දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික අක්ෂි බැංකුව හොර ගුහාවක්? දන් දුන් ඇස් විකුණලා?
Homeප්‍රවෘත්ති

ජාතික අක්ෂි බැංකුව හොර ගුහාවක්? දන් දුන් ඇස් විකුණලා?

PropellerAds

ජාතික අක්ෂි රෝහල තුළ සමාජ සත්කාර  මුවාවෙන් වසර 2011දී  ආරම්භ කළ අක්ෂි බැංකුව මේ වන විට විවිධ තැරැව්කරුවන් කෝනියා(Cornea) පෞද්ගලික රෝහල් වෙ...

ගෝටා 57%යි.. සජිත් 37%යි.. බුද්ධි අංශ වාර්තාව ජනපති අතට…
බෙල්ලෙ වැල දාගන්න මං සූදානම්..- සජිත්
ශ‍්‍රීපාදයේ ඝණ්ඨාරය ගෝටා හොරකම් කලාද.. ?
ජාතික අක්ෂි රෝහල තුළ සමාජ සත්කාර  මුවාවෙන් වසර 2011දී  ආරම්භ කළ අක්ෂි බැංකුව මේ වන විට විවිධ තැරැව්කරුවන් කෝනියා(Cornea) පෞද්ගලික රෝහල් වෙත සහ විදේශීය රටවල් වෙත අලෙවි කරමින්  මුදල් උපයන ආයතනයක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ  ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ආයතනය පිහිටුවීම සඳහා අනුමැතිය දි ඇත්තේ කවුරුන්ද යන්න පැහැදිලි වීමක් නැති අතර මෙය පාර්ලිමේන්තු පනතකින් හෝ විශේෂ චක්‍රලේඛයක් මගින් ආරම්භ කර ඇද්ද යන්න පිළිබඳ කිසිදු සටහනක් නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේ නමුත් මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගේ කැමැත්ත මත මිය පුද්ගලයන්ගෙන් ලබා ගන්නා (Cornea)  මෙම  බැංකුවට  පරිත්‍යාග කරනුයේ එය ආර්ථික අපහසුතා ඇති අක්ෂි රෝගීන්ට  නොමිලේ ලබා දීමේ අරමුණ ඇතිව බව අමාත්‍යංශ  ප්‍රකාශයකු පැවසුවේය.

කෙසේ නමුත් කිසිදු නීත්‍යනුකූල අවසරයකින් තොරව රජයේ රෝහල පරිශ්‍රයක් තුළ මෙවැනි අක්ෂි බැංකුවක් පිහිටුවීම සහ ව්‍යාපාර කටයුතු කිරීම  සම්බන්දයෙන් අක්ෂි බැංකුවේ කළමණාකරු ඇතුළු පාර්ශ්වයන්ගේ රෝහල් අධ්‍යක්ෂවරයා නිදහසට කරුණු විමසා ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

කරුණු විමසීමේ ලිපිය පසුගිය 2023.06. 26   අදාල පාර්ශ්වයන් වෙත යොමු කළ   නමුත් ඊට  අවශ්‍ය පිලිතුරු ලබා දීම සම්පූර්ණයෙන්ම සිදුකර නොමැති බැවින් සිහිකැදවීමේ  ලිපියක්ද පසුගිය 2023.06.13 වන දා                         නිකුත් කර ඇත.

සිහිකැඳවීමේ  ලිපිය තුළ පහත සදහන් කරුණු සඳහන් වේ.   

මෙම අක්ෂි බැංකු ආරම්භ කිරීමට අනුමැතිය ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳවත් එහි දැක්ම, මෙහෙවර සහ අරමුණ කෙසේද යන්න පිළිබඳ වාහාම පැහැදිලි කිරීම

මෙය පිහිටුවීමට පනතක් හෝ චක්‍රලේඛයක් තිබෙන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු වහාම ඉදිරිපත් කිරීම


ජාතික අක්ෂි බැංකුවේ දැනට සේවය කරන නිලධාරින් සහ එම නිලධාරීන්ට අදාල තනතුරු පිළිබඳ තොරතුරු කවරේද යන්න පිළිබඳ හා එම තනතුරු ඇති කිරිමට බලය ලබා දුන්නේ කවරෙක්ද යන්න පිළිබඳවත් අදාල පක්වීම් ලිපිවල පිටපත් සහිතව  ඉදිරිපත් කීරීම   

තවද අක්ෂි බැංකුවේ සේවය කරන නිලධාරීන් සදහා ගෙවන ලද වැටුප් අතිකාල දිමනා ගෙවීම සදහා අනුමැතිය ලබා දුන් ලිපිය පිළිබඳ තොරතුරු

 ඉහත සඳහන් කළ ප්‍රශ්න කිරිම්වලදී නිසි ලෙස පිළිතුරු නොලැබුණු බැවින්  2023.06.13 වන දින සිහිකැදවීමේ ලිපියද අධ්‍යක්ෂවරයා විසින් යොමු කරන ලද බව අමාත්‍යංශය ප්‍රකාශයෙකු පැවසුවේය. මේ අනුව සිහිකැඳවීමේ ලිපිය තුළ

 සමාජ සත්කාරයක් ලෙස හුවා දක්වමින් ආරම්භ කල අක්ෂි බැංකුවට පරිත්‍යාගයන් ලෙස ලබා දෙන  කෝනියා (Cornea) ලබා දෙන පරිත්‍යාගන් පෞද්ගලික අංශය වෙත හෝ විදේශීයරටවල් වෙත මුදලට අලෙවි කළේ කාගේ අනුමැතියක් ඇතිවද යන්න පිලිබදව


කෝනියා ඒකකයක් අලෙවි කිරීමට බලය හා අනුමැතිය ලබාදුන් ලිපිය හා ඒවා පෞද්ගලික රෝහල් වෙත සහ විදේශීය රටවල් වෙත අලෙවි කර උපයා  ගත් ආදායම කොපමණ යන්න පිළිබඳ ප්‍රශ්න කර ඇත.

එසේම වසර 2011 සිට 2023 මැයි 31  දක්වා කාලය තුළ උපයා ගත් ආදායව සහ මිලදී ගත් අමුද්‍රව්‍ය වෙනුවෙන් වැය කළ මුදල කවරේද යන්න පිළිබඳ කරුනු විමසා තිබේ.

 මේ සම්බන්ධයෙන් ලංකාසර ජාතික අක්ෂි බැංකුවේ කළමනාකාර මාරසිංහ මහතාගෙන් කළ විමසුමකදි ඔහු සඳහන් කළේ රෝහල් අධ්‍යක්ෂවරයා තමා කැඳවා ජාතික  අක්ෂි  බැංකුව සම්බන්ධයෙන් කිසිදු කරුණක් නොවිමසු බවත් එසේ විමසුවද ආයතන ප්‍රධානියාගේ අවසරයකින් තොරව  තමාට මාධ්‍යවෙත් අදහස් ප්‍රකාශ නිරිමට නොහැකි බවත්ය.

අක්ෂි බැංකුව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේද යන්න පිළිබඳ හෝ තමා නොදන්නා බවත් හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් මෙම සමාජ සත්කාර ආයතනය එදා මෙදා කාලය තුළ කිසිදු ව්‍යාපාරික කටයුත්තක් සිදුකර නොමැති අතර සිදුකර ඇත්තේ සමාජ මෙහෙවරක් පමණක්  බවද හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.
-ශ්‍රියානි විජේසිංහ
lankasara

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික අක්ෂි බැංකුව හොර ගුහාවක්? දන් දුන් ඇස් විකුණලා?
ජාතික අක්ෂි බැංකුව හොර ගුහාවක්? දන් දුන් ඇස් විකුණලා?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8aRBAr8O5UisEuUoeYZNNdSgJFhhXz5iXm5BjlTnQDVAIEKmRQSYmsyTSIb0pRGTENxNIB_pLWb87rO4th_yZNmfhMwXof_UuT3yapRzjIom72QloMHf3d1exMZa2_nh2s3ARVS-P8a4P9ukEeXgFyRfeDlS1XoWv63lO4ABK6bVftmvID5X6n2HKUZeA/s320/akshi.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8aRBAr8O5UisEuUoeYZNNdSgJFhhXz5iXm5BjlTnQDVAIEKmRQSYmsyTSIb0pRGTENxNIB_pLWb87rO4th_yZNmfhMwXof_UuT3yapRzjIom72QloMHf3d1exMZa2_nh2s3ARVS-P8a4P9ukEeXgFyRfeDlS1XoWv63lO4ABK6bVftmvID5X6n2HKUZeA/s72-c/akshi.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy