රටක් ලෙස ජයග්‍රහණයක් ලබා ගත් විට, වැසිකිලි නැති සංඛ්‍යාව, නූගතුන් සංඛ්‍යාව, කුල ගැටුම්වලින් පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව ආදිය පිළිබඳව පෙන්වා...
පාර්ලිමේන්තුවේදී ඉන්දියාව සඳ තරණය කළ හතරවැනි රට බවට පත්වීම පිළිබඳව සිය ප්‍රණාමය පුද කරමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.
“සඳ තරණය සඳහා ඉන්දියාවට බිලියන ගණනක ධනස්කන්ධයක් වැය වන විට, ‘වැසිකිලි නැති මෙච්චරක්, දුප්පතුන් මෙච්චරක්, කුල ගැටුම් නිසා පීඩාවට පත්වූ මෙච්චරක්, නූගතුන් මෙච්චරක් ඉන්නවා’ යැයි කියමින් ඒ සතුට අඩපණ කරන සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරපුර තුළ නැහැ. අපි ඒ ගැන ආඩම්බර වෙනවා. ඉන්දියාවේ තරුණ පරපුර මොන කුලයේ, ගෝත්‍රයේ, වර්ගයේ වුවත් තමන්ගේ ජාතික කොඩිය සහ ජාතිකත්වය සමග පුදුමාකාර හැඟීමකින් ඉන්නවා.
එසේ කවර හෝ අඩුපාඩු පදනම් කරගනිමින් කාලකන්නි ගැරහීමට ඔවුන් ගිහින් නැහැ. ඒ සඳහා ඉන්දියානු සිනමාව මහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ‘අපේ තරුණ පරම්පරාවත් එය ඉන්දියාවෙන් ඉගෙන ගත යුතුයි’ කියා අවධාරණය කරමින් සඳ තරණය කළ ලෝකයේ 4 වැනි රටට, අපේ අසල්වැසියාට අපේ ප්‍රණාමය සහ ගෞරවය පුද කර සිටිනවා.”
මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ

COMMENTS