දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිනේෂ් සහ බැසිල් අතර හමුවක්! අයවැයෙන් ගන්නා ජනතා සහන ගැන කතිකාවක්!
Homeප්‍රවෘත්ති

දිනේෂ් සහ බැසිල් අතර හමුවක්! අයවැයෙන් ගන්නා ජනතා සහන ගැන කතිකාවක්!

PropellerAds

මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා...

රජයක් හැටියට අපි යුතුකම ඉටු කළා, ඉන්දියාවේ මිනී පුච්චාගන්න බැරුව ඉන්නවා, මෙහේ එහෙම නෑ - රෝහිත
බෝගම්බර කොරෝනා පොකුරක්.. රැදවියන් 49%කට ආසාදිතයි..
මෙරට ලක්‍ෂ 120කට කොරා්නා හැදෙනවා.. 120,000ට වඩා මිය යනවා..- සෞඛ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කියයි - (video)
මහජන එක්සත් පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහ අඩු ආදායම්ලාභී ජනතාවට ඉදිරි අයවැයේදී සුබසාධන හා සහන සැලසීම සඳහා වැඩි වශයෙන් ප්‍රතිපාදන වෙන්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට ඔවුන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ අතර පවත්වා ඇති අතර, කොළඹ පැවති සාකච්ඡාව පැය කිහිපයක් පුරාවට පවත්වා ඇති බව සඳහන්.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාව හා අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි වඩාත් සහන සලසන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා යෝජනා කර ඇති බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය, සන්ධානගත දේශපාලනයේ දායකත්වයන්, ජනතා සුබ සාධන පහසුකම්, ජීවන බර හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, රාජ්‍ය ආයතනික තීන්දු තීරණ ගැනීමේදී වෘත්තීය සමිති සහ සේවකයන් සමඟ ඇතිවිය යුතු කතිකාවන්, ආයතන ප්‍රතිව්‍යුහගතකරණයේ ගැටලු, සේවක අයිතිවාසිකම්, අස්වැසුම හා සමෘද්ධි සහනාධාරය පිළිබඳව ඇති ගැටලු, ඖෂධ ගැටලුව ඇතුළු සෞඛ්‍ය සේවයේ පවතින ගැටලු, මැතිවරණ ක්‍රමය, තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු අණපනත් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව කෙමෙන් අඩු කිරීමට නීතියෙන් නියම වී ඇති නිසා සමෘද්ධි සහනාධාරය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු ඇති බවද පක්‍ෂ දෙකේම නියෝජිතයන් අවධාරණය කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, සංජීව එදිරිමාන්න යන මහත්වරුන් මෙන්ම මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස ජයවර්ධන යාපා, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, දේශපාලන මණ්ඩල සභිකයන් වන විජය රත්නායක, මහානාම සමරනායක යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිනේෂ් සහ බැසිල් අතර හමුවක්! අයවැයෙන් ගන්නා ජනතා සහන ගැන කතිකාවක්!
දිනේෂ් සහ බැසිල් අතර හමුවක්! අයවැයෙන් ගන්නා ජනතා සහන ගැන කතිකාවක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEit4YekTAidMcCquAaKjRPqQUAZjlwTf3UPeVTwqCjP8e0v4PsWTX8UWdkOuOymgzKPR6D0nA6NmHcKmETbn4WRftVj6wPjjDMpRuHZ-fbXu3iPDryOp__LOuLMTWS8tlLsV-Vro2U1YzohqWZcNzO6YX7Xk9HD8ukRfAIlq5JFhF8RT0XOVoYpFE75tKJ0/s320/Basil_and_Dinesh.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEit4YekTAidMcCquAaKjRPqQUAZjlwTf3UPeVTwqCjP8e0v4PsWTX8UWdkOuOymgzKPR6D0nA6NmHcKmETbn4WRftVj6wPjjDMpRuHZ-fbXu3iPDryOp__LOuLMTWS8tlLsV-Vro2U1YzohqWZcNzO6YX7Xk9HD8ukRfAIlq5JFhF8RT0XOVoYpFE75tKJ0/s72-c/Basil_and_Dinesh.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_92.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/09/blog-post_92.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy