2018 පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලය එසැණින් ගෙන ඒමට ඒෂියන් මිරර් අප සියලු කටයුතු සූදානම් කර තිබේ. සියලු තොරතුරු අප වෙබ් අඩවිය, ජ...
2018 පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලය එසැණින් ගෙන ඒමට ඒෂියන් මිරර් අප සියලු කටයුතු සූදානම් කර තිබේ.
සියලු තොරතුරු අප වෙබ් අඩවිය, ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවිඩ පුවත් සේවාව සහ අප නිල ෆේස් බුක් පිටුව ඔස්සේ ගෙන ඒමට මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර අවසන්.
පළාත් පාලන ඡන්ද විමසීමේ සියලුම උණුසුම් තතු ඔබ වෙත ගෙන ඒම සඳහා ඒෂියන් මිරර් කණ්ඩායම සහ සියලු දිස්ත්‍රික් ආවරණය කරගනිමින් ප්‍රාදේශීය වාර්තාකරුවන් මේ වන විටත් සූදානම් වී අවසන්.
ඒ සමගම මැතිවරණ ප්‍රතිඵල විකාශයට එහා ගිය වෙබ් මාධ්‍යකරණයේ නවමු අත්දැකීමක් ගෙන එමින් පුංචි ඡන්දයේ මැතිවරණ විග්‍රහය “දිශානතිය“ නමින් සජීවි වැඩසටහනක් අද(10) රාත්‍රී 10.00 සිට ඒෂියන් මිරර් වෙබ් අඩවිය ඔස්සේ විකාශය කිරීමට නියමිතය.
“දිශානතිය“ සජීවි වැඩසටහනට සම්පත්දායකයින් ලෙස දේශපාලන විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය හර්ෂ බී. අබේකෝන් මහතා, සමාජ විශ්ලේෂක, මාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතා සහභාගී වේ.
නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රචාරය ඡන්ද විමසීම ආරම්භ වූ මොහොතේ සිට අවසාන ඡන්ද ප්‍රතිඵලය දක්වාම සියලු තොරතුරු ගෙන ඒමට අප සූදානම්.
එමෙන්ම ඔබ භාවිත කරන ඩයලොග්, මොබිටෙල් හා එටිසලාට් යන ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ ඒෂියන් මිරර් කෙටි පණිවිඩ පුවත් සේවාව මඟින් ද ඡන්ද විමසීමේ සියලු තොරතුරු මෙන්ම ප්‍රතිඵල ද ඔබ වෙත ගෙන ඒමට මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර තිබේ.
COMMENTS