අද (10) රාත්‍රී 9.00 වන විට කොට්ඨාස 75 % ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රක...
අද (10) රාත්‍රී 9.00 වන විට කොට්ඨාස 75 % ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි
ඡන්ද විමසීමේ කාලය තුළ කිසිදු බරපතල සිදුවීමක් වාර්තා නොවන බවත් නොනිල වාර්තා අනුව ඡන්ද ප්‍රකාශ කිරීම 65% ක් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පශ්චාත් මැතිවරණ කාල සීමාව සාමකාමි ව ගත කරන්න ලෙස ඔහු ඉල්ලා සිටියේය.
හෙට දවල් 12.00 වන විට සමස්ත ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට හැකි වන බවට ඔහු විශ්වාසය පල කළේය.
අද සවස 6.30 පමණ වන විට පළමු මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කොට්ඨාස 4990 ක ඡන්ද මධ්‍යස්ථාන 9000 ක පමණ ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.
“දිශානතිය“ මැතිවරණයට එහා ගිය පුංචි ඡන්දයේ විවරණය අද(10) රාත්‍රී 10.00 සිට ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඔස්සේ සජීවි විකාශය බලාපොරොත්තුවන්න
COMMENTS