2019 සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය සංවිධාන පහකට පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ කතෝලික සභ...
එක්සත් තව්හීත් ජමාත් (UTJ), ලංකා තව්හීත් ජමාත් (CTJ), ශ්‍රී ලංකා තව්හීත් ජමාත් (SLTJ), සමස්ත ලංකා තව්හීත් ජමාත් (ACTJ) සහ ජමියතුල් අන්සාරි සුන්නතුල් යන සංවිධාන පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කොට තිබූ අතර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මෙම තහනම ඉවත් කරන ලදී.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු මහතා Morning පුවත්පතට අදහස් දක්වමින් කියා ඇත්තේ පුළුල් අධ්‍යයනයකින් තොරව එකී සංවිධානවලට පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණය ජනතාවට කරන අපහාසයක් බවයි.
“මෙම සියලුම සංවිධාන රජය විසින් තහනම් කරනු ලැබුවේ අදාළ විමර්ශන ආයතනවල සොයාගැනීම් මතයි. ඔවුන්ගෙන් රටට තර්ජනයක් නැති බව දැන් රජය දන්නේ කෙසේද? ඔවුන්ගේ සාමාජිකයන් අවම වශයෙන් පුනරුත්ථාපනය කර තිබේද? සිවිල් යුද සමයේදී ඇතැම් සංවිධානවලට පනවා තිබූ තහනම වසර හත අටක දීර්ඝ අධ්‍යයනයකින් පසුව ඉවත් කළා. කෙසේ වෙතත්, ඊට අදාළ නඩු තවමත් ක්‍රියාත්මක වන විටත්, සැකකරුවන් තවමත් අත්අඩංගුවේ පසුවන විටත්, මෙම සංවිධානවල තහනම ඉවත් කිරීමට රජය ඉක්මන් වන්නේ ඇයි?” ඔහු විමසුවේය.

COMMENTS