරයක් ලෙසිනි. දුලාජ් මෙවර පළාත් පාලන මැතිවරණයට රත්ගම ප්‍රාදේශීය සභාවෙන් නාමයෝජනා භාරදී සිටින අයෙකි.

ඉකුත් ජුනි 17 වැනිදා ඔහු සිය කළු පැහැති කැබ් රියෙන් සීනිගම දේවාලය අසලට ගොස් තිබුණේ තරුණියක මුණ ගැසීමේ අරමුණෙනි. සීනිගම දේවාලය අසල මාර්ගයේ කැබ් රිය නතර කර එම තරුණියට දුරකථන ඇමැතුමක් දී ඇය එනතුරු කැබ් රියට වී සිටි දුලාජ් සමීපයට ඒ මොහොතේ පැමිණියේ නාඳුනන තුවක්කුකරුවන් රැගත් යතුරුපැදියකි.

යතුරුපැදියේ පිටුපස අසුනේ සිටි පුද්ගලයා සිය ඉණට අත යවමින් කුමක්දෝ ගන්නට උත්සාහ දරන අයුරු පැති කණ්ණාඩියෙන් සුටු දුලාජ් තමන්ට ඇති වූ සැකය මත රථය පණගන්වා ඉදිරියට ගියේය. ඒ සමඟම යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා දුලාජ්ගේ රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර වෙඩි පහර කාගෙන දුලාජ් සිය රථය හික්කඩුව පොලිසිය තෙක් ධාවනය කර තිබිණි. හික්කඩුව පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් දුලාජ් රෝහල්ගත කළ අතර ඔහුගේ ජීවිතයට හානියක් සිදු නොවිණි.

විමර්ශන ඇරඹූ හික්කඩුව පොලිසිය දුලාජ්ගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් අතර එම විමර්ශනයේදී අනාවරණය වූයේ දුලාජ් නමැත්තා දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන රත්ගම විදුරගේ මස්සිනා කෙනෙක් බවකි. දුලාජ් විවාහ වී සිටියේ විදුරගේ නැඟණියක් සමඟිනි.

ඒ අනුව දිගින් දිගටම සිදු කළ දීර්ඝ විමර්ශනයේදී හෙළි වූයේ දුලාජ් ඝාතනය කිරීම සඳහා වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඩුබායිහි සිටින කොස්ගොඩ සුජීගේ කොන්ත්‍රාත්තුවකට අනුව බවකි.

එමෙන්ම දුලාජ් හමුවීමට ගිය මධූ නමැති තරුණිය ලවා දුලාජ් සීනිගම දේවාලය අසලට ගෙනැවිත් ඇත්තේ කොස්ගොඩ සුජීගේ උපදෙස් මත බවත්ය. ඒ දුලාජ් ඝාතනය කිරීමේ අදහසිනි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ නිලධාරීන් දුලාජ් මුණගැසීමට ගිය මධූ නමැති තරුණිය සොයා ගියද ඇය ඒ වන විටත් විදේශගතව සිටීම විමර්ශනයට ගෙන දුන්නේ මහත් බාධාවකි.

තම මස්සිනා ඝාතනය කිරීමට ගත් උත්සාහය ඉතාලියේ සිටින රත්ගම විදුරට ඒ සිද්ධිය වූ සැණින් සැලවී තිබිණි. ආරවුල දිග් ගැස්සුණි. මස්සිනා මරන්නට තැත් කිරීමත් සමඟ රත්ගම විදුරගේ රතු කට්ට පැන ගිය අතර ඊට ප්‍රතිප්‍රහාර දීමට විදුර ඉතාලියේ සිට සැලසුම් සකස් කරන්නට විය. සුජීටද මේ බව දැනී තිබිණි.

නියෝජ්‍ය විදුහල්පති මාමා වෙඩි තබා ඝාතනය කිරීමට රත්ගම විදුර ගත් උත්සාහයත් ඊට ප්‍රතිප්‍රහාර ලෙස සුජී විසින් විදුරගේ මස්සිනා මරන්නට ගත් උත්සාහයත් සමඟ තවත් මිනිස් ඝාතන කිහිපයක් කොයි මොහොතේ හෝ සිදුවන බව අම්බලන්ගොඩ, හික්කඩුව හා රත්ගම ප්‍රදේශවල පිරිස් හොඳින් දැන සිටි අතර පොලිසිය මෙන්ම විශේෂ කාර්ය බළකාය තුවක්කුකරුවන් ගැන දැඩි අවධානයෙන් පසුවිණි. දුලාජ් ඝාතනය කිරීමට උත්සාහ කර දින හතරකට පසු කොස්ගොඩ ප්‍රදේශයෙන් තවත් වෙඩි තැබීමක් පොලිසියට වාර්තා විණි. ඒ ජුනි 21 වැනිදා අලුයම් කාලයේදීය. වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයකු මිය ගිය අතර ඔහු කොස්ගොඩ සුජීගේ ඥාති සොහොයුරකු වූ රන් මහත්තයා නමැත්තෙකි. එක්දරු පියෙක් වූ රන් මහත්තයා විවාහයෙන් වෙන් වී කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ තනිවම ජීවත් විය.

21 වැනිදා අලුයම 5.30ට පමණ පුද්ගලයකු නිවෙස ඉදිරිපිට ගේට්ටුව අසලට පැමිණ රන් මහත්තයාට කතා කර ඇති අතර පැමිණ ඇත්තේ කවුදැයි බලන්නට ගේට්ටුව විවර කළ රන් මහත්තයාට එසේ හමුවීමට පැමිණි පුද්ගලයා එල්ල කළේ වෙඩි වරුසාවකි.

සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹුවේ කොස්ගොඩ පොලිසිය විසිනි. අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි අමරසිරිගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්ද විමර්ශනවලට අවතීර්ණය අතර එම විමර්ශනයේදී අනාවරණය වූයේ රන් මහත්තයා ඝාතනය කිරීම රත්ගම විදුරගේ වැඩක් බවය.

කෙසේ වෙතත් රන් මහත්තයා විදුරගේ උපදෙස් මත ඝාතනය වූයේ ඔහුගේ මස්සිනා වූ දුලාජ් සීනිගම දේවාලය අසලදී ඝාතනය කිරීමට තැත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බවද විමර්ශනයේදී සැකපළකර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ විමර්ශනයේදී රන් මහත්තයා ඝාතනය කිරීම සඳහා තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය ඊට පසුදිනම කොස්ගොඩ මහ ඉඳුරුව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී නිලධාරීන් විසින් සොයා ගෙන තිබිණි. එමෙන්ම යතුරුපැදිය අසල තිබී කාන්තා ඇඳුමක්ද හිස්වැසුමක්ද නිලධාරීන්ට සොයා ගත හැකි වූ අතර විමර්ශනයේදී ලැබුණු හෝඩුවාවන් අතර රන් මහත්තයා ඝාතනයට පැමිණි තුවක්කුකරු කාන්තා ඇඳුමකින් සැරසී සිටි බවටද නිලධාරීන්ට අනාවරණය කරගත හැකිවිණි.

සුජීගේ ධන පරිත්‍යාගයෙන් සෑම පොහෝ දිනකම ප්‍රදේශයේ දන්සලක්ද පවත්වාගෙන ගිය රන් මහත්තයා සුජීව සමීපව ඇසුරු කළ ඥාතියෙකි. මේ නිසා රන්මහත්තයා ඝාතනය කිරීම කොස්ගොඩ සුජීට ඉහිලුම් නොදෙන්නක් වූ අතර ඊට ‘රිටන්’ එක දීමට සුජී දත කෑවේ රත්ගම විදුරට මතක හිටින පාඩමක් ඉගැන්වීමේ අටියෙනි. ඒ බව රත්ගම විදුරද හොඳින් දැනගෙන සිටි අතර ඔහුද තම මස්සිනාව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සුජීගේ හිතවතුන් පසුපස පන්නමින් සිටින්නට විය.

මේ අතරතුර ඉකුත් සැප්තැම්බර් 18 වැනිදා රත්ගම පොලිසියට 119 හදිසි ඇමැතුම් අංශය හරහා තොරතුරක් ලැබිණි.  ඒ අත්පා ගැටගසා ඝාතනය කළ පුද්ගලයකුගේ මළසිරුරක් රත්ගම කළපුවේ පාවෙමින් ඇති බවකි.

සිද්ධිය සැලවීමත් සමඟ රත්ගම පොලිසිය නිලධාරීන් සහ රත්ගම විශේෂ කාර්ය බළකා නිලධාරීන් කැඳවා රත්ගම කළපුව වෙත ගොස් සිද්ධිය නිරීක්ෂණය කළ අතර, අතපය ගැට ගැසූ තරුණයාගේ සිරුරේ කැපුම් තුවාලද දක්නට ලැබිණි. ප්‍රදේශවාසීන්ගේ තොරතුරු මත මරා දැමූ පුද්ගලයා ගෝනපීනුවලගේ ෂෙහාන් නිලංග නමැති තරුණයකු බව නිලධාරීන් අනාවරණය කරගන්නා ලදී. නිලංගගේ මරණය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළි වූයේ ඉකුත් 17 වැනිදා නිවෙසින් පිටව ඔහු රත්ගම හෝටලයකට පැමිණ ඇත්තේ මිතුරන් සමඟ මත්පැන් සාදයකට බවකි. කෙසේ වෙතත් සාදය පැවැති මොහොතේ නිලංගට ලැබුණු දුරකථන ඇමැතුමක් සමඟ ඔහු ජංගම දුරකථනයෙන් කතා බස් කොට හෝටලයෙන් පිටව ගොස් ඇත්තේ මිතුරන්ටද නොකියමිනි.

කෙසේ වෙතත් සිය සැමියාගේ දුරකථනයෙන් ප්‍රතිචාර නොලැබූ තැන ඔහුගේ බිරිය නිලංගගේ මිතුරකුට කතා කොට නිලංග ගැන සොයා බලන ලෙස දැනුම් දුන්නද ඔහුටද නිලංග සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොලැබිණි. නිලංග පළමු කසාදයෙන් වෙන්වී සිටි අතර දෙවැනි වරට ඔහු විවාහ වූයේ උපකාරක පන්ති ගුරුවරියක සමඟිනි.

කෙසේ වෙතත් පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය පැති කිහිපයක් ඔස්සේ විමර්ශන ඇරඹූ අතර නිලධාරීන්ගේ සැකය ඔහුගේ පළමු බිරිය සහ ඥාතීන් වෙත යොමුවිණි. එහෙත් ඉන් නිලංගගේ ඝාතනය ගැන කිසදු හෝඩුවාවක් නොලැබිණ.

මේ අතර නිලංග වෙන කාන්තාවන් සමඟද සමීප ඇසුරක් පවත්වා ඇති බවත් රත්ගම විදුරගේ මස්සිනා වූ දුලාජ් හමුවීමට යන මධූ නමැති කාන්තාවද නිලංගගේ හිතවතියක් බවත් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනාවරණය කරගෙන තිබිණ. ඒ වනවිට මධූ කොටු කරගැනීමට රත්ගම විදුරගේ පාර්ශ්වය උත්සාහ දරමින් සිටි අතර ඇය එලෙස කොටුකර ගැනීමට හේතුවූයේ දුලාජ් සීනිගම දේවාලය අසලට කැඳවීමට ඇයද සහය ලබාදුන් තැනැත්තියක් වූ හෙයිනි.  එහෙත් මධූ සොයාගත නොහැකි වූ තැන විදුරගේ පාර්ශ්වය නිලංග ඉලක්ක කර ගත්තේද යන සැකයද විමර්ශන නිලධාරීන්ට ඇති වී තිබිණ. ඒ අනුව පොලිසිය සැක කළේ නිලංගගේ හිතවතකු ලවා ඔහුට දුරකථන ඇමැතුමක් දී ඔහු කිසියම් තැනකට ගෙන්වාගෙන පිරිසක් ඔහු පැහැරගෙන ගොස් අතපය ගැට ගසා පහර දී මරා සිරුර රත්ගම කළපුවට දමන්නට ඇති බවකි. නිලංගගේ ඝාතනයත් සමඟ දකුණු පාතාලය යළි කැලඹුණු අතර නිලංගගේ ඝාතනය බැර වූයේ රත්ගම විදුරගේ ගිණුමටය.

කෙසේ වෙතත් නිලංග මරා කළපුවේ දමා ගත වූයේ දින පහකි. විදුලිබල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ මාමණ්ඩිය වූ කෝටිපති ව්‍යාපාරිකයකු වන ලලිත් වසන්ත මෙන්ඩිස් නාඳුනන තුවක්කුකරුවන් 23 වැනිදා රාත්‍රියේ වෙඩි තබා මරා දමන්නේ මුළු ගාල්ලම භීෂණයට පත්කරමිනි. ගාල්ල නගරයේ විශාලතම නිමි ඇඳුම් වෙළෙ¼දසල හිමි ඔහු මරා දමන විට ගාල්ල ක්‍රීඩා සමාජයේ උප සභාපති ලෙසද ක්‍රියා කරමින් සිටියේය.

මෙම ඝාතනයත් සමඟ ආරක්ෂක අංශද කැලඹිණි. ගාල්ල නගරය සහ ඒ අවට ආරක්ෂක සැලැස්මක්ද ක්‍රියාත්මකව තිබූ අතර එස්.ටී.එෆ්. බුද්ධි, අපරාධ කොට්ඨාස, ඩී.සී.ඩී.බී. ක්‍රයිම් බ්‍රාන්ච් සියල්ලම සිටියදී නාඳුනන තුවක්කුකරුවන් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් ඝාතකයන් ආරක්ෂක අංශ තඹ සතේකටවත් මායිම් නොකර ඇති බවත් කොතරම් ආරක්ෂකයන් යොදා සිටියද ඝාතකයන් ඔවුන්ගේ ඉලක්කවලට යන ආකාරය මෙම වෙඩි තැබීමෙන් පෙන්නුම් කෙරෙන බවත් විමර්ශන නිලධාරීන්ට වැටහිණි.

යතුරුපැදියක නැඟී ව්‍යාපාරිකයාගේ මෝටර් රථය පසුපස හඹා ආ ඝාතකයන් ටී. පනස් හයේ උණ්ඩ 15ක් නිකුත් කර මෙම වෙඩි තැබීම සිදු කර තිබූ අතර එම වෙඩි තැබීම කොස්ගොඩ සුජීගේ ගිණුමට බැරවී තිබේ. ඊට හේතුව වූයේ මරා දැමූ ව්‍යාපාරිකයා පාතාල කල්ලි නායක රත්ගම විදුර නමැත්තා සමීපව ඇසුරු කළ අයෙක් වන හෙයිනි.

තම ඥාතීන් හා මිතුරන් මරා දමමින් රත්ගම විදුර නමැත්තා කුලී තුවක්කුකරුවන් යොදමින් කරන වෙඩි ප්‍රහාරවලට ‘රිටන්’ එක ලෙස කොස්ගොඩ සුජී මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර ඇතැයි මේ වනවිට කරන ලද විමර්ශනවලදී නිලධාරීන්ගේ සැකය වී තිබේ.

මේ අතර විමර්ශන නිලධාරීන්ට තවත් හෝඩුවාවක් ලැබිණි. ඒ රත්ගම ඕවකන්දේ තරුණයකු රිය අනතුරකින් මියගිය සිද්ධියට පළිගැනීමක් ලෙස ලලිත් වසන්ත ඝාතනය වූ බවකි. ලලිත් වසන්ත ඝාතනය සඳහා සැලසුම් සකස් කර ඇත්තේ ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයකු බවත් ඔහු කොස්ගොඩ සුජී සමඟ එක්ව ලලිත් මෙන්ඩිස් මරා දමා ඇති බව එම සැකසහිත හෝඩුවාවන්වලින් කියැවිණි.

මේ සෑම හෝඩුවාවක්ම ප්‍රතික්ෂේප නොකරන බව කී විමර්ශන නිලධාරීන් ඒ ඔස්සේ එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් කිහිපයක් පත් කර ඇතැයිද විමර්ශන භාර උසස් පොලිස් නිලධාරියෙක් කියයි.

ගාල්ල පොලිසිය, ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, මාතර අපරාධ කොට්ඨාසය, ගාල්ල සහකාර පොලිස් අධිකාරි කුමාර කුලරත්නගේ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කිහිපයක්ද මෙම විමර්ශනය සඳහා යොදවා ඇති අතර සීසීටීවී කැමරා නිරීක්ෂණය කරමින් පෞද්ගලික ඔත්තුකරුවන් යොදවමින් බුද්ධි නිලධාරීන්ගේ සහායෙන් විමර්ශන සිදුවුවද සිකුරාදා රාත්‍රිය වනතුරු ලලිත් වසන්ත මෙන්ඩිස් ඝාතනය කළ තුවක්කුකරුවන් ගැන කිසිදු හෝඩුවාවක් කිසිදු විමර්ශන අංශයකට සොයා ගැනීමට නොහැකි වී තිබිණි.

කෙසේ වෙතත් නොයෙක් හෝඩුවාවන් පසුපස පන්නමින් විශේෂ කාර්ය බළකා නිලධාරීහු ඝාතකයන් කොටු කර ගැනීමට මහත් වෙහෙසක් දරති.

අතපය ගැටගසා පහර දී ඝාතනය කොට රත්ගම කළපුවට දමා තිබූ නිලංග නමැත්තා මීට දින කිහිපයකට පෙර ලලිත් මෙන්ඩිස්ගේ ගාල්ලේ පිහිටි නිමිඇඳුම්හලට ගොස් සිටියදී එහි ඇති වූ ආරවුලක් මත රෙදිපිළි ව්‍යාපාරිකයා මොහුට පහර දී රෙදිපිළි ආයතනයෙන් පන්නා දැමූ බවත් ඒ මොහොතේ නිලංග ව්‍යාපාරිකයාට තර්ජනය කරමින් “උඹට වැඩිකල් ඉන්න දෙන්නේ නැහැ. දවස් හතකට කලින් උඹව මරනවා” යනුවෙන් පැවැසූ බවට තොරතුරක්ද විමර්ශන නිලධාරීන්ට ලැබී තිබේ.කෙසේ වෙතත් එම තොරතුරු සත්‍ය තොරතුරක්ද යන්න මෙතෙක් තහවුරු වී නැතත් ඒ ඔස්සේ විමර්ශන සිදුකෙරන බව කියයි. ඒ දින හතට කලියෙන් නිලංගගේ සිරුර රත්ගම කළපුවේ පාවීම එම තර්ජනයේ ප්‍රතිඵලයක්ද යන සැකයද නිලධාරීන්ට මේ වනවිට ඇති වී තිබේ.

නිලංග මරා දැමුවාට ‘රිටන්’ එක ලෙස කෝටිපති ව්‍යාපාරිකයා කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයෙන් ඝාතනය කර ඇත්තේ රත්ගම විදුරට හොඳටම රිදවන්නට බවට සැක කරන බවද විමර්ශන නිලධාරීහු පවසති.

රත්ගම විදුරගේ සමීපතමයකු බව කියන මෙම කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයෙන් මුළු දකුණම කැලඹී තිබේ. කොයි මොහොතේ හෝ ඊට ‘රිටන්’  එක ලැබෙන බව ප්‍රදේශවාසීහු හොඳින් දනිති.

ඝාතනයට ලක්වූ මෙම ව්‍යාපාරිකයා මරා දමන්නට දින කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබූ බව මාධ්‍යද වාර්තා කර තිබිණි.

රත්ගම විදුර නමැත්තාට අයත් බව කියන ගාල්ල නගරයේ පිහිටි තට්ටු 12ක ගොඩනැඟිල්ලක් “නීති විරෝධී වත්කම් සෙවීමේ” කොට්ඨාසය විසින් මීට පෙර තහනම් කිරීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ව්‍යාපාරිකයා ඊට මැදිහත් වී තමන්ද බැංකු ණය රැගෙන එම ගොඩනැඟිල්ලට වියදම් කර ඇති බව පවසා ගොඩනැඟිල්ල තහනම් කිරීම නතර කරගෙන ඇති බවද මාධ්‍ය වාර්තා පළ කර තිබිණ. කෙසේ වෙතත් මොහුට කිසිවකුගේ මරණීය තර්ජන ඇති බවට කිසිදු පැමිණිල්ලක් පොලිසියට ලැබී නැති අතර මොහුගේ ඝාතනය හේතුවෙන් රත්ගම විදුරගේ පාර්ශ්වය සහ මොහුගේ හිතවතුන්, සමීපතමයන්, මිතුරන් දැඩි කැලඹීමට පත්ව සිටිති.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධයෙන් ආධාර අනුබල දුන්නවුන් සහ තුවක්කුකරුවන් කොටු කර ගැනීම සඳහා ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ සහ ගාල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත විමර්ශන කණ්ඩායම් 6ක් ක්‍රියාත්මක වේ. ඒ අතර විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය මත ගාල්ල විශේෂ කාර්ය බළකා සහකාර පොලිස් අධිකාරි කුමාර කුලරත්න මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කිහිපයක්ද ඝාතකයන් සොයා විමර්ශන සිදු කරමින් සිටිති.

කීර්ති මෙන්ඩිස්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “උඹට වැඩිකල් ඉන්න දෙන්නේ නැහැ දවස් හතකට කලින් උඹව මරනවා – දකුණම කැළඹූ ඇමැති චානකගෙ මාමණ්ඩි ඝාතනයේ සුලමුල
“උඹට වැඩිකල් ඉන්න දෙන්නේ නැහැ දවස් හතකට කලින් උඹව මරනවා – දකුණම කැළඹූ ඇමැති චානකගෙ මාමණ්ඩි ඝාතනයේ සුලමුල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEin4qlFLezbioaiy0WcWky3CbGCelK8qUZwv-SCi3d10wjp5LM-1p_pK0Ezh9qdey_hHn4ZLreUY7dlj1T61iDMEloiWf_YnINBxj5Fq3UpOkb5_VpvWxWcUNZxFA2I4rcaXphQRW1IcSAQKT1UeeOXg026YULXrLz_1XFVe8Q7OhySPyp3BK0wHBONpSYq/s320/lalith-wasantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEin4qlFLezbioaiy0WcWky3CbGCelK8qUZwv-SCi3d10wjp5LM-1p_pK0Ezh9qdey_hHn4ZLreUY7dlj1T61iDMEloiWf_YnINBxj5Fq3UpOkb5_VpvWxWcUNZxFA2I4rcaXphQRW1IcSAQKT1UeeOXg026YULXrLz_1XFVe8Q7OhySPyp3BK0wHBONpSYq/s72-c/lalith-wasantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy