දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි!
Homeප්‍රවෘත්ති

මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි!

PropellerAds

ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුවක් සිදු වූ බවත් බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් වැනි මිහින්තලා පුදබිමට රජය සිදු කළ මේ නින්දිත දුර්දා...

"මහ මැතිවරණයෙන් පස්සේ මහින්ද සිරිසේනව සතපහකට ගණන් ගන්නේ නෑ" - මරික්කාර්
ජනපතිගේ නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා ‍පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට
"තනි රජයක් පිහිටුවීමට මෙවරත් හැකියාවක් ලැබෙන්නේ නෑ" - සම්බන්ධන්
ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුවක් සිදු වූ බවත් බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩක් වැනි මිහින්තලා පුදබිමට රජය සිදු කළ මේ නින්දිත දුර්දාන්ත ක්‍රියාව තරයේ හෙළා දකින බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති මොහොතක එම උත්තරීතර නීතිය පවා උල්ලංඝනය කරමින් රජය සිදු කළ මෙම පහත ක්‍රියාව තරයේ හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයත් සමගි බෞද්ධ උපදේශන කමිටුවත් එකට එකතු වී මේ පිරිවැය ගරු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද උපදෙස් මත දැරීමට තීරණය කළ බවත් රජය විසින් සිදු කළ මේ ක්‍රියාව පරාජය කළ යුතු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති අරමුදලින් හෝ බුද්ධසාසන අරමුදලින් මේ මුදල් පියවීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය.

මෙරට ගොඩගන්න නම් ව්‍යවසායකත්වට මුල්තැන දිය යුතු බවත් වෙළෙඳපොළ බලවේග හරහා නිර්මාණය වන ප්‍රාග්ධන සම්පත අවහිරයකින් බාධාවකින් තොරව නිදහස් වෙළෙඳපොළ ආර්ථික බලවේග තුළ නිර්මාණය විය යුතු බවත් ඒ සදහා මානුෂීය ධනවාදී ප්‍රතිපත්තිය හෙවත් මැද මාවත හරහා ඉඩකඩ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මානුෂීය ධනවාදය තුළ වෙළෙඳපොළ බලවේග සදහා ධන උත්පාදනයට අවස්ථාව ලබා දෙනවා සේම මෙහි දී ඇති වන විෂමතා බෙදීම් මගහරවා ගෙන දුකට පත් අයත් ශක්තිමත් කර වැඩ කරන ජනතාවට සාධාරණ නීති රාමුවක් තුළ සේවය කළ හැකි සේවක සුරක්ෂිතභාවය මෙන් ම තමන්ගේ මහන්සියට නිසි වේතනයක් ලැබිය යුතු බවත් ඒ සදහා කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

නිදහස් වෙළෙඳපොළ බලවේගවලට පමණක් මෙරට කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම ලබා දිය නොහැකි බවත් මෙකී මැදමාවත තුළ නිදහස් පෞද්ගලික ව්‍යවසායකත්වයට උපරිම තැන ලබා දී ප්‍රග්ධන උත්පාදනය කළ හැකි බවත් පැවසීය. ආණ්ඩුවලට තනිවම ව්‍යාපාර කළ නොහැකි බැවින් ඒ සඳහා පෞද්ගලික ව්‍යවසාය යොදා ගත හැකි බවත් එසේ උත්පාදනය කරන ධනය සැමට සාධාරණව සමානව බෙදිය හැකි ලෙස භාවිත කළ යුතු බවත් එය සමගි ජන බලවේගයේ එකම අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අන්ත සමාජවාදය තුළවත් අන්ත කොමියුනිස්ට් වාදය තුළවත් රටක් සෞභාග්‍ය කරා ගෙන යා නොහැකි බවත් එය මිත්‍යාවක් බවත් පෞද්ගලික ව්‍යවසායකත්වය සහ මානුෂීය ධනවාදය රටක ධන උත්පාදනයට අත්‍යාවශ්‍ය බවත් එසේ නිපදවන ධනය ඇති හැකි අයට මෙන්ම නැති බැරි අයටත් සමසේ බෙදිය හැකි මානුෂීය ධනවාදී ක්‍රමය වඩාත් සාර්ථක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමගි සේවක සංගමයේ අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි. දේශපාලන පක්ෂයකට අයත් වෘත්තීය සමිතියක සමාජ සුබසාධන වැඩසටහනක් ප්‍රථම වතාවට ක්‍රියාත්මක වීමක් ලෙස මෙය හැදින්විය හැකි යි.


මෙරට සමහර කම්කරුවා රකින නීති රීති සහමුලින්ම විනාශ කරන යුගයක් උදා වි ඇති මේ මොහොතේ කම්කරුවාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් එහි එක් වැඩසටහනක් ලෙස වැඩ කරන ජනතාවගේ සුබසාධනය උදෙසා මෙම ඓතිහාසික වැඩපිලිවෙළ ආරම්භ කරන බවත් මේ තුළින් මෙරට වැඩ කරන ජනතාව වෙනුවෙන් කට වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද කටයුතු කරන්නේ සමගි ජන බලවේගය බව ඔප්පු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අමාරුවේ වැටුණ රට ගොඩගන්නවා කියන රටේ ජල ගාස්තුව පවා වැඩි කර ඇති බවත් මේ රටේ ජනතාව යම් කිසි ප්‍රේඩාවකින් රවටා මෙසේ ජල බිල සියයට 50කින් වැඩි කිරීම ජන පීඩක අත්තනෝමතික ක්‍රියාවක් ලෙසත් මෙසේ ජනතාවගේ කරපිට බර පටවා රට ගොඩ ගත හැක්කේ කෙසේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


හෙට අනිද්දා දින ගෑස් මිලත් වැඩි වූ පසු ජනතාව කබලෙන් ලිපට වැටෙන බවත් රජයට ජනතාව ගැන කිසිදු හැගීමක් නොමැති බවත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා රජය උල්ලංඝනය කර ඇති බවත් මෙය ජනතා විරෝධී ජන ඝාතක ආණ්ඩුවක් ද කියා සැකයක් මතුවන බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙසේ වැඩිකල ජල බිල අඩුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි!
මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaLY7xTqwG29JhLv8K_Z9r0ijrkFDCsdP3Xw44IO-tZHu2hNeVMNYxAn21poSJ0gyed-1V0qq6DRN_w5tWrIuoZkuD6lBrIECHI98ZQ32FeXBboHhT7gOYjdgwaXDZWkyfx5XhMD9CAIPrbfgHEBOdKF8GL5lQ0uL98x25ZvmzdfDwBgThzAtWaRkGL1Io/s320/sajith.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjaLY7xTqwG29JhLv8K_Z9r0ijrkFDCsdP3Xw44IO-tZHu2hNeVMNYxAn21poSJ0gyed-1V0qq6DRN_w5tWrIuoZkuD6lBrIECHI98ZQ32FeXBboHhT7gOYjdgwaXDZWkyfx5XhMD9CAIPrbfgHEBOdKF8GL5lQ0uL98x25ZvmzdfDwBgThzAtWaRkGL1Io/s72-c/sajith.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_49.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_49.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy