සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වොක්ෂෝලි විදියේ ...
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වොක්ෂෝලි විදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරීයට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාළවය.
එම වරෙන්තුව විවෘත වරෙන්තුවක් ලෙස නිකුත් කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අත්අඩංගුවට පත් අසේල සම්පත් මහතා කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS